මුහුණටම කියන බොරු හඳුනාගැනීම හරිම පහසුයි!

සමාජයේ මිනිසුන් හා ගණුදෙනු කරන විට අකමැත්තෙන් වුවත් අපට ඔවුන්ගේ බොරු සමඟද ගනුදෙනු කිරීමට සිදුවනවා. කුඩා දරුවන් බොරු කියන විට හඳුනාගැනීම පහසුයි. එහෙත් වැඩිහිටියන් එසේ කරන විට ඒවා සමඟ ගනුදෙනු කිරීම තරමක් අපහසු විය හැකියි.ඒ ඔවුන්ගේ සැබෑ අරමුණු මොනවාද යන්න හඳුනා ගැනීමට යම් කාලයක් ගත වන නිසා.

ඔබ ඇසුරු කරන කිසිවෙකු ඔබට පවසන්නේ බොරු යැයි හැඟීමක් ඇති වී තිබෙනවාද? එසේ නම් එම පුද්ගලයාගේ හැසිරීම පහත දෑ හා සසඳා බලන්න. ඔහු හෝ ඇය පිලිබඳ ඔබට ඇති හැඟීම නිවැරදිදැයි යම්තාක්දුරට හෝ තහවුරු කරගැනීමට ඔබට හැකිවේවි.

fb-like-beg


  • ඔවුන් චාටු බස් තෙපලන බොහෝ අවස්ථාවල ඔවුන් පිලිබඳ පැවසීම ඉතාම අඩුවෙන් සිදු කරනවා. ඒ වෙනුවට වෙනත් දෑ ගැන උදාහරණ ලෙස වෙනත් පුද්ගලයන්, අවස්ථා ආදිය ගැන පැවසීම තමයි ඔවුන් සිදු කරන්නේ.

  • ඔවුන් බොහෝ විට අදහස් දක්වන්නේ ඉතාම සෘණාත්මකව. බොරු කීම පිලිබඳ ඔවුන් තුළ ඇති වරදකාරී හැඟීම එයට හේතු වනවා.

  • බොරු කියන විට එයට අදාළ කාරණය ගැන හැකිතාක් සරලව විස්තර කිරීමටද ඔවුන් පෙළඹෙනවා. කාරනා සංකීර්ණ වන තරමට බොරුව ගොතා ගැනීම අපහසු වීම ඊට හේතුව බව පැවසිය හැකියි.

  • බොරු කියන කාරණය හැකිතාක් සරලව විස්තර කිරීමට පෙළඹුනත් ඒ සඳහා අනවශ්‍ය වචන, දිගු වාක්‍ය, අනවශ්‍ය විස්තර ආදිය යොදාගැනීමද බොරු කීමේදී දැකිය හැකි සුලබ දෙයක්.


බොරුකාරයන් ගැන කතාව එහෙම වුණත් ඉහලින් කියා තිබෙන දේවල් සෑම කෙනෙකුටම එකසේ අදාළ නොවන බවත් පැවසිය යුතුයි. කෙසේ නමුත් පැවසිය යුත්තේ බොරු කියනවාට වඩා සත්‍ය තත්වයම ප්‍රකාශ කිරීමට පෙළඹෙනවානම් සමාජයේ හැසිරෙන විට මුහුණ දීමට සිදුවන බොදු අපහසුදායක තත්වයන් මග හරවා ගත හැකි බවයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY