බඳින්න කලින් රුධිර පොරොන්දම බලන්න

විවාහ වෙන්න කලින් ගොඩක් දෙනා පොරොන්දම් එහෙම ගලපනවා. ඒ විදිහට ගලපගන්න ඕනි ඉතාම වැදගත් තවත් පොරොන්දම් වර්ගයක් තමා රුධිර පොරොන්දම කියන්නේ.හැබැයි මේ පොරොන්දම හඳහනේ නම් නෑ. එහෙනම් මොකක්ද ඒ??

fb-like-beg


අපි හැමෝම දන්නවා රෝග වර්ග කොටස් දෙකකට බෙදෙනවා.

1.බෝ වන රෝග
2.බෝ නොවන රෝග.

තැලසීමියාව වැටෙන්නේ උඩ කොටස් දෙකෙන් බෝ නොවන රෝග කියන කොටසට.කෙනෙකුගෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ නෑ.මේක වැළඳෙන්නේ උපතින්.රුධිරගත රෝගයක්.ඇතිවෙන්නේ දෙමව්පියන්ගේ ජාන හරහා.

තැලසීමියා රෝගීන් වැඩිපුර වාර්ථා වෙන්නේකුරුණෑගල,නුවර,බදුල්ල,අනුරාධපුර දිස්ත්‍රික්ක වල.එතනිනුත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන රෝගීන් ප්‍රමාණය සාපේක්ෂව ඉහලයි.

තැලසීමියාවේදී වෙන්නේ රුධිරයේ තිබෙන රතු රුධිරානු බිදී විනාශ වී යාමක්.රතු රුධිරානු රතු පාටක් ගන්නේ ලේ වල තියෙන හිමොග්ලොබින් නිසා.හිමොග්ලොබින් වල ග්ලෝබින් කියන ප්‍රෝටීන් එක නිපදවීම අඩාල වෙලා තමයි රතු රුධිරානු වල බිඳීම සිද්ධ වෙන්නේ.මේක ජාන වලින් ඇති වෙන රෝගී තත්වයක්.
අපේ පැරැන්නෝ “ලේ වතුර වෙනවා” කියලා කිව්වෙත් මේ තැලසීමියාවටම තමයි.


තැලසීමියාවෙත් කොටස් දෙකක් තියෙනවා.ඒ තමයි දුබල තැලසීමියාව හා ප්‍රබල තැලසීමියාව.

අපි තැලසීමියා රෝගීන් කියලා අදුනගන්නේ මේ ප්‍රබල තැලසීමියාව තියෙන අය.දුබල තැලසීමියාව තියෙන අය එහෙම අඳුනා ගන්න බෑ.එයාලත් මේ සමාජයේ අපි වගේම එදිනෙදා වැඩ කටයුතු කරගෙන අපි වගේම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා.

තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවෙක් බිහිවෙන්න එකම හේතුව තමා තැලසීමියා රෝග වාහකයන් දෙදෙනෙකු අතර ඇතිවෙන විවාහය. තැලසීමියාව බෝ නොවන රෝගයක්. එතකොට තැලසීමියාව දරුවට සම්ප්‍රේෂණය වෙන්නේ මවගෙයි, පියාගෙයි ජාන වලින්.

බොහෝ දෙනාට තිබෙන ප්‍රශ්නයක් තමයි දරුවාගේ මවට හරි පියාට හරි මේ ලෙඩේ තියෙනවානම් එයාලා මැරෙන්නේ නැද්ද කියලා. ඔවුන් රෝග වාහකයෝ. ඔවුන් කරන්නේ ලෙඩේ ඊළඟ පරපුරට දෙන එක.


එහෙම වෙන්නේ මෙහෙමයි.

මිනිසා නිර්මාණය වෙන්නේ ප්‍රමුඛ ජානයි නිලීන ජානයි කියන දෙකේ සංයෝගයකින්.තැලසීමියා රෝග වාහකයා වෙන්නේ නිලීන ජාන.මේ රෝග වාහක අම්මා කෙනෙකුගෙයි හරි තාත්තා කෙනෙකුගෙයි එකතුවෙන් හැදෙන්නේ රෝගී දරුවෙක්.

එතකොට අම්ම හරි තාත්තා හරි දෙන්නගෙන් එක්කෙනෙක් රෝග වාහකයෙක් කියන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනක් හොඳයි අනිත් කෙනා නරකයි.එතකොට උපදින දරුවා රෝග වාහකයෙක් මිසක් රෝගියෙක් නෙවෙයි.

ඒ නිසා කොයි කවුරුත් බඳින්න කලින් රුධිර පරීක්ෂාවක් කරගත්තොත් හොඳයි.ඕනෑම රජයේ රෝහලකින් මේ පරීක්ෂණය කරගන්න පුළුවන්.සතියක් වගේ කාලයක් ඇතුලත් ප්‍රතිඵල ලබා දෙනවා.
මේ තියෙන්නේ තැලසීමියා පොරොන්දම.

av09120621-2

මේකේ හරිත පත කියන්නේ රෝග වාහකයෙක් නොවන කෙනාට.රෝස පත කියන්නේ රෝග වාහකයාට.

කෙටියෙන් කිව්වොත් රෝස පත් තියෙන දෙන්නෙක් විවාහ වුනොත් එයාලට ලැබෙන දරුවෝ තැලසීමියා රෝගීන් බවට පත්වෙනවා.හරිත පත් තියෙන දෙන්නෙක්ට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ.එක්කෙනක්ට  රෝස පත හිමි වෙලා අනිත් කෙනාට හරිත පත හිමිවුනොත් ඒකත් ප්‍රශ්නයක් නෑ.


තැලසීමියා රෝග ලක්ෂණ

  • ඇස් කහපාට වීම

  • රතු රුධිරානු විනාශ වීම නිසා සුදුමැලි වීම

  • වර්ධනය බාල වීම

  • ප්ලීහාව හා අක්මාව ඉදිමීම නිසා උදරය ඉදිරියට නෙරා ඒම

  • පහසුවෙන් රෝග වලට ගොදුරු වීම

  • ඇට මිඳුලු ප්‍රසාරණය වීම නිසා අස්ථි කැඩීමකට භාජනය වීම

මේ වෙනකොට මේ ලෙඩේ හොඳ කරන්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා.ඒ තමයි ස්ටෙම් රුධිර සෛල (Stem Cell) බද්ධය.මේ සෛල ලබාගන්නේ දරු ප්‍රසූතියේදී ඉවත් කරන වැදෑමහෙන්.අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල් මේ ක්‍රමය අනුගමනය කරනවා.දරු ප්‍රසූතියේදී ඉවත් කරන වැදෑමහ සංරක්ෂණය කරනවා දරුවට මේ වගේ ලෙඩක් හැදුනොත් ප්‍රයෝජනයට ගන්න.මේ ස්ටෙම් සෛල බද්ධයෙන් තැලසීමියාව විතරක් නෙවෙයි ලේ පිළිකා පවා නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියලා තමයි වෛද්‍යවරු කියන්නේ.

ඒත් මේ ප්‍රතිකාර ක්‍රමය සඳහා ස්ටෙම් සෛල රුධිර බැංකුවක් වගේම වෛද්‍ය මද්‍යස්ථානයකුත් පිහිටුවන්න ඕනි.අපේ රටේ මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නෑ දරන්න වන අති විශාල වියදම නිසා.

ඉතින් ඒ නිසා අපේ රටේ කරන්නේ තැලසීමියාව වැළඳුණ කුඩා දරුවන්ගේ ජීවන අපේක්ෂාව ටිකක් වැඩි කරන්න විටින් විට රුධිර පාරවිලයනය කරන එක.ඒ කියන්නේ ලේ දෙන එක,එහෙම කලාම ලේ වල තියෙන යකඩ අක්මාව,ප්ලිහාව වගේ ඉන්ද්‍රියන් වල තැන්පත් වෙලා ඒවා අක්‍රිය වෙනවා.ඉතින් ඒක වලක්වා ගන්න වෙනම ප්‍රතිකාර කරන්න ඕනි.මේ ක්‍රමයටත් විශාල වියදමක් දරන්න රජයට සිද්ධ වෙනවා.

ඒ වගේම මේ ලෙඩේ වැඩිපුර පැතිරිලා තියෙන දිස්ත්‍රික්ක වල විශේෂයෙන් වයඹ පළාතේ මේ ගැන දැනුවත් කරන්න ජාතික තැලසීමියා මද්‍යස්ථානයෙන් විශාල වෙහෙසක් වගේම වියදමක් දරනවා.

ඒත් කණගාටුදායක කාරණය තමයි මද්‍යස්ථානය භාරව ඉන්න ප්‍රධාන වෛද්‍ය නිලධාරි තුමා කියන විදිහට කොච්චර දැනුවත් කිරීම් කලත් රෝගීන්ගේ ප්‍රතිශතය තාම අඩු වෙලා නෑ කියන එක.

ඒ නිසා විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබ විවාහයට ප්‍රථම ලඟම ඇති රජයේ රෝහලෙන් නොමිලේම මෙම රුධිර පරීක්ෂාවක් කර ගැනීම ඉතාම වැදගත්.

SHARE

NO COMMENTS

LEAVE A REPLY