බලු සුරතලා රැක බලා ගන්නා අතරම නිවස පිරිසිදුව තබාගන්නේ මෙහෙමයි!

සුරතලාට නිසි ලෙස ව්‍යායාම කරවීම

නිසි ලෙස ව්‍යායාම කරවූ පසු බලු සුරතලා බොහෝ විට කරන්නේ සුව සේ නිදාගැනීම, විවෙකයෙක් කාලය ගෙවීම හෝ ඔහුගේ සෙල්ලම් බඩු හා කාලය ගත කිරීමයි. වෙහෙසට පත් වී සිටින නිසා දුව පැන දඟලන්නට ඔහු පෙළඹෙන්නේ නැහැ. සුරතලාට දිනිකට කොපමණ වාරයක් ව්‍යායාම කළ යුතුද යන්න ඔහුගේ උස, බර, සෞඛ්‍ය තත්වය ආදී කරුණු මත තීරණය වෙනවා.

සුරතලාගේ සෙල්ලම් බඩු නිතර පිරිසිදු කිරීම

විෂබීජ පැතිරීම වැලක්වීමට මෙමගින් සිදුවනවා. එය සුරතලාගේ සෞඛ්‍යට මෙන්ම නිවැසියන්ගේ සෞඛ්‍යයටද එක සේ වැදගත් වනවා. ඒවා සබන් යොදා උණුසුම් ජලයෙන් සෝදා තෙත මාත්තු කිරීම වඩා සුදුසුයි.

සුරතලාගේ හැසිරීම රටාව හැඩ ගැස්වීම

උදාහරණයක් ලෙස නිවසින් පිටතට ගොස් පැමිණි වහාම ඔහුට ස්නානය කරවීමට පිළියෙළ කර ඇති ස්ථානය වෙත යාමට පුරුදු කරවීම දැක්විය හැකියි. මෙයින් නිවස අපිරිසිදු වීම වැළකෙන අතර සුරතලාගේ සෞඛ්‍යටත් හිතකරයි.

fb-like-beg


ස්නානය කිරීම ප්‍රියජනක දෙයක් බවට සුරතලාට ඒත්තු ගැන්වීම

ඇතැම්විට සුරතලා ස්නානය කිරීමට මැලි බවක් දක්වනවා විය හැකියි. එවන් අවස්ථාවක ඔහුගේ ප්‍රියතම සෙල්ලම් බඩු (උදා: බෝලය) ආදිය යොදාගැනීම මගින් ස්නානය කිරීමට ඔහුව පොළඹවාලීමට ඔබට හැකියි.

නිවසේ බිම සඳහා පා පිස්න මෙන්ම පුටු ආදිය සඳහා සුරතලාගේ මවිල් නොරැදෙන ආකාරයට කවර දැමීම

නැවත නැවත සෝදා භාවිතයට ගත හැකි ආකාරයේ පා පිස්න මෙන්ම කපු, කැන්වස් රෙදි වලින් සැකසූ පුටු කවර යොදාගැනීම මගින් සුරතලා නිසා ගෙබිම හා ගෘහ භාණ්ඩ අපිරිදු වීම පාලනය කර ගත හැකියි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY