සංවාද කිරීමේ කලාව

“හොඳ සංවාදකයෙකු සතුව විශාල පරිමාණයේ වචන ගබඩාවක් තිබිය යුතුයි, ඔහු හෝ ඇය අදාළ භාෂාවන් පිලිබඳ ප්‍රවීණතත්වයක් ලබා සිටිය යුතුයි, ඔහුට හෝ ඇයට ඒ සඳහා හොද පළපුරුද්දක් තිබිය යුතුයි.”

සංවාදකයෙකු සතුවිය යුතු ගුණාංග ලෙස බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඉහත ආකාරයේ දෑ වන නමුත් ඒවා සෑම විටම සත්‍ය වන්නේ නැහැ. එපමණක් නොවෙයි හොඳ සංවාදකයෙකු සතුව වේගයෙන් කතා කිරීමේ හැකියාවද තිබිය යුතු නැහැ.

fb-like-beg


එසේමනම් හොඳ සංවාදකයෙකු සතුව තිබිය යුතු ලක්ෂණ මොනවාද?

හොඳ සංවාදකයෙකු සතු ගුණාංග පිලිබඳ විමසීමට පෙර නරක සංවාදකයෙකු යනු කුමන ආකාරයේ අයෙකුයි හඳුනාගෙන සිටීම වැදගත් වෙනවා. බලන්න ඔබත් සංවාද කරන්නේ පහත ආකාරයටද කියා!

  • බොහෝ වෙලා යන තෙක් නොනවත්වා කතා කරන්නෙක්.
  • අන් අය කතා කරන විට අනවශ්‍ය අන්දමින් බාධා කරන්නෙක්.
  • සෑමවිටම අනවශ්‍ය ආකාරයට තර්ක කරන්නෙක්.
  • ඕනෑවට එපාවට, දියාරු පිළිතුරු ලබා දෙන්නෙක්.
  • තමන්ටම කියා මතවාදයක් නොමැති පුද්ගලයෙක්.
  • අශීලාචාර ලෙස කතා කරන්නෙක්.
  • අනවශ්‍ය ආකාරයට ප්‍රශ්න නගන්නෙක්.

fb-like-beg

ඉහත දැක්වෙන ආකාරයේ පුද්ගලයන් සතුව කොපමණ දැනුම් සම්භාරයක් තිබුණත් ඔවුන් කිසිසේත්ම හොඳ සංවාදකරුවන් ඝනයට වැටෙන්නේ නැහැ. විශේෂයෙන්ම සමාජය හා ගණුදෙනු කරන කාන්තාවන් තැනට සුදුසු ආකාරයට වචන හැසිරවීම මෙන්ම සංවාද කිරීමටද හුරු වී සිටීම ඉතාම වැදගත්. එය රැකියා ජීවිතයේ ඉහලට යාමට මෙන්ම පෞද්ගලික ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරගැනීමට මහෝපකාරී වනවා.

තමන් සතුව ඇති කථන කුසලතා වැඩි දියුණු කරගැනීමට උපකාරී වන ආකාරයේ උපදෙස් කිහිපයක් තමයි පහත දැක්වෙන්නේ. මේවා අනුගමනය කිරීම ඉතාම පහසුයි.

මුලින්ම

ඔබ කතා කරමින් සිටින විට කෙටි විරාම ගැනීමට බිය විය යුතු නැහැ. කරමින් සිටින කතාව තත්පර කිහිපයකට නතර කර කරුණු පිළිවෙලකට ගොනු කිරීමෙන් අනතුරුව නැවත කතා කිරීම ආරම්භ කිරීම කළ හැකියි.

දෙවෙනුව

ඔබ දන්නා දේ පිලිබඳ කතා කිරීමට බිය විය යුතු නැහැ. පිරිසක් ඉදිරියේ, විශේෂයෙන්ම නාදුනන කණ්ඩායමක් ඉදිරිපිට කතා කිරීමට සිදු වන විට සුළු තැති ගැන්මක් ඇති වීම ස්වාභාවිකයි. එවන් විටකදී අන් අය පවසන දෑට සාවධානව සවන් දී අදාළ කාරණය පිලිබඳ ඔබගේ මතය ප්‍රකාශ කිරීම සුදුසුයි.

තෙවෙනුව

ඔබ සිටින්නේ ආගන්තුකයන් පිරිසක් සමග නම් ප්‍රථමයෙන්ම සාමාන්‍ය ප්‍රශ්න කිහිපයක් ඇසීම මගින් සංවාදය ආරම්භ කළ හැකියි.

සිව්වනුව

සංවාදයට බඳුන් වී ඇති කාරණය පිලිබඳ අන් අයගේ අදහස් විමසීමද හොඳ සංවාදයකට මග පාදන්නක් බව කිව යුතුයි.

සාමාන්‍ය තත්වයකදී එසේ වුවත් සාදයකදී හා වෙනත් එවන් අවස්ථාවකදී ගැඹුරු මාතෘකාවක්, විශේෂයෙන්ම දේශපාලනය ආදී මාතෘකා පිලිබඳ යම් කිසිවෙකු හා විනාඩි පහකට වඩා කතා නොකිරීමට තරයේ සිතට ගත යුතුයි. එය අනවශ්‍ය ගැටුම් හා සුහදතාවය පළුදු වීමේ සිද්ධීන්ට මග පාදන්නට පිළිවන්.

SHARE

NO COMMENTS

LEAVE A REPLY