අනවශ්‍ය රෝම ඉවත් කිරීමට සුදුසුම ක්‍රමය තෝරාගන්නේ කෙසේද?

නවශ්‍ය රෝම නිසා ඇතිවෙලා තියෙන්නෙත් ලේසි පහසු වදයක් නෙමෙයි. වෙලාවකට ඒකත් මානසික පීඩනයක්. ශරීරයේ ආරක්ශාවට ඒ තරම්ම් වැදගත්කමක් නැති රෝම අපේ ඇඟේ කොයිතරම් තියෙනවද? අපේ ලස්සන සැඟවිලා තියෙන්නෙ මේ රෝම අතරේ වෙන්න පුළුවන්. අතේ, කකුලේ, මුහුණේ, පපුවේ වැවී තිබෙන අනවශ්‍ය රෝම ඉවත් කිරීම එකම ක්‍රමයකට කරන්න බැහැ. මොකද මේ ස්ථාන එකකට එකක් සංවේදීතාවය අතින් වෙනස්. සිරුරේ පැහැය සහ පිරිසිදු බව ඔප්නංවා ගැනීමට රෝම ඉවත් කිරීම කළ යුතුමයි. 

fb-like-beg


පහසුම ක්‍රමය තෝරාගන්න

රෝම වර්ධනය වඩාත් වේගවත් නම් ඒක සමහරවිට අසාමාන්‍ය තත්වයක්. එහෙම වෙන්නෙ ශරීරයේ හෝමෝන අසමතුලිත වූ විට. ඒ නිසා වෛද්‍යවරයෙකු මුණගැසී උපදෙස් ලබාගෙන පහත දැක්වෙන ක්‍රම අතුරින් වඩාත් හොඳම ක්‍රමය තෝරාගන්න ඔබට පුළුවන්.


ලේසියට රේසර්

රෝම ඉවත්කිරීමේදී ලංකාවේ අති බහුතරයක් රේසර් භාවිතා කරනවා. මේ නිසා සම වියලීම, කැලැල් ඇතිවීම, ආසාදන තත්වයන් ඇතිවීම ආදී අතුරු ප්‍රතිඵල වලටත් මුහුණ දෙන්න සිදුවනවා. කෙසේ වුණත් කිහිලි ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම සඳහා රේසරය සුදුසුයි. නමුත් දෑත් සහ දෙපා සම්බන්ධයෙන් රේසරය කිසිසේතම යෝග්‍ය නොවන බව සිහිතබාගත යුතුයි.


වැක්ස් කරන්නත් පුළුවන්

වෙළඳපොලෙන් මිලදීගන්නා වැක්ස් සෘජුවම සම මත ආලේපනය කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම වැක්ස් කරන්න කලින් වැක්ස් කරන ස්ථාන සෝදා පිරිසිදුකරගන්න ඕනෙ. ඊට පස්සෙ වැක්ස් හැන්දෙන් වැක්ස් ක්‍රීම් තවරලා ඒ මත ටේප් පටිය අලවලා අතින් තදකරල උඩ අතට අදිනවා. ආයෙත් ටේප් පටිය වෙන තැනක අලවලා ඒ විදියටම කරනවා. අන්තිමට ටෝනර් සහ අයිස් වතුර ගල්වලා තුවායකින් තෙතමාත්තු කරනවා. වැක්ස් කරපු හම මතුපිට මොයිස්චර්රයිසර් ක්‍රීම් ආලේප කිරීමෙන් සම වියලීම වළක්වාගන්න පුළුවන්.


ක්‍රීම් සහ ලෝෂන්

වැක්ස් කිරීම නිසා සුළු වශයෙන් වේදනාවක් ඇති වීමට පුළුවන්. එයට ප්‍රතිකර්මයක් ලෙස තමයි අනවශ්‍ය රෝම ඉවත් කරන ක්‍රීම් හා ලෝෂන් වර්ග වෙළෙඳපොළ පැමිණෙන්නේ. මෙම ක්‍රීම් වර්ග භාවිතයට පෙර සංවේදීතා පරීක්ෂණය සිදු කිරීම ඉතා වැදගත්වනවා. එමගින් සමේ ආසාදන ඇතිවීම වළක්වාගත හැකියි.


විද්‍යුත් උපකරණ

රෝම ඉවත්කිරීමට පහසු ක්‍රමයක් ලෙස මෙලෙස උපකරණය භාවිතය හදුන්වා දෙන්න පුළුවන්. මෙහි අනතුරුදායක ප්‍රතිඵල විරලයි. මෙම උපකරණය හරහා කේශ මූලය පිළිස්සීමක් සිදුවෙනවා. ඇහි බැම, උඩු තොල්, මුහුණ, නිකට හා අත් පාවල රෝම ඉවත්කිරීමට මෙම උපකරණය වඩාත් යෝග්‍ය වෙනවා.


රේසර් නොකර ලේසර් කරමු

මේ හරහා දිගුකාලීන ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ලේසර් ප්‍රතිකාර නිසා රෝම වල වර්ධන වේගය අඩාල වෙනවා. දිගින් දිගටම මෙලෙස සිදුකිරීම නුසුදුසු වුණත් වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස පෙන්වාදෙන්න පුළුවන්. ලේසර් ප්‍රතිකාර සඳහා යොමුවීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කෙරෙහිත් සැළකිලිමත් වෙන්න ඕනෙ. විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් වලට අනුව පමණක් ලේසර් ප්‍රතිකාර සිදු විය යුතුයි.

අනවශ්‍ය රෝම කියන්නෙ ශරීරයට අවලස්සනක්. අවලස්සනක් විතරක් නෙමෙයි ඒක අපිරිසිදුකමක්ද වනවා. දහඩිය දැමීමේදී මේ අපහසුව වඩාත් තදින් දැනෙනවා. එහෙම බැලුවම අනවශ්‍ය රෝම ඉවත්කරනවා කියන්නෙ යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගැනීමේදී අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. කිහිල්ලේ, දෑතේ, දෙපයේ රෝම ඉවත් කරගැනීමෙන් අපිට ආත්ම විශ්වාසයෙන් යුතුව සමාජයට යන්න පුළුවන්. ඒ වගේම දිගට, කොටට, අත් නැතිව ආදී මේ ඕනෑම විලාසිතාවක් අනුගමනය කරන්නත් පුළුවන්.

SHARE

NO COMMENTS

LEAVE A REPLY