ලොව කැළඹූ Zika වෛරසය ගැන දැනගත යුතුම කරුණු 6ක්

In this Dec. 23, 2015 photo, 10-year-old Elison nurses his 2-month-old brother Jose Wesley at their house in Poco Fundo, Pernambuco state, Brazil. Suspicion of the link between microcephaly and the Zika virus arose after officials recorded 17 cases of central nervous system malformations among fetuses and newborns after a Zika outbreak began last year in French Polynesia, according to the European Center for Disease Prevention and Control. (AP Photo/Felipe Dana)

Zika යනු මේ මෑතක් වන තුරුම අපට හුරු පුරුදුව තිබූ වචනයක් නෙවෙයි. එහෙත් 2016 වසර ආරම්භයේදී පටන් බ්‍රසීලය ආශ්‍රිත දකුණු ඇමරිකානු කලාපය තුලින් විශාල වශයෙන් zika ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත් නිසා මුළු ලෝකයේම අවධානය මේ මාතෘකාව වෙත යොමු වුණා. 

පහත දැක්වෙන්නේ zika වෛරසය පිලිබඳ ඔබ විසින් දැනගත යුතුම කරුණු 6ක්.

fb-like-beg


  • වෛරසය පැතිරෙන්නේ කෙසේද?

ඊඩ්ස් මදුරුවා
ඊඩ්ස් මදුරුවා

Zika වෛරසය පැතිරෙන්නේ ඝර්ම කලාපීය රටවල් වල සුලබ ‘ඊඩ්ස්’ (Aedes) නම් මදුරු විශේෂයක් මගින්. ඩෙංගු, චිකුන්ගුන්යා  වැනි රෝහ  වලටත් වග කිව යුත්තේ මේ පවුලේම මදුරු විශේෂවලින් තමයි.

එම නිසා මූලික වශයෙන් මේ රෝගය පැතිරෙන්නේ මදුරුවන් දෂ්ට කිරීමෙන් බව කිව හැකියි. එහෙත් මීට සති කිහිපයකට පෙර ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කර සිටියේ මෙම වෛරසය ලිංගික සබඳතා මගින් සම්ප්‍රේෂණය වීමේ අවදානමක්ද  ඇති බවයි. මේ පිළිබඳව තාම පරීක්ෂණ සිදු කෙරෙමිනුයි පවතින්නේ.


  • වෛරසයෙන් බලපෑමක් ඇති වන්නේ කාටද?

dnews-files-2016-01-babies-zika-virus2-670-jpgදැනට හඳුනාගෙන ඇති පරිදි මෙයින් වැඩිම බලපෑමක් වන්නේ තවමත් මව් කුස තුල සිටින ළදරුවන්ට. ගර්භණී මවුවරුන්ට zika ආසාදනය වීම මගින් ඉපදෙන දරුවන් කුඩා හිස් ඇත්තවුන් බවට පත්වෙනවා. එම තත්වය වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන්නේ  microcephaly ලෙසයි. මෙසේ ඉපදෙන දරුවන් ජීවිත කාලය පුරාවටම ඇවිදීමේ අපහසුව, ඇසීමේ හා පෙනීමේ දුර්වලතා, මතකයේ දුර්වලතා වැනි තත්වයන්ට මුහුණ දෙනු ලබනවා. දරුවාගේ මරණයට පවා මෙම වෛරසය හේතු වන්නට පුළුවන්.


  • රෝගය පැතිරී ඇත්තේ කුමන රටවල් වලද?

මධ්‍යම හා දකුණු ඇමරිකානු කලාපය, ගිනිකොණ දිග ආසියාව, දකුණු පැසිෆික් කලාපය තුලින් දැනට zika වෛරසය ආසාදනය වූවන් හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව අප්‍රිකානු කලාපයේ නම් දැනට රෝගීන් වාර්තා වී ඇත්තේ කේප් වර්ඩ් (Cape Verde) නම් දිවයින ආශ්‍රිතව පමණයි. ඉහත දැක්වූ කලාපයන්ට අයිති රටවල් 24කින් තමයි zika ආසාදිතයන් දැනට හඳුනාගෙන තිබෙන්නේ.


  • Zika වෛරසය ආසාදනය වූ පසු පෙන්වන මූලික ලක්ෂණ.

    • උණ
    • මස්පිඩු වල අධික වේදනාව
    • ඇස් රතුවීම, කඳුළු ගැලීම වැනි තත්වයන්.
    • සම මතුපිට ලප ඇතිවීම.
    • ඇඟට පණ නැති ස්වභාවය.

  • Zika වෛරසය සඳහා ඇති ප්‍රතිකර්ම මොනවාද?

මෙම වෛරසය තුරන් කර දැමිය හැකි ප්‍රතිකර්මයක් මෙතෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. ඒ සඳහා අඛණ්ඩව පර්යේෂණ කරමින් සිටින නමුත් ඇතැම් විට සාර්ථක ප්‍රතිඵල ලැබීමට වසර කිහිපයක ගත වනු ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.


  • වෛරසය කොතරම් වේගයකින් පැතිරෙනවාද?

මදුරුවන් දෂ්ට කිරීමෙන් ඇතිවන රෝගයක් නිසා ඉදිරි කාලය තුලදී තවත් රටවල් ගණනාවකට මෙම රෝගය පැතිරිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසා සිටින්නේ. දළ වශයෙන් මිලියන 3 – 4 දක්වා වූ පිරිසකට වෛරසය ආසාදනය විය හැකියැයි ලෝක සුඛ සංවිධානය අනතුරු හඟවනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY