අක්ෂි කාච පළඳින විට අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු 12ක්

ක්ෂි ආබාධ සඳහා පමණක් නොව විලාසිතාවක් ලෙසද අක්ෂි කාච භාවිතා කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේදී දක්නට ලැබෙනවා. මේ ඔබ අක්ෂි කාච පළඳිනවානම් පිළිපැදිය යුතු දේවල් කිහිපයක්.

fb-like-beg


අපිරිසිදු අතින් කාචය අල්ලන්න එපා.

කාචයක් ඉතාම පිරිසිදුව තබාගත යුතුයි. ඔබේ දෙනෙත්වල ආරක්ශාවට එය ඉතාම වැදගත් වේවි. කාචය මත පහසුවෙන් බැක්ටීරියා වර්ධනය විය හැකියි. එය පරිහරණයේදී පිරිසිදුභාවය වැදගත්වන්නේ ඒකයි. කාචය පැළඳීමේදී හෝ ගැලවීමේදී පිරිසිදු ඇඟිලි තුඩුවලින් එය සිදුකිරීමට වග බලාගන්න.


පිරිසිදු කාරක දියරය නැවත නැවත පාවිච්චි කරන්න එපා.

කාචයේ විශබීජහරණය කරන්නට මෙම පිරිසිදුකාරක දියරය නැවත නැවත යොදාගන්නවා. එය නැවත නැවත පාවිච්චි කිරීමේදී එහි ඇති පිරිසිදුකාරක ගුණය හීනවීමක් සිදුවේ. එමෙන්ම කාචය බහාලන ඇසුරුමේ ද මෙම පාවිච්චි කළ කාච දියරය තබා නොගෙැනීමට ප්‍රවේසම් වන්න.


 වියළි තත්වයෙන් තැබීම

තෙතමනය සහිත තත්වයන් යටතේ වඩා පහසුවෙන් කාච මත බැක්ටීරියා වර්ධනය වියහැකියි. මේ හේතුවෙන් බොහෝ අක්ෂි ආබාධ පසුකාලීනව පැනනගින බව වෛද්‍යවරුන්ගේ මතයයි. එම නිසා සෑම විටකම ඔබේ විෂබීජහරණය කරන ලද අක්ෂිකාචය පවනේ වේලා වියලිව තබා ගැනීම වැදගත්.


කාචය දිනපතා පිරිසිදු කරගන්න

බැක්ටීරියා, විශබීජ, කුණු, දූවිලි හා ඇස මතුපිට එකතු වන ප්‍රෝටීන වර්ග කාචයේ නිතර රැඳෙනවා. එබැවින් එහි දිගුකල් පැවැත්ම හා ඇස්වල ආරක්ෂාව දිනපතා සහතික කරගත යුතුයි.


ඔබේ කාච බහාලුම පිරිසිදුව තියාගන්න

කලින් කී පරිදි කාචය අවට පරිසරය නැවුම්ව පිරිසිදුව තබා ගැනීම එහි ආරක්ෂාවට හේතු වේ. එබැවින් කාච බහාලුම වියලිව පිරිසිදුව තිබේදැයි සැළකිලිමත් වන්න.


කාචය මුව තුළට දමන්න එපා

කාචය පිරිසිදු කිරීමට හෝ තෙත් කිරීමට යැයි සිතා බොහෝ අය කාචය ගලවා මුව තුළට දැමීම සිදුකරනවා. නමුත් මේ තුලින් බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වැඩිවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.


අක්ෂිකාචය දිගු වේලාවක් පැළඳ සිටින්න එපා.

ඔබේ ඇසට නිතර විවේකය අවශ්‍යයි. කාචය ගලවා හැකි තරම් කාලයක් ඇස විවේකයෙන් තබන්න. වාතාශ්‍රය යහමින් ලැබීම ඇසේ නම්‍යශීලී පැවැත්මට අත්‍යවශ්‍යයි. නැතහොත් ඇසේ අකර්මන්‍යතා පවා ඇතිවන්නට පුළුවන්.


කාචය පැළඳගෙන නින්දට යන්න එපා

නින්දේදී කාචය පැළඳීම අනවශ්‍යයි. නින්ද ඔබේ සිරුරට වගේම ඇස්වලටද ලබාදෙන්නේ විවේකයක්.


ක්ෂි ආලේපන කාචයේ තවරන්න එපා.

මස්කාරා වැනි ආලේපණ අත්වැරදීමෙන් හෝ කාචයේ තැවරුනොත් ගලවා පිරිසිදුකර පැළඳීමට වගබලාගන්න.


ඇස් ආසාදන ඇති විට කාච පළඳින්න එපා.

ඇස් රතුවී කඳුළු ගලන අවස්ථාවක කාචය ගලවා පිරිසිදුකර තබන්න. කාචය පැළඳීමේ දී ඇසේ දැවිල්ලක් හෝ අනවශ්‍ය පීඩාවක් ඇතිවේ නම් කාචය ගලවා තබන්න. පිරිසිදු කාරකයේ හෝ පිරිසිදු වතුරවල කාචය බහා තබන්න. එය විශබීජහරණය කර නැවත පළඳින්න.


වතුරට බැසීමට පෙර කාචය ගලවා තබන්න

මෙය වැදගත් වන්නේ නාන තටාකයක පිහිනීමේදී. නාන කාමරයේ ස්නානය කරන විට හෝ එවන් අවස්තාවක දී පළමුව කාචය ගලවා ඉවත් කිරීමට වගබලා ගන්න. ඇස් කාච සහිතව නෑමට සිදුවුවහොත් වතුර ඒ මතට වැටීමට නොදී ඇස් වසාගෙන සිටින්න. නෑමෙන් පසුව කාචය පිරිසිදු කරන්න.


 කාචය සමග ඇස් අතින් පොඩිකරන්න එපා

එසේ කළහොත් ඇස තුවාල වනවා. ඇසේ ආරක්ශාව පිණිස කාචය පැළඳීම අපහසුවක් වන විටෙක එය ගලවා තබන්න.

SHARE

NO COMMENTS

LEAVE A REPLY