නිරෝගී සමක් සහ හිසකෙස් සඳහා කිරි භාවිතා කළ හැකි ආකාර 9ක්

කිරි යනු සමට සහ හිසකෙස්වලට පෝෂණය ලබා දෙන විටමින් හා වෙනත් පෝෂක කොටස් ගණනාවක් බහුලව ඇති දෙයක්. ඈත අතීතයේ රාජ කුමාරිකාවන් සිය රූමත්බව රක ගැනීමට කිරි වලින් ස්නානය කළ බව ඔබ කොතෙකුත් අසා ඇති. මේ ලිපියෙන් නිරෝගී සමක් සහ හිසකෙස් සඳහා කිරි භාවිතා කළ හැකි ආකාර කිහිපයක් පිලිබඳ ඔබට දැනුමක් ලබාදීමටයි අප අදහස් කරන්නේ.

fb-like-beg


සම සඳහා

  1. කුරුලෑ නාශකයක් ලෙස.

කිරිවලින් සමේ ඇති තෙල් පාලනය කෙරෙනවා. ඊට අමතරව කුරුලෑ ඇති කරන බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීමේ ගුණයක්ද කිරි සතුයි.

  • භාවිතා කළ යුතු ආකාරය

කුරුලෑ මත ආලේප කර මද වේලාවක් තබා සෝදා හරින්න.

2. සම පැහැපත් කිරීමට

කිරි සහ දෙහි මිශ්‍ර කිරීමෙන් ස්වාභාවික සම පැහැපත් කරවන ආලේපයක් සාදාගත හැකියි. ඊට අමතරව එම ආලේපයට මී පැණි ද එකතු කර ආලේප කර මිනිත්තු කිහිපයකින් පසු සෝදා හැරීමයි කළ යුත්තේ.

3. සම පිරිසිදු කිරීමට (cleanser)

සමේ රැඳී ඇති කුණු දුහුවිලි ඉතා හොඳින් ඉවත් කිරීමේ හැකියාවත් කිරි සතුව තිබෙනවා. ඔබ කළ යුත්තේ සීතල කිරි ස්වල්පයක් පෙඟවූ පුළුන් කැබැල්ලක් සම මත තබා කිරි ආලේප කර අනතුරුව සෝදා හැරීමයි.

4. Scrub එකක් ලෙස

Oats තේ හැඳි තුනකට කිරි මිශ්‍ර කර මෙම scrub එක සාදා ගත හැකියි.

5. හිරු රැසින් ඇතිවන පිළිස්සීම් සඳහා

මේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ buttermilk වනවා.

6. සම මත ඇති කිදා සිදුරු වැසීම සඳහා

දියර කිරි හෝ ක්‍රීම් මේ සඳහා භාවිතා කළ හැකියි. මුහුණේ සහ ගෙලේ ආලේප කර මිනිත්තු 15කින් පසුව සිහිල් ජලයෙන් සෝදා හරින්න.


හිසකෙස් සඳහා 

7. Conditioner එකක් ලෙස

හිස කෙස් මත ආලේප කර සෝදා හරිය හැකියි. හිස් කබල සහ හිසකෙස්වලට කිරි වලින් ඉතාම හොඳ පෝෂණයක් ලැබෙනවා.

8. Hair Mask එකක් ලෙස

කිරිවලට ඉදුණු කෙසෙල් පෙති කිහිපයක් එක්කර හොඳින් මිශ්‍රකර හිස් කබල මත ආලේප කරන්න. මිනිත්තු කිහිපයක් එලෙස තිබෙන්නට හැර සිහිල් ජලයෙන් සෝදා හරින්න.

9. වියළි හිසකෙස් සඳහා

කිරි ආලේප කර සෝදාහරින්න. නමුත් ඔබට ඇත්තේ වියළි හිසකෙස් නම් වැඩි වේලාවක් හිසකෙස් මත කිරි ආලේප කර තබා නොගත යුතුයි. මෙමගින් හිසකෙස් සිනිඳු වන අතරම දිදුලන පෙනුමක්ද ලැබිය හැකි වේවි.


කියවන්න,

නිරෝගී සමක් වෙනුවෙන් කළ හැකි උදෑසන ප්‍රතිකර්ම 7ක්

නිරෝගී, සුසිනිඳු සමක් සඳහා ගත යුතු ආහාර

SHARE

NO COMMENTS

LEAVE A REPLY