හිසකෙස්වල ස්වභාවය අනුව ඔබේ සෞඛ්‍ය තත්වය ගැන එළඹිය හැකි නිගමන 8ක්

හිසකෙස් සෑදෙන්නේ මැරුණ සෛලවලින් තමයි. නමුත් ඔබ දන්නවාද ඔබේ හිස කෙස්වල ස්වභාවය, එම ස්වභාවයේ ඇතිවන වෙනස්වීම් මගින් ඔබේ ශරීරයේ අනෙකුත් පද්ධතීන්වල සෞඛ්‍ය තත්වය පිලිබඳ වඩා නිවැරදි නිගමනයන්ටත් එළඹෙන්නට පුළුවන් බව?? පහත දැක්වෙන්නේ එවන් තත්වයන් කිහිපයක්.

fb-like-beg



ඔබ දිගු කලක් හිරු එළියට නිරාවරණය වී සිටින බව

ඔබේ හිසකෙස් ඉතා වියළි සහ ඉක්මනින් කැඩෙන සුළු හා පළුදුවන සුළුයි නම් ඒ ඔබ දවසින් වැඩි කාලයක් හිරු එළියට නිරාවරණය වන නිසා වන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබට ඇත්තේ තුනී කෙස් කළඹක් නම් හිස් කබලට හිරු රැස් දැඩිව වැදීම නිසා හිස් කබලේ සම ආසාදනයට ලක්වීමට පුළුවන්. හිස් හොරි, දද, කසීමේ තත්වයන් ඇතිවන්නේ ද ඒ නිසායි. එම නිසා හිරු එළියේ වද කරන විට හිස් වැස්මක් හෝ වෙනත් හිස් ආවරණයක් පැළඳීම වැදගත්.


ඔබ අධික ලෙස කඩචෝරු අනුභව කරනවා.

රසකාරක සහ කෘතිමව සකසන ආහාර වැඩියෙන් ගන්නා විටත් කෙස් කළඹ දුර්වල තුනී එකක් වනවා. එසේ වන්නේ ඔබේ සිරුරට ලැබෙනවිටමින් සහ වෙනත් අත්‍යාවශ්‍ය පෝෂක කොටස් ප්‍රථමයෙන් සිරුරේ අවයවහි ක්‍රියාකාරීත්වයට යෙදවීම සහ අවසානයේ හිසකෙස් වර්ධනය වීමට අවශ්‍ය විටමින් කිසිවක් ඉතුරු නොවීම නිසයි. ඒ නිසා කඩචෝරු අනුභවය හැකි තාක් සීමා කර එළවලු පලතුරු අනුභවයට ඔබ හුරු විය යුතුයි.


ඔබේ පෞර්ෂත්වය සම්බන්ධව ඔබට ගැටළු තිබෙනවා විය හැකියි.

ඔබ නිතරම හිස් කෙස් ඇද ගලවන්නට තැත්කරනවාද? මනෝ විද්‍යාඥයන් පවසන්නේ මේ හැසිරීම් රටාව තමන් අපේක්ෂිත මට්ටමකට යා නොහැකි වීම සහ තම පෞර්ෂත්ව දුබලතා පිලිබඳ දැනෙන විට පුද්ගලයක් විසින් සිදු කරන්නක් බවයි.


ඔබ දන්ත ආබාධවලින් පෙළෙනවා විය හැකියි.

ඔබේ හිස කෙස් පහසුවෙන් ගැලවෙනවා ද? එසේ වන්නේ හිස කෙස්වල සවිමත් භාවයට අත්‍යාවශ්‍ය ‘කෙරොටින්’ ප්රෝටීනයේ ඌනත්වය නිසා විය හැකියි. කෙරොටින් හිසකෙස්වල පමණක් නොව දත්වල සවිමත් භාවයටත් අත්‍යාවශ්‍යයි. මෙවන් තත්වයක් ඇත්නම් ඔබ හිසකෙස් පිළිබඳව පමණක් නොව ඔබේ දන්ත සෞඛ්‍යය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.


ඔබ දැඩි ලෙස ආතතියෙන් පෙළෙනවා විය හැකියි.

මානසික ආතතිය නිසා හිසකෙස් බොහෝ සෙයින් ගැලවී යනවා. ඊට අමතරව ගර්භණීභාවය, වෙනත් රෝගයකට ගන්නා ඖෂධ භාවිතය වැනි ශාරීරික හෙතුන්ද මේ සඳහා බලපෑ හැකියි. ඔබේ හිසකෙස් වැඩි වැඩියෙන් ගැලවී යන්නේ මෑතක සිට නම් එසේ වීමට හේතුව මානසිකව ඔබ විසින් මුහුණපා සිටින ආතතික තත්වයක් විය හැකියි.


ඔබ අක්ෂි ආබාධවලට ලක්වීමේ අවදානමක සිටිනවා විය හැකියි.

හිරු එලියට නිරාවරණය වීම නිසා හිස කෙස් දුඹුරු පැහැයක් ගන්නවා. ඔබත් එවන් තත්වයකට මුහුණ පා ඇත්නම් ඔබේ ඇස් පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා සෑම විටම පාහේ අව් කණ්නාඩියක් පළදින්නට යොමු වීම උචිතයි.


ඔබ නව උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමට යොමු වීම.

මෙහිදී ඇතිවන හෝර්මෝන ප්‍රතික්‍රියා නිසා හිසකෙස්වල වියළි බව සහ දීප්තිය අඩු වීම  සහ තුනී වීම යන තත්වයන් ඇතිවිය හැකියි. එමෙන්ම ඔබ හිස කෙස් වර්ණ ගන්වන විට පෙර වර්ණ ගැන්වීමේදී ආ වර්ණයට වඩා වර්ණය වෙනස්වනවානම් එයටද හේතුව ඔබ නව උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමට යොමු වීම විය හැකියි.


ඔබ තයිරොයිඩ් සම්බන්ධ ගැටළුවලින් පෙළෙනවා විය හැකියි.

ඔබේ හිසකෙස් හදිසියේ තුනී වන්නට පටන් අරගෙන නම් එසේ වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවී තිබෙන තත්වයක් නිසා විය හැකියි. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවෙන හෝර්මෝනවල අඩු වැඩි වීම් නිසායි ඒ ආකාරයේ තත්වයන් ඇති විය හැක්කේ.

SHARE

NO COMMENTS

LEAVE A REPLY