වැසි හා ගංවතුර කාලවලදී ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතු රෝගය – මී උණ

මී උණ ලොව පුරා පවතින බෝවන උණ රෝගයකි. එය ඝර්ම කලාපීය රටවල් වල වැඩිපුර දක්නට ලැබේ. මී උණ වැසි සමයේ හා ගංවතුර ඇතිවන කාල වල විශේෂයෙන් පැතිරී යයි. වසරක් පාසා මෙම රෝගයෙන් 1000 – 2000 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වේ.

මෙම රෝගයට වඩාත් ගොදුරු වන්නේ වී ගොවියන්ය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ජයන්ත රාජපක්ෂ මහතාට අනුව දැනට මී උණ රෝගයට ශ්‍රී ලංකාවේ ගොදුරු වු රෝගීන් ගනන 10,000 ක් පමණ වන අතර 500 ක් පමණ ඉන් මිය ගොස් ඇත. මී උණ රෝගීන් වැඩිම ගණනක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්ක ද රෝගීන් වැඩි ගණනක් වාර්තා කර ඇත.

fb-like-beg


රෝග කාරකය

ලෙප්ටොස්පයිරා නැමැති බැක්ටීරියාව මගින් මී උණ සෑදේ. මෙම බැක්ටීරියාව මීයන්, ඌරු මීයන්,
මී හරකුන්, ගවයින්, බල්ලන් වැනි සතුන්ගේ වකුගඩු තුළ සොයා ගත හැක.


ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු

රෝගය වැළඳුනු සතුන් පිට කරන මූත්‍ර සමඟ මෙම බැක්ටීරියාව බාහිර පරිසරයට එක්වේ. කුඹුරු, දිය කඩිති හා ජලය

රැදුණු තැන්වල මෙම බැක්ටීරියාව පැවතිය හැක. මිනිසා අසාදනය වන්නේ සීරුණු, කැපුණු සම තුළින්. සමෙහි ඇති තුවාල හරහා, ඇස්වල, නාසයේ හෝ මුඛයේ ඇති සියුම් පටක හරහාය. ඒ මඟෝන් රුධිර සංසරණයට එක්වන බැක්ටීරියාව ශරීරයේ පටක හා අවයවම සියල්ල තුළට ගමන් කරයි.


රෝග ලක්ෂණ

රෝග ලක්ෂණ මතුවිමට සති 1 – 2 දක්වා කාලයක් ගත වේ.

  • උණ
  • හිසරදය
  • අප්‍රාණිනික බව
  • මස් පිඬු වල තද බල වේදනාව
  • වමනය
  • කැස්ස
  • ඇස් තද රතු පැහැවීම
  • ඇස් කහ වීමමූත්‍රා යාම අඩුවීම හෝ තද කහ පැහැති මූත්‍රා හෝ මූත්‍රා සමග ලේ පිටවීම සමහර රෝගීන් කලාතුරකින් රෝග ලක්ෂණ නොපෙන්වයි.

1 2


සංකූලතා

වකුගඩු අක්‍රීය වීම, හෘදය අක්‍රීය වීම, මොළයේ පටක ආසාදනය විම, රුධිර වහනය, කලාතුරකින් අක්මාව අක්‍රීය වීම.
මී උණ රෝගය වැළදුණු රේගීන්ගෙන් 5 – 30% ක් පමණ මිය යයි.


ප්‍රතිකාර

රෝග ලක්ෂණ මතු වු විට වෛද්‍ය ප්රඅතිකාර පැතිය යුතුය.  විශේෂයෙන් කුඹුරු හෝ වෙල් වල ගැවසීමක් සිදු වුවහොත් එය මී උණ යැයි සැක කර ප්‍රතිජීවක ඖෂධ ලබාදීම රෝහල් තුළදී සිදුකෙරේ.

වැඩිපුර දියර වර්ග පානය කිරීම හා විවේක ගැනීම අත්‍යවශ්‍යය. වකුගඩු අක්‍රීය වු විට යන්ත්‍ර මගින් රුධිරය පෙරීමක් සිදු කළ යුතුයි.


සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම.

  • කුඹුරු අවට ඇති පරිසරය පිරිසිදුව තබාගන්න.
  • වගාබිම් සැකසීමේදී අත් හා පා ආවරන පළදින්න.
  • ජලය රුදුණු ස්ථාන වල ජලය බැස යාමට සලස්වන්න.
  • කුඹුරු වලට හා ජලය රැදුණු තැන්වලට අනවශ්‍ය ලෙස බැසීමෙන්, නෑමෙන්, අත් පා සේදීමෙන් වළකින්න.
  • ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හෝ මහජන සෞඛ්‍ය පරික්ෂක හමු වී වැඩිදුර උපදෙස් ලබාගන්න.
  • උණු කර නිවා ගත් ජලය පානය කරන්න. වෙල් හෝ දියකඩිති වල ඇති බැස නොයන ජලය බීමෙන් වලකින්න.

ගංවතුර ඇති තැන් වල ඇවිදීමෙන් වළකින්න.

SHARE

NO COMMENTS

LEAVE A REPLY