2015 වසරේ නිකුත් වූ ජනප්‍රියතම බටහිර ගීත 5ක්

ටහිර ගීතවලට ලංකාවේ අපිත් බාල, මහළු, තරුණ කියා භේදයක් නැතිව බොහොම කැමතියි. මේ ලිපිය ඔවුන් වෙනුවෙන් තමයි ලියැවෙන්නේ. මෙම ගීත පමණක් නොව ඒවායේ රූප රචනා ද නොමද ප්‍රශංසාවන්ට බඳුන් වූ බව කිව යුතුමයි

fb-like-beg


Hello (Adele Song)

ඇඩෙලේ ගේ තෙවෙනි සංගීත ඇල්බමය වූ ‘25’ හි ගීතයක් වන මෙය ඉතා කෙටි කාලයක් තුලදී ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. ලොව ප්‍රමුඛ පෙළේ ගීත දර්ශක සෑම එකකම පාහේ ඉතාම ඉදිරියෙන් සිටි ගීතයක් තමයි මේ.


See you again

ප්‍රකට ගායක චාර්ලි පුත් හා ප්‍රකට රැප් ගායක විස් කලීෆා සුසංයෝගයෙන් ගැයෙන මෙය fast and furious චිත්රපටමාලාවේ  7 වන චිත්‍රපටයේ එන්නක්. Fast and Furious චිත්‍රපට මාලාවේ රඟපෑ ජනකාන්ත නළු පෝල් වෝකර් අනුස්මරණය කිරීම වෙනුවෙන් මෙම ගීතය නිෂ්පාදනය වූවා.



Elastic heart 

ඕස්ට්‍රේලියානු ගායිකාවක වන සියා (Sia) විසින් මෙය ගායනා කරමු ලබනවා.


Uma Thurman

මෙය ගායනා කරන්නේ Fall Out Boy සංගීත කණ්ඩායම විසිනුයි.


Wildest dreams

ගායිකා ටේලර් ස්විෆ්ට් ගැන නොදන්නා බටහිර සංගීත ලෝලියෙක් නොමැති තරම්. ඇය විසින් පසුගිය වසරේදී නිකුත් කළ සංගීත ඇල්බමයේ වූ අතිශය ජනාදරයට පත් ගීත තුනෙන් මෙයත් එක් ගීතයක්.

SHARE

NO COMMENTS

LEAVE A REPLY