කුඩා ඉඩකඩක් ඇති නිවසක ඇති කිරීමට සුදුසු සුරතල් බලු විශේෂයන් 19 ක්

කුඩා ඉඩ කඩක් ඇති නිවසක විශේෂයෙන්ම තට්ටු නිවාසයක සුරතල් බල්ලෙක් ඇති කිරීමට නිවැසියන් තීරණය කරනවා නම් එම සතාගේ ශරීර ප්‍රමාණයද සැලකිල්ලට ගත යුතු කාරණයක් වනවා.

ඊට අමතරව සතාගේ සුහදශීලී බව, ශක්තිය සහ ශබ්ද කිරීම් ආදිය ගැනද විමසිලිමත් වී සුරතල් බල්ලෙකු තෝරාගැනීම වඩාත් සුදුසුයි. පහත දැක්වෙන්නේ කුඩා ඉඩ කඩක් තුල පහසුවෙන් රැක බලාගත හැකි ,ශරීර ප්‍රමාණයෙන් කුඩා සුරතල් බල්ලන් වර්ග කිහිපයක ලැයිස්තුවක්.

fb-like-beg


Basenji

1

අසල්වැසි නිවාස ඉතා සමීපව පිහිටන සහ තුනී බිත්ති ඇති නිවසක ඇති කිරීමට මෙම බල්ලන් ඉතාම කදිමයි. වැඩි ශබ්දයෙන් නොබුරන මොවුන් පවුන්ඩ් 25කට වඩා බරද අඟල් 18කත වඩා උසද ලබාගන්නේ ඉතාම කලාතුරකින්.


Bichon Frise

2

මෙම වර්ගය වැඩෙන උපරිම උස වන්නේ අඩි එක හමාරක්. ක්‍රියාශීලී මොවුන්ට හොඳින් ව්‍යායාම කරවීම අත්‍යාවශ්‍යයයි.


Brussels Griffon

3

ඉතාම ආදරණීය මොවුන් තම අයිතිකරුවන්ට දැඩි ලෙස ආදරය කිරීමට පෙළඹෙන විශේෂයක්.


Bulldog

4

අඟල් 18 ක පමණ උසකින් වැඩෙන මොවුන් ස්වභාවයෙන්ම කම්මැලි සහ නින්දට ප්‍රිය කරන විශේෂයක්. කුඩා දුරක ඇවිදීමක් මොවුන් සතුටෙන් තබන්නට හොඳටම ප්‍රමාණවත්.


Cavalier King Charles Spaniel

5

මොවුන් අයිතිකරුවන් සහ සුරතල් වීමට, ආදරය විඳීමට හරිම ලැදියි.


Chihuahua

6

මොවුන්ට ආදරය විඳීම හො ව්‍යායාම කිරීම එතරම් අවශ්‍ය වන්නේ නැහැ. සමහරවෙලාවට ඔවුන් විශ්වාසවන්ත වන්නේ නැහැ. ඒ නිසා ඕනෑම තත්වයක් යටතේ මොවුන් දිහා ඇහැ ගහගෙන ඉන්න එක හොඳයි.


Chinese Crested

7

ශක්තිමත් බවෙන් අඩු අයෙකුට මෙම වර්ගය ඉතාම හොඳ මිත්‍රයෙක් වේවි.


Coton de Tulear

8

මිනිසුන් හා සතුන් සමඟ සුහදශීලී මෙම වර්ගයට ව්‍යායාම අවශ්‍ය වන්නේ අඩුවෙන්. නමුත් ඔවුන් ඇවිදින්නට ප්‍රියයි.


Dachshunds

9

දඩ බල්ලන් වර්ග අතර කුඩාම විශේෂය මොවුනුයි. මොවුන්ගේ ශරීරයේ සහ කකුල්වල ස්වභාවය නිසා නිවාස තුලදීම ව්‍යායාම කරවීමට හැකියි.


French Bulldogs

10

මුර කිරීම සඳහා ඉතාම සුදුසු විශේෂයක්. මොකද මොවුන් කිසිවිටෙකත් හේතුවක් නැතිව බුරන්නේ නැහැ.


Havanese

11

මොවුන් ඉතාම ක්‍රියාශීලීයි. අයිතිකරුවා ළඟ සිටින විට සෙල්ලම් කිරීමටත් ඉතා කැමතියි.


Greyhound

12

මෙම වර්ගයත් ඉතාම ක්‍රියාශීලීයි. ඒ නිසා දිනපතාම ඇවිදීමට කැඳවාගෙන යාම ආදිය කළ යුතුයි.


Japanese Chin

13

මිත්‍රශීලී මොවුන්ට එතරම් ව්‍යායාම කරවීමට අවශ්‍ය  වන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ ශරීරයේ සහ නිකටේ ඇති ලොම් සතියකට වතාවක් පීරීම කළ යුතුයි.


Lhasa Apso

14

ඔවුන්ගේ ලොම් දිනපතා පීරීම කළ යුතුයි. එමෙන්ම නිතර නාවා අපිරිසිදු කර තබාගැනීමත් වැදගත්. අයිතිකරුවන්ට ඉතාම විශ්වාසවන්ත විශේෂයක්. අනුන් සහ මිත්‍රශීලී වීමට ඔවුන්ට යම් පුහුණුවක් ලබා දිය යුතුයි.


Lowchen

15

මොවුන් සෙල්ලම් කිරීමට ඉතාම කැමති සුහදශීලී ස්වභාවයෙන් යුතු විශේෂයක්. නමුත් එතරම් ව්‍යායාම ඔවුන්ට අවශ්‍ය වන්නේ නැහැ. මිනිසුන් සමඟ මෙන්ම සතුන් සමඟද මිත්‍රශීලීවන්නට ඔවුන් ලැදියි.


Maltese

16

වසර 2000කට අධික ඉතිහාසයක් තිබෙන විශේෂයක් තමයි මේ. ඔවුන් සුහදශීලීයි නමුත් අයිතිකරුවන්ගෙන් වෙන්ව සිටින්නට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඔවුන් හොඳින් බලාකියා ගැනීමේ වගකීම අයිතිකරුවන් සතුයි.


Manchester Terrier

17

ඔවුන් ඉතාම බුද්ධිමත් සහ ඒ ඒ අවස්ථාවන්ට අනුකූලව ප්‍රතිචාර දැක්වීමට හපන් විශේෂයක්. ඔවුන් වැඩි වෙලාවක් තනි කර නොතැබිය යුතුයි. වැඩි වෙලාවක් තනිව සිටින විට නොනවත්වා බිරීමට මෙන්ම නිවසේ බදු භාණ්ඩ විනාශ කර දැමීමටද පෙළඹිය හැකියි.


Miniature Pinscher

19

ඉතා කුඩා ඩොබමන් විශේෂයේ ස්වභාවයක් තමයි මොවුන්ට ඇත්තේ. ආත්මවිශ්වාසයෙන් සපිර මොවුන් ආගන්තුලයන් දෙස සැකයෙන් බලන නිසා මුර කිරීමේ කාර්යයට කදිමයි. කුඩා ළමයින් සමඟ මොවුන්ව තැබීම ඇතැම් විට අනතුරුදායක විය හැකියි.


Pekinese

21

මොවුන්ට ආදරය, සෙනෙහස සහ නිතර සුරතල් කිරීම අත්‍යාවශ්‍යයයි. ආගන්තුකයන්ට බිරීමට ඇති ඉඩ නිසා ඒ පිලිබඳ පුහුණුවක් ලබා දිය යුතුයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY