යහමින් ආදරය ඉල්ලන හා බෙදා දෙන පූසන් වර්ග 12ක්

Dusky Dolphin (Lagenorhynchus obscurus) leaping out of water, New Zealand

පූසෝ කියන්නේ ඉතින් අමුතුම අමුතු සත්තු ජාතියක්නේ. හොඳට බඩ දිග ඇරෙන්න කාලා කොහෙට හරි වෙලා තමන්ගේ පාඩුවේ සැපට  නිදාගන්න  තියෙනවනම් මෙයාලට  ආයේ වෙන මොනවත් ඕන නෑ. පූසෝ ස්වභාවයෙන්ම අහංකාර සත්තු  ජාතියක්. හිතන් ඉන්නේ එයාලා තමයි ගෙදරක ඉන්න ප්‍රධානියා කියල. (සූර පප්පා කාටූන් එකේ  විදිහට නම් “මම තමයි මේ ගෙදර ඉන්න අයියා” කියලයි එයාලා හිතන්නේ).

හරි ඉතින් ඔය මොනවා වුණත් පූසෝ කියන්නෙ හරිම හුරතල්, ආදරේ හිතෙන සත්තු ජාතියක්. (හා නැද්ද?). එහෙනම් ඉතින් ලෝකේ ඉන්න මිත්‍රශීලීම පූස් වර්ග ගැන දැනගත්ත කියල පාඩුවක් වෙන එකක් නැහැනේ. 


fb-like-beg


 එක්සොටික් ෂෝර්ට්හෙයා (Exotic Shorthair)

ඔන්න ඔයාට ඕන කොට්ටයක් වෙනුවට උකුලේ තියාගෙන ඉන්න පුළුවන් පූස් තඩියෙක් නම් මෙයා තමයි ඒ job එකට හොඳටම ගැලපෙන්නේ. ඔයා ගේ ඇතුලේ කොහෙද යන්නේ මෙයත් ඔයාගේ පස්සෙන්ම ඉඳීවි. ඒ තරමට මෙයා තමන්ගේ අයිතිකාරයාට ආදරෙයි.


ඇබිසිනියන් (Abyssinian)

මේ මනුස්සයාට..වැරදුණා සතාට නම් නිතරම සෙල්ලම් කරන්නයි ඕන. හරිම බුද්ධිමත්. ඕනම වයසක කෙනෙක් එක්ක යාළු වෙන්න මෙයා හරි හපනා. ඔන්න පොඩි බබාලට සෙල්ලම් කරන්න දෙන්න පූසෙක් හොයනවනම් මෙයා තමයි ඒ වැඩේට හොඳම කෙනා කියල බය නැතුව කියන්න පුළුවන්.


පර්සියන් බළල්ලු

මේ පුළුන් බෝල නම් සෙල්ලම් කරන්න එච්චර කැමැත්තක් නෑ. ඔයා මෙයාලට  ආදරේ දෙන තරමට තමයි මෙයත් ඔයාට ආදරේ වෙන්නේ. පවුලේ අය ළඟට වෙලා දැවටී දැවටී ඉන්න වගේම සද්ද නැතුව ඉඳන් වෙන්නේ මොනාද කියලත් බලන් ඉන්න එක තමයි මෙයා වැඩිපුරම කරන්නේ.


රෂියන් බ්ලූ (Russian Blue) 

කොහොමද මෙයාගේ බැල්ම? ආදරේ හිතෙනවා නේ?? ඔව් ඔව් මෙයාලා දෙයක් කරන්න කලින් හොඳට හිතන්නේ ඔය බැල්ම දාලා තමයි. සෙල්ලම් කරන්න ආසයි වගේම ඔයා මෙයාලට ආදරේ වුණොත් මෙයාලා ඔයා යන යන තැන පුරු පුරු ගගා එන එක බලාපොරොත්තුවෙන් ඉන්න ඕන. හැබැයි අමුත්තෝ ළඟට එක පාරට යන්න මෙයාලා එච්චර කැමති නැහැ. ටිකක් වෙලා බලාගෙන ඉඳල තමයි ඉතින් කෙනෙක් ළඟට යනවද නැද්ද කියල තීරණය කරන්නේ.


බුරුම බළල්ලු (Burmese)

5

මෙයාලට නිතරම අනිත් අයගේ අවධානය වැඩියෙන් ලබෙනවටයි කැමති. ආදරේට හරිම පෙරේතයි. අනිත් සත්තු එක්කත් හොඳින් ඉන්න මෙයාලට පුළුවන්. ඒ නිසා ඔයාලා ගෙදර රැඳෙන්නේ නැත්නම් මෙයාගේ තනියට තවත් සතෙක් ගන්න එක  ගොඩක් හොඳයි.


සියම් බළල්ලු (Siamese) 

6

මෙයාලටත් වැඩිපුර ඕන ආදරේ තමයි. හැබැයි පැත්තකට වෙලා දිග ඇරිලා නිදියගන්නවා වෙනුවට ඔයා වැඩක් කරනකොට එතෙන්ට වෙලා ඒ දිහා බලාගෙන ඉන්න මෙයාලා කැමතියි. රෙදි හෝදන, ටීවී බලන, ගේම් ගහන, උයන පිහින මේ ඕනම වැඩකදී ඔයා ළඟටම වෙලා මෙයාලා ඉඳීවි.


සෝමාලි බළල්ලු (Somali)

වර්ගේ සෝමාලි වුණාට මෙයාලා කොහෙත්ම සෝමාරි නම් නැහැ. හරිම කඩිසරයි. සෙල්ලම් කරන්න වගේම ප්‍රහේලිකා විසඳන්නත් මෙයාලා දක්ෂයි. ඔයාගේ අවධානය ගන්න මෙයාලා ඕන වැඩක් කරාවි. එච්චරටම අවධානය ලැබෙනවට පෙරේතයි.


රැග්ඩෝල් (Ragdoll)

මෙයාලට මේ නම හැදිලා තියෙන්නේ අවධානය දිනා ගන්න මෙයාලෑ ඇඹරෙන ඇඹරිල්ල නිසාලු. එතකොට හිතාගත්තහැකිනේ මෙයාලට කොච්චර ආදරේ ඕනද  කියල. වැඩිය ඇවිදලා කරල එහෙම ඉන්න නම් මෙයාලගේ කැමැත්තක් නෑ.


බර්මන් (Birman)

මෙයාලා හරිම balanced life එකක් තමයි ගත කරන්නේ. ඒ කියන්නේ ආදරේ ගන්න වැඩ කරනවා වගේම සෙල්ලම් කරන වැඩත් ගාණකට මිම්මකට කරන්න මෙයාලා හැමතිස්සෙම වග බලා ගන්නවා. අනිත් සත්තු එක්ක වගේම ළමයි එක්ක සෙල්ලමටත් මෙයාලා කැමතියි. සෙල්ලම් කරලා හති වැටුණාම අයිතිකාරයෝ ළඟට දුවගෙන එන්නේ ආදරේ ඉල්ලගෙන.


මැන්ක්ස් (Manx)

මෙයාලට වලිගයක් නම් නැහැ. හැබැයි ඉතින් කට්ටිය ගොඩක් ඉන්න තැන හිතේ හැටියට ගැවසෙන්න, එබිකම් කරන්න වලිගෙ නැති එක මෙයාලට කොහෙත්ම බාධාවක් නෙවෙයි. මෙයාලා හරිම කැමතියි ඔයා මෙයාලත් එක්ක කතා බහ කරනවට. හරිම loyal යාලුවෙක් තමයි මේ.


මේන් කූන් (Maine Coon)

හෝව් හෝව්.. මේ photo එකේ ඉන්නේ හොඳටම වැඩුන සත්තු එහෙම නෙවෙයි. මේ ඉන්නේ පැටව්. එතකොට මෙයාලා ලොකු වුණාම කොච්චර size වෙනවද කියල හිතාගන්න පුළුවන්නේ. එක්කෝ  හිතාගන්න ඕන නෑ බලලම ඉමු.

12

ආදරේ හිතෙනවා නේ??


ස්පින්ක්ස් (Sphynx)

මෙයාලගේ ඇඟේ අර මවිල් coat එක නැහැ. ඒ නිසා මෙයාලට වැඩියෙන් උණුසුම ඕන.  ඉතින් ඔයාලගේ උකුල්වලට වෙලා සැපට ගුලි ගැහෙන්න මෙයාලා හරිම කැමතියි. අවධානය දිනා ගන්න ඉඳල හිටලා මෝඩ වැඩත් කරනවා ඉතින්. අමුත්තෝ කියල වෙනසක් නෑ ඕන කෙනෙක් එක්ක ටක් ගාලා යාලු වෙන්නත් මෙයාලා දක්ෂයි.


එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ හුරතල් සත්තුන්ගේ වරුණාව කියන article එකකින් මුණ ගැහෙමු. එතකල් හැමෝටම.. මියෑව්!!!

SHARE

NO COMMENTS

LEAVE A REPLY