පෙම්වතා සමඟ රණ්ඩු වෙන්න කලින් මේවා ගැනත් සිතන්න

පෙම්වතා හා පෙම්වතිය ලෙස ඔබ දෙදෙනා පෙමින් වෙළී සිටින කාලය ඉතා සුන්දරයි. මේ ප්‍රේමාන්විත කාලයේ පෙම්වතිය ලෙස ඔබ ඔහුගේ ආදරය දිනාගන්නට සමත් වී තිබෙනවාද? පෙම්වතිය ලෙස ඔබට ඔහුගේ ආදරය හඳුනාගන්නටත්, ඔහුගේ ආදරය තමා සතුකර ගැනීමටත් හැකි වී තිබෙනවාද?

ආදරය එකිනෙකාට දැනෙන විදිය වෙනස්‌ . බොහොමයක්‌ ගැහැණු ළමයින්ට ආදරය කරන කාලයේ ඇතිවන ලොකුම ප්‍රශ්නය මුලදී වගේ නෙමෙයි දැන් එයා ගොඩක්‌ වෙනස්‌’ කියන එක නේද? පෙම්වතිය ලෙස ඔබ පෙම්වතාට ආදරය කරන විට තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය පිරිමි පාර්ශ්වය ගැහැණුන්ට වඩා වෙනස්‌ බවයි. ආදරයේදී ඒ වෙනස්‌කම් ගැහැණු ළමයින් අවබෝධ කරගත යුතුයි. පහත දැක්වෙන්නේ එවන් වෙනස්කම් කිහිපයක්.

fb-like-beg


පෙම්වතා හිත් කියවන්නෙක්‌ නෙවෙයි

පෙම්වතිය ලෙස ඔබ සැම විටම ඔබේ පෙම්වතාගේ හැසිරීම්, ගති පැවතුම් තේරුම් ගත යුතුයි. පෙම්වතිය ලෙස ඔබ ඔහුට පවසන දෙයින් ඔහු අවබෝධ කරගන්නේ මතුපිට අර්ථය පමණයි. මේ අවස්‌ථාවලදී ගැහැණු ළමයි වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබේ පෙම්වතාට කිවයුතු දේ සෘජුවම පවසන්න. බොහෝ වෙලාවට ගැහැණ ළමයින් සිතන්නේ පිරිමි ළමයින්ට හිත කියවන්න පුළුවන් කියායි. නමුත් එය එසේ නොවෙයි. ඒ නිසා ඔබ පවසන දේ, ඔබේ සිතුම් පැතුම් ඔහු හඳුනාගන්නේ නැහැ කියා සිත රිදවාගෙන පලක් නෑ.


පෙම්වතා ඉක්‌මණින් ප්‍රශ්න අමතක කරයි

පෙම්වතිය ආදරය විඳින මොහොතේ ප්‍රශ්නයක්‌ ඇති වූ විට එය නැවත නැවත සිහිපත් කරන්නට ප්‍රියතාවක්‌ දක්‌වයි. නමුත් පෙම්වතා ප්‍රශ්නයක්‌ ඇති වූ මොහොතේම එය අමතක කර පුරුදු ළෙන්ගතුකමින් ආදරය කරයි. පෙම්වතාගේ මේ වෙනස ඇතැම් පෙම්වතියන්ට දරාගන්නට බැහැ. ඉතින් හැමදාම ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා දෙයක් වුණාට පස්සේ ඒක ඒ මොහොතේම විසඳාගෙන එය පසුව නැවත නැවත මතක් කරන්නට යාම සුදුසු නැහැ.


පෙම්වතා ආදරයේදී ස්‌පර්ශයට කැමැත්තක්‌ දක්‌වයි

බොහෝ විට පිරිමි පාර්ශ්වය ස්‌පර්ශය (අතින් ඇල්ලීම, සිපගැනීම, ඔළුව අතගෑම) තුළින් ආදරය ප්‍රකාශ කිරීමට කැමැත්තක්‌ දක්‌වන අතර ඔවුන් සිය පෙම්වතියගෙනුත් මෙවැනි ආදරණීය ස්‌පර්ශයක්‌ බලාපොරොත්තු වෙනවා.


පෙම්වතා ආදරය ප්‍රකාශ කරන ආකාරය වෙනස්‌

පෙමින් වෙළී සිටින කාලයේ නිතර පෙම්වතිය මුණගැසෙන්නට, ඇය සමඟ තනිවෙන්නට පෙම්වතා වඩාත් කැමතියි.. පෙම්වතිය ද පෙම්වතා සමඟම එකටම කාලය ගත කරන්න වැඩි රුචියක්‌ දක්‌වනවනේ. හැබැයි මේ පෙම්වතුන් ස්‌වභාවයෙන්ම ගැහැනු පාර්ශ්වය සමඟ ඇඳුම් ආයිත්තම් තෝරන්නට යාම වගේ ගමන් බිමන් වලටනම් වැඩි කැමැත්තක් නම් දක්වන්නේ නැහැ. ඒවා ගැන විමසමින් රණ්ඩු වෙනවාට වඩා අවබෝධයෙන් සිට පෙම්වතා සමඟ කතා බහ කිරීමයි පෙම්වතියක් විසින් කළ යුත්තේ.


ඉතින් මේ මූලික කරුණු කාරණා ගැන ඔබ හොඳින් වටහා ගතහොත් සහ ඒ අනුව ජීවත් වුවහොත් පෙම්වතා සමග ගෙවන ඔබේ ජීවිතය හරිම සුන්දර වේවි. මතක තබා ගන්න අවබෝධය තමයි වඩාත්ම වැදගත් දේ!!

 

SHARE

NO COMMENTS

LEAVE A REPLY