ගත සිත කූල් කරන කරන mocktail වර්ග 6ක්

මොක්ටේල් කියන්නේ පළතුරු මුසුවෙන් හැදෙන රසම රස ආස්වාදජනක පානයක් කියල නොදන්නා කෙනෙක් නැති තරම්. හැබැයි මෙච්චර රස මොක්ටේල් මුලින්ම හැදුණේ කොහොමද කියල දන්නවද? ඇත්තම කිව්වොත් මොක්ටෙල් හැදෙන්නේ අත්වැරදීමක ප්‍රතිඵලයක් ලෙසිනුයි.

fb-like-beg


සැර අඩු මත්පැන් කියල හැඳින්වෙන කොක්ටේල් ගැනත් හැමෝම දන්නවනේ. ඉතින් ඔය කොක්ටේල් එකක් හදන අතරතුර සිදුවුණ අත්වැරදීමක් නිසා තමයි මොක්ටේල් හැදිලා තියෙන්නේ. ”මොක්” යන වචනයේ ඉංග‍්‍රීසි තේරුම ව්‍යාජ කියන එකයි. ඉතින් ව්‍යාජ අඟවන ”මොක්” කියන වචනෙට කොක්ටේල් වල ”ටේල්” කියන කෑල්ලත් එකතු වෙලා තමයි මොක්ටේල් කියන නම හැදිලා තියෙන්නේ.

වර්තමානයේ ප්‍රිය සාදයන්ට නැතිවම බැරි ලොව භාවිතා වන මොක්ටේල් වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙනවා. බටහිර රටවල ඒවා විවිධ කාණ්ඩ යටතේ වගේම මංගල, උපන්දින, පුද්ගලික, ආයතනික ආදී සාදවල ස්වභාවය අනුව ඊට අමතරව ළමයින්, කාන්තාවන්, පිරිමි, ගැබිනි මාතාවන් ආදී විදිහටත් වර්ග කරලා තියෙනවා. දිනෙන් දිනම අලුත් අලුත් දේවල් අත් හදා බලමින්, එක් කර ගනිමින් ඉදිරියට යන මේ මොක්ටෙල් ගැන ලංකාවෙනම් තාම එතරම් අවධානයක් යොමු වෙලා නැහැ.

ඉතින් අපි බලමු ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය තුල මේ වන විට ප්‍රචලිත වෙලා තියෙන මොක්ටේල් වර්ග කිහිපයක් නිවසේදී සාදා ගන්නේ කොහොමද කියලා


කිවුකම්බර් ස්ප්ලෙන්ඩර්

අවශ්‍ය ද්‍රව්‍ය:
  • අන්නාසි ගෙඩි 1/2
  • කොල පිපිඤ්ඤා ගෙඩි 1/2
  • මින්ට් කොළ 5
  • පැෂන් කෝඩියල් මි.ලී. 30
  • අයිස්කැට කීපයක්

පලතුරුවල පොතු, ලෙලි ආදිය ඉවත් කර සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.


ස්ට්‍රෝබෙරි ස්ප්ලෙන්ඩර්

2

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ස්ට්‍රෝබෙරි ගෙඩි 10
  • පීච් ගෙඩි 1
  • පැෂන් කෝඩියල් මි.ලී. 30
  • අයිස් කැට කීපයක්

පලතුරුවල පොතු, ලෙලි ආදිය ඉවත් කර සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.


ඇපල් මොහිතෝ

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ඇපල් ගෙඩි 1ක්
  • සෝඩා වතුර මි.ලී. 30
  • ඇපල් කෝඩියල් මි.ලී. 30
  • රතු සීනී ස්වල්පයක්

පලතුරු කුඩා කැබලිවලට කපා කෝඩියල් සමඟ ඇඹරෙන අයුරින් මිශ‍්‍ර කර එයට උඩින් සෝඩා හෝ ස්ප‍්‍රයිට් එක් කරන්න.


ජැස්මින් ග්‍රීන් ටී

3

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ජැස්මින් තේ මේස හැඳි 2
  • ඇපල් කෝඩියල් මි.ලී. 30
  • කුරුඳු ස්වල්පයක්
  • අයිස් කැට කීපයක්

සියලු ද්‍රව්‍ය අයිස් සමඟ හොඳින් මිශ‍්‍ර කරන්න.


ක්‍රෑන්බෙරි මොක්ටේල්

අවශ්‍ය ද්‍රව්‍ය :
  • ක්‍රෑන්බෙරි යුෂ කෝප්ප 4
  • අන්නාසි යුෂ කෝප්ප 2
  • දොඩම් යුෂ කෝප්ප 2
  • අයිස් කැට කෝප්ප 1
  • කැමති නම් සාමාන්‍ය තරමේ ස්ප්‍රයිට් බෝතල් 01
  • සීනි

මුලින්ම යුෂ වර්ග සහ අයිස් වෙනම භාජනයකට දමා කලවම් කර පිළිගැන්වීමට පෙර ස්ප්‍රයිට් එකතු කරන්න. ඔබ කැමති නම් වීදුරුවේ උඩ දාරය තෙමා එය සීනි වල දවටා මෙම පානය වීදුරුවට වක්කර පිළිගන්වන්න පුළුවන් .


ක්වික් ෆ්රුට් පන්ච් 

අවශ්‍ය ද්‍රව්‍ය :
  • කලින් පිළියෙළ කරගත් දොඩම් යුෂ
  • අන්නාසි යුෂ
  • අඹ යුෂ කෝප්ප එක බැගින්
  • වැනිලා අයිස්ක්‍රීම් ටිකක්
  • සීනි තේ හැන්දක්

සියලුම දේ එකට එකතු කර බ්ලෙන්ඩර් කරගන්න පසුව විදුරු වලට දමා  අවම වශයෙන් පැයක්වත් ශීතකරණයක දමා ශිත කර පිළිගන්වන්න.

SHARE

NO COMMENTS

LEAVE A REPLY