ඔබේ කැරළි කෙස් කළඹ වඩා හැඩ කරගැනීමට Tips කීපයක්

බටත් තියෙන්නේ බූසිය වගේ කැරළි ගැහුණ කෙස් කළඹක්ද? එහෙමනම් අනිවාර්යෙන්ම ‘අනේ ඔයාගේ කොන්ඩේ හරිම ලස්සනයි. ඒ වගේ කොණ්ඩයක් මටත් තිබුණනම්’ කියන වචන අහලම ඇති. හැබැයි ඉතින් කැරළි ගැහුණ කොන්ඩේ maintain කරගන්න වෙන මහන්සිය දන්නේ ඔබ විතරනේ. ඒ නිසා මේ tips කිහිපය ඔබට අනිවාර්යෙන්ම පහසුවක් වේවි.

මේ ලිපිය හිසකෙස් පිරීමේදී අනුගමනය කළ යුතු කරුණු, හිසකෙස් විලාසිතා ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රථමයෙන්ම හිසකෙස් පීරිමේදී අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් ගැන විමසා බලමු.

fb-like-beg


කොණ්ඩය පීරීම හිසකෙස්වල පහල කොටසේ සිට ආරම්භ කරන්න.

මෙසේ කිරීමෙන් ගැට ගැසී ඇති හිසකෙස් එම ගැට වලින් මුදා ගැනීමට හැකියාව ලැබෙනවා. කොණ්ඩයේ පහල ගැටවලින් නිදහස්වූ විට ඔබට පහසුවෙන් ඉහල සිට පහලට කොණ්ඩය පීරා ගැනීමට පුළුවන්.


සති දෙකකට වතාවක්වත් හිසකෙස් අග සුළු වශයෙන් කප්පාදු කරන්න

හිසකෙස් අග පැලීම හා පළුදු වීම නිසා කෙස් කළඹ අවලස්සන වීම මෙයින් වැළකෙනවා.


දැති ලොකු පනාවක් භාවිතා කරන්න

3

හිස පීරන බුරුසුව වෙනුවට ලොකු දැති ඇති පනාවක් භාවිත කරන්න පුරුදු වෙන්න. එය කොණ්ඩයේ ස්වාභාවික ස්වරූපය රඳවා ගැනීමට උපකාරී වනු ඇති.


හිසකෙස් අග තෙල් හෝ, styling cream ස්වල්පයක් ආලේප කරන්න

4

හිසකෙස් අගට අමතර තෙතමනයක් ලැබී ඒවා වියලී පළුදු වීම මේ නිසා වැළකී යනවා.


නින්දට යන විට ‘අන්නාසි ගෙඩියක්’ ආකාරයෙන් කොණ්ඩය බැඳ ගන්න

5

මේ ආකාරයට කොණ්ඩය රාත්‍රිය පුරාම තිබීම නිසා කොණ්ඩයේ කැරළි ස්වභාවය ඒ ආකාරයෙන්ම පවතින අතර ස්වාහාවික ස්වරූපයද ආරක්ෂා වෙනවා.


Diffuser එකක් භාවිතා කරන්න.

6

Hairdryer එකත් එක්ක ලැබෙන diffuser භාවිතා නොකර ඉන්න එපා. එය යොදාගෙන කොණ්ඩය වියලා ගැනීමෙනුත් ස්වාභාක කැරළි ස්වභාවය වගේම volume එකත් තියාගන්න පුළුවන්. මේක භාවිතා කරන්න කලින් කොණ්ඩය හෝදලා යාන්තමට තෙත තියෙන වෙලාවක් තෝරාගන්න. වියලි කොණ්ඩයක් නම් ලාවට වතුර ටිකක් ඉහ ගන්න.ඊට පස්සේ මූස් ටිකක් ආලේප කරන්න. ෆොටෝ එකේ තියෙන විදිහට ඇඟිලි තුඩුවලින් ටිකක් කර්ල් කරලා ඊට පස්සේ diffuser එක පාවිච්චි කරන්න.


කැරළි කොණ්ඩයකට හොඳටම ගැලපෙන විලාසිතා කිහිපයක්

8


10

 


 

12

 


 

14

SHARE

NO COMMENTS

LEAVE A REPLY