ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කරගැනීමට නැරඹිය යුතු TV Series 10ක්

ඉංග්‍රීසි භාෂාව යනු වර්තමාන ලෝකයේ වෘත්තිකයෙකු ලෙස සාර්ථක වීමට අවශ්‍යතාව ඇත්නම් ඔබ අනිවාර්යයෙන්ම හොඳින් හසුරුවන්න දන සිටිය යුතු දෙයක්. බොහෝ අය ඉංග්‍රීසි ‘හදාගන්න’ කියල පන්ති පිට පන්ති ගියත් කිසිම ප්‍රගතියක් අත්කරගන්නා නම් ඒ කවුරුත් සමත් වෙලා නැහැ.

මේකට ප්‍රධානතම හේතුව තමයි කටපාඩම් කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කියල ගොඩක් දෙනා අතර පැතිරිලා තියෙන වැරදි මතය. පන්තියකට ගිහින් එතැනදී දෙන ටියුට් එකේ තියෙන වාක්‍ය පාඩම් කළා කියල කිසිම දවසක ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ නෑ.

fb-like-beg


ඉංග්‍රීසි කතා කරන්න නම් ඔබ පොත් පත්, පුවත්පත් සඟරා ආදිය කියවන්න ඕන. ඊට අමතරව ඉංග්‍රීසි ගීත, ටෙලි නාට්‍ය මාලා බැලීමත් ඉතාම හොඳයි. වචන උච්චාරණය කරන අයුරු මෙන්ම කතා කිරීමේදී භාවිතා වන වචන හොඳින් හඳුනාගත හැකිවන්නේ එවිටයි. ඉතින් පහත ටෙලි නාට්‍ය මාලා නැරඹීම ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය වඩාත් ඔප්නංවා ගැනීමට හේතුවක් වනවාට කිසිම සැකයක් නැහැ.

ටෙලි නාට්‍යය නැරඹීමේදී ඉංග්‍රීසි උපසිරැසි යොදාගෙන එය නරඹන එක  තමයි හොඳ. ඊට අමතරව නොවැටහුණ දෙයක් ඇත්නම් නැවත නවටැහැ එය නැරඹීම, සටහන් පොතක් පසෙකින් තබාගෙන අලුතෙන් හමුවන වචන, වාක්‍ය ඛණ්ඩ ලියා ගෙන පසුව කියවීම ආදියත් ඔබට කරන්න පුළුවන්. අවශ්‍යවන්නේ ඔබේ උනන්දුව හා කැපවීම පමණයි.


How I Met Your Mother

1

නිව්යෝක් නගරයේ ජීවත්වන යහළුවන් 5 දෙනෙකුගේ ජීවිත ඇසුරෙන් නිපදවී ඇති හාස්‍යජනක කතා මාලාවක් වන මෙය ලෝක ප්‍රකට වූවක්


Game of Thrones

මේ දිනවල ලොව ජනප්‍රියම ටෙලි නාට්‍ය මාලාව වන්නේ මෙයයි. කුඩා දරුවන් සමඟ නරඹන්නට යාම නම් සුදුසු කටයුත්තක් නොවන බව මතක් කරලා දෙන්න ඕන.


 Once Upon a Time

1

ඔබ කුඩාකල සිට සුරංගනා කතා කියවන්නට, නරඹන්නට පුරුදුව සිටියානම් මෙම කතා මාලාවට ඔබ ඉතාම කැමති වේවි. අප ඉතා ආදරය කරන සුරංගනා කතා චරිත දෙස වෙනස් කෝණයකින් බැලීම මෙම කතා මාලාවෙන් සිදු  කර තිබෙනවා. මෙහි භාවිතාවන භාශාවද ඉතාම සරලයි.


Sherlock

2

ෂර්ලොක් හෝම්ස් සහ ජෝන් වොට්සන් දෙන්න ගැන අහල නැති කෙනෙක් හොයාගන්නත් අමාරුයි. ඔබ ෂර්ලොක් හෝම්ස් කතා කීපයක් හරි කියවලා ඇති. හැබැයි මේ ටෙලි නාට්‍ය මාලාවේ තියෙන්නේ පොත්වල තියෙන කතාම නෙවෙයි. නවීන ෂර්ලොක් හෝම්ස් කෙනෙක් තමයි මේ කතාවේ ඉන්නේ. ලෝකය පුරා අතිශය ජනප්‍රිය කතා මාලාවක් තමයි මේ. විශේෂයෙන්ම මේ මගින් බ්‍රිතාන්‍ය උච්චාරණයන ඉගෙන ගැනීමට ඔබට හැකි වේවි.


House of Cards

3

දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අයට මේ කතා මාලාව හොඳටම ගැළපෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු උච්චාරණ විධි වගේම දේශපාලනයට සහ ව්‍යාපාරවලට සම්බන්ධ ඉංග්‍රීසි වචන ඉගෙන ගැනීමට මෙමගින් ඔබට හැකිවේවි.


Breaking Bad

4

මෙය සැලකෙන්නේ එදා මෙදා තුර නිර්මාණය වුණ විශිෂ්ටතම රූපවාහිනී කතා මාලා නාටකයක් ලෙසයි. රසායනය සම්බන්ධ වචන රාශියක් මෙයින් ඉගෙන ගැනීමට ඔබට හැකි වේවි.


The Big Bang Theory

5

මෙයත් ලොව පුරා අතිශය ජනප්‍රිය කතා මාලාවක්. මෙය නැරඹීමෙන් ඇමරිකානු උච්චාරණ විධි සහ මෙහි චරිතයක් වන ඉන්දියන් ජාතික රාජ් ගේ කතා බහ මගින් ඉන්දියානු උච්චාරණ විධි හඳුනාගැනීමට ඔබට හැකිවේවි.


Friends

6

මෙහි බස් වහර මෙන්ම කතා තේමාවද සරල එකක්. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්නට මෙය කදිම නාට්‍යයක් ලෙස නිර්දේශ කළ හැකියි.


Suits

7

නව තාක්ෂණික වචන රාශියක් ඉගෙන ගැනීමට මෙය නැරඹීමෙන් ඔබට හැකියාව ලැබේවි. නීති ශිෂ්‍යන් දෙදෙනෙකු අතර ඇතිවන මිත්‍රත්වය පාදක කොට ගත් කතාවකුයි මෙයින් කියවෙන්නේ.


The Simpsons

8

මෙය පවුලේ සැමට නැරඹිය හැකි මාලා නාටකයක්. ඇමරිකානු ජන ජීවිතයේ බොහෝ අංග මෙන්ම, විහිළු, ග්‍රාම්‍ය ව්‍යවහාර භාෂාවේ වචන ආදී බොහෝ දේ මෙයින් ඉගෙන ගැනීමට ඔබට හැකියාව ලැබේවි.

SHARE

1 COMMENT

LEAVE A REPLY