සිත් ඇදී යන ලෙස දෙතොල් වර්ණ ගැන්වීමට tips 8ක්

ගෙදරින් පිටට යනකොට ලස්සනට ඇඳල, පැළඳලා, දෙතොල් ලස්සනට පාට කරලා ඒ  ගමන යන්න කෙල්ලෝ කැමතියි. හැබැයි මේ තොල්වල ලිප්ස්ටික් ගානවා කියන එක ලස්සනට වගේම සීරු මාරුවට කරන්න ඕන වැඩක්. නැත්නම් මූණට සාපේක්ෂව තොල් ලොකුවට පෙනීම, ලිප්ස්ටික් දත් වල තැවරීම, හරි හැටි ආලේප නොවීම නිසා ව්කෘති විදිහට පෙනීම වගේ අකරතැබ්බ ගණනාවකට මූණ දෙන්න කෙල්ලන්ට සිදු වෙන්න පුළුවන්.

ඉතින් තොල් පාට කරලා හැඩට වැඩට ඉන්න කැමති කෙල්ලෝ වෙනුවෙනුයි මේ ලිපිය. මෙතන කියන ටිප්ස් පාවිච්චි කරලා බලන්න. පුදුම කරවන සුළු ප්‍රතිඵල අනිවාර්යයි.

fb-like-beg


මැරුණ සම ඉවත් කිරීම

1

කුඩා දත්බුරුසුවක් අරගෙන දෙතොල් මත මෘදුව එහා මෙහා කිරීමෙන් දෙතොලේ මැරුණ සම ඉවත් කරගැනීම කරන්ගන්නට පුළුවන්. මෙවිට දෙතොල් වඩාත් සිනිඳු වන නිසා ලිප්ස්ටික් ගැලවීම වඩාත් පහසු වෙනවා.


තෙතමනය ලබා දීම

2

මේ සඳහා බාම් එකක් ගැලවීම කළ හැකියි. මෙයින් දෙතොලේ ඉරිතැලුණ ස්ථාන වැසී යන අතර දෙතොල සුමුදු වෙනවා.


Foundation ස්වල්පයක් ආලේප කිරීම

3

දෙතොල් මදක් උල් කර make up sponge එක භාවිතයෙන් දෙතොලේ දාර වටා foundation ස්වල්පයක් ආලේප කරන්න. මෙමගින් දෙතොල් ආලේපනයේ වර්ණය වඩාත් කැපී පෙනෙන සුළු එකක් බවට පත් කෙරෙනවා.


Lip Pencil එක භාවිතා කරන්න

4

දෙතොලේ දාර lip pencil එකක් භාවිතයෙන් වර්ණ ගන්වා ගන්න.


Lip Pencil එකෙන් දෙතොල වර්ණ ගන්වා ගන්න

5

දෙතොලේ දාර පාට කරගත් පසු සම්පූන්ර දෙතොලම lip pencil එක මගින් වර්ණ ගන්වා ගැනීම කළ යුතුයි.


Lipstick ආලේප කරන්න

6

ලිප්ස්ටික් භාවිතයෙන් දෙතොල වර්ණවත් කරගත යුත්තේ දැනුයි.


Powder හා blot කිරීම

7

මේ පියවර නම් ඔබ මීට කලින් කරලා නැතිව ඇති. මෙතැනදී කරන්න ඕන ලිප්ස්ටික් ආලේප කලාට පස්සේ ටිෂූ එකක් දෙතොල් හරහා තියල තරමක් මහතා බ්‍රෂ් එකකට පවුඩර් ස්වල්පයක් අරගෙන ඒ මත ආලේප කරගෙන යන එකයි.


කොහොමද පෙනුම

8

ලස්සනයි නේද? ආහාර අනුභව කිරීම, ජලය පානය කිරීම මේ ඕනෑ දෙයක් කළත් ඔබේ දෙතොල්වල පැහැය නම් වෙනස් නොවී දිගු කාලයක් පවතීවි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY