කවුරුත් කැමති මිදි වයින් ගෙදරදීම හදාගනිමු

මිදි කියන්නේ වයස් භේදයකින් තොරව සියලු දෙනාම පාහේ ආශා කරන ඉතාම රසවත් පළතුරක්. Vitis Vinifera කියන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මිදි රස වගේම ඉතාම ගුණදායකයි.

fb-like-beg


මිදි ග්රෑම් 100ක  අඩංගු වන ප්‍රධාන පෝෂක දෙස බැලූ විට මෙය ඔබට වඩාත් හොඳින් පැහැදිලි වේවි.

ඇමරිකාවේ ඔරිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලය මගින් කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ මිදි යුෂ, රතු මිදි ආහාරයට ගැනීම මගින් තරබාරු පුද්ගලයින්ට ඔවුන්ගේ සිරුරේ මේද දහනය කිරීමට පහසුවක් ලැබෙන බවයි.

මීට අමතරව අක්මාවේ මේද තැන්පත් වීම වැනි පරිවෘත්තීය ක‍්‍රියාවලියේ ගැටළු විසඳීම සඳහාද මෙමගින් සහය ලැබෙන බව හෙළිවී තිබෙනවා. ඉතින් අපි බලමු නිවසේදීම මිදි වයින් සාදාගන්නේ කෙසේද කියා.


අවශ්‍ය ද්‍රව්‍ය :

  • කලු හෝ රතු මිදි කිලෝ 1
  • සීනි කිලෝ 1 ½
  • වතුර බෝතල් 3
  • යීස්ට් තේ හැදි 3
  • කුරුදු පොත්තක්
  • සාදික්කා ස්වල්පයක්

සාදන ක්‍රමය :

  • වතුර උතුරවා එයට සීනි දමා දියකර නැවත උතුර වන්න. නිවෙන්න තබන්න.
  • මිදි වල ඇට ඉවත් කර හොදින් පොඩි කරමින් යුෂ අරගන්න.
  • යීස්ට් වලට සීනි මේස හැන්දක් දමා ලා උණුසුම් වතුර කෝප්ප 1/2 ක මිශ්‍ර කර පිපෙන්න විනාඩි 10 තබන්න.
  • දැන් සීනි ද්‍රාවණය, මිදි යුෂ වලට මිශ්‍ර කර, කුරුදු පොත්ත සහ සාදික්කා දමා අවසානයට යීස්ට් එකතු කර සතියක් පමණ වසා තබන්න.
  • 8 වන දිනයේ ලී හැන්දකින් හොදින් කූරු ගා නැවත දින දෙකක් පමන තබා, රෙදි කඩකින් හෝ පෙරනයකින් පෙරන්න. වර්ණ ගැනීමට කැරමල් කෝප්පයක් එකතු කරන්න.

කැරමල් එක සදහා:

  • සීනි 125g කට වතුර මේස හැන්දක් දමා කූරු නොගා ලිපේ තබා දුඹුරු පාට වන තුරු භාජනය සොලවමින් සීනි ටික කරකර උනුවතුර කෝප්පයක් දමා දිය කර ගන්න.
  • මෙය වයින් මිශ්‍රණය ට එක් කර බෝතල් කරන්න.
SHARE

NO COMMENTS

LEAVE A REPLY