ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීමට උපකාරී වන වෙබ් අඩවි 8ක්

ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගැනීම සම්බන්ධව අප විසින් පල කරන ලිපිවලට ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එතනින් පැහැදිලි වෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිසියාකාරව ඉගෙන ගැනීම පිලිබඳ අපේ රටේ අය කොතරම් උනන්දු වෙනවාද, එය කොතරම් දැවෙන ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවාද යන්නයි. 

පාසල්වලින්, ටියුෂන් පන්තිවලින් ඉංග්‍රීසි ඉගෙන ගැනීම ඉතාම අපහසු දෙයක් බවට වක්‍රව බෙදාහැර ඇති මතය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අපි මීට පෙර ලිපියකිනුත් ඔබට පැවසුවා. ඉතා සරල, එදිනෙදා ජිවිතයේ කරන වැඩ කටයුතුවලින් පවා ඔබට ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරුවන්නෙක් විය හැකියි. 

fb-like-beg


අද කාලෙ හැම දෙනෙක්ටම වගේ තමන්ගේ නිවසේ desktop පරිගණකයක්, තමන්ට ලැප් ටොප් එකක් ඔය දෙකම නැත්නම් තමන්ගේ අතේ smart phone එකක් හරි තියෙනවාමයි. ඉතින් ඔය හරහා අන්තර්ජාලයට පිවිසිලා එහි ඇති ඉගෙනුම් ආධාරක මගින් ඔබේ දැනුම වැඩි දියුණු කරගැනීම එතරම් අපහසු කාරණයක් නෙවෙයි. මුලදී යම් අපහසුවක් දැනේවි. එහෙත් ඔබට උනන්දුව හා කැපවීම තිබෙනවානම් මේක හරිම සුළු දෙයක්. දවසින් පැයක් වගේ කාලයක් මේකට වෙන් කරගන්න පුළුවන් වුණානම් හොඳටම ඇති.

අන්තර්ජාලයේ ඇති  ලක්ෂ ගණනක් වූ වෙබ් අඩවි අතරින් ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාර කිරීම වෙනුවෙන්ම සැකසී ඇති වෙබ් අඩවි කිහිපයක් ගැන තොරතුරුයි අපි ඔබට මේ ලිපියෙන් කියවෙන්නේ.


MyEnglishTeacher.eu

මෙම වෙබ් අඩවියෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කළ යුතු ඉතාම ලෙහෙසි tip, සරල භාෂාවෙන් ඇති module ආදිය ලබා ගත හැකියි.


 PhraseMix

2

මෙම වෙබ් අඩවිය ඉතා සරලව, ආකර්ෂණීයව සහ පරිශීලනය කිරීමට පහසු වෙන ආකාරයෙන් තමයි සැකසී තියෙන්නේ. ඉංග්‍රීසි වාක්‍ය තනන හැටි ඉගෙන ගන්නට මේ වෙබ් අඩවිය කදිමයි.


  About.com

3

මූලිකම ඉංග්‍රීසි දැනුමේ සිට සංකීර්ණ මට්ටම් දක්වා යන්නට මෙහි පහසුකම් තියෙනවා. Module වගේම වීඩියෝත් මෙහි අඩංගුයි. ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා අය වෙනුවෙන්මයි මෙය සැකසී ඇත්තේ.


 Voice of America

4

ඇමරිකානු ඉංග්‍රීසි ඉගෙන ගන්නා අයට මෙය වටිනා වෙබ් අඩවියක් වනු ඇති.


English Central

මෙහි බොහෝ පාඩම් ඉදිරිපත් කර ඇත්තේ කෙටි වීඩියෝ දෙබස් ආකාරයෙන්.  ඉංග්‍රීසි කතා කරන ආකාරය ඉගෙන ගන්නට, උච්චාරණ විධි ඉගෙන ගන්නට එය ඉතාම පහසුවක් වනු ඇති.


 Holmwoods

6

කියවීමට හා සවන්දීමට හැකි ආකාරයෙන් පාඩම් ඉදිරිපත් කර තිබීම මෙම වෙබ් අඩවියේ සුවිශේෂ ලක්ෂණයක්.


News In Levels

7

එදිනෙදා පුවත් කියවීමත් ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගත හැකි හොඳම ක්‍රමයක්. මේ වෙබ් අඩවිය ඒ සඳහා ඔබට උපකාර කරනු ඇති. සරල බසින් ලොව පුරාම නවතම පුවත් මෙම වෙබ් අඩවියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඔබේ වචන කෝෂය (vocabulary) වැඩි දියුණු කරගැනීමටත් මෙය උපකාරී වේවි.


How do you do? 

8

මෙය ඉතා සරලව සැකසී ඇති වෙබ් අඩවියක්. ඉංග්‍රීසි බස කතා නොකරන රටවල පරිශීලකයන් සමඟ අදහස් හුවමාරු කරගනීමට මෙම වෙබ් අඩවිය ඔබට පහසුකම් සලසනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY