හිසකෙස් සහ සමට අවශ්‍ය පෝෂණය ගෙන දෙන ගිතෙල්

ගිතෙල් කියන්නේ අපිට එතරම් හුරු පුරුදු නොවුණත් අපේ අසල්වැසි ඉන්දියාවේ ආහාර වේලක් පිළියෙළ කරනකොට නම් වරදින්නේ නැති දෙයක්. ආහාරවලට එකතු කර ගන්න එක ඇරුණම ගිතෙල් කියන්නේ හිසකෙස් සහ සමට පෝෂණයත් ලබා දෙන ද්‍රව්‍යයක්.  සම වියළීම, තොල් වියළීමට හොඳ ප්‍රතිකර්මයක් වන ගිතෙල් නිරෝගී වගේම දිදුලන සමක් ලබා ගැනීමටත් උපකාරී වෙනවා.

අපි බලමු මේ තරම් වටිනා ගිතෙල්වලින් අපේ සම සහ හිසකෙස් පෝෂණය කරගැනීමට ලැබෙන වෙනත් උපකාර මොනවාද කියලා.

fb-like-beg


වියළි සමකට අවශ්‍ය තෙතමනය ලබා දීම

ගිතෙල්වල මේද අම්ල අන්තර්ගත වෙනවා. මේ මේද අම්ලවලට පුළුවන් සැමට අවශ්‍ය තෙතමනය ලබා දෙන්නට.

ප්‍රතිකර්මය,

ගිතෙල් ස්වල්පයක් ගෙන යම් තරමකට රත් කර මුහුණේ ආලේප කරන්න. මඳ වේලාවක් හොඳින් මසාජ් කර සෝදා හරින්න.


සිනිඳු සමක් සඳහා

ජලය හා ගිතෙල් සමාන ප්‍රමාණ වලින් ගෙන හොඳින් බිලෙන්ඩර් කරගන්න. මේ මිශ්‍රණය මුහුණේ ආලේප කර ටික වේලාවකින් සෝදා හරින්න.


කන්ඩිෂනර් එකක් ලෙස

ගිතෙල් හා පොල්තෙල් සමාන ප්‍රමාණ වලින් ගෙන හිසකෙස් හොඳින් මසාජ් කරන්න. ටික වේලාවකින් සෝදා හරින්න.


හිසකෙස් අග පළුදු වීම වැලැක්වීමට

ගිතෙල් සුළු ප්‍රමාණයක් රත් කර හිසකෙස් අගිස්සේ ආලේප කරන්න. පැයක් පමණ එසේ තිබෙන්නට හැර ෂැම්පු යොදා සෝදා හරින්න.


ඇස් වටා කළු වීම වැලැක්වීමට

නින්දට යාමට පෙර ගිතෙල් ඇස් යට ආලේප කිරීම ඇස් යට කළු වීමට හොඳම ප්‍රතිකර්මයක්. ඒ වගේම වෙහෙසකාරී ඇස් වලට ගිතෙල්වලින් ලබා දෙන්නේ නොමඳ සුවයක්.


සම අකාලයේ වියපත් වීමට ප්‍රතිකර්මයක් ලෙස

ගිතෙල් වලින් සම මසාජ් කිරීම තරුණ සමක් නැවත ලබා ගැනීමට හොඳම ක්‍රමයක්. ගිතෙල් සමේ සෛලවල ගැඹුරටම කා වැදී චර්ම සෛල තරුණ හා නීරෝගී කිරීමට දායක වෙනවා.


දීප්තිමත් සමක් සඳහා

ගිතෙල්වලින් සම පිරිසිඳු කරමින් සමේ තෙතමනය ආරක්ෂා කර දෙන නිසා වියළි  සම ස්වාභාවිකවම දීප්තිමත් කර දෙනවා.

ප්‍රතිකර්මය,

එළකිරි හා ගිතෙල් සමාන ප්‍රමාණ වලින් ගෙන මුහුණේ ආලේප කර, ටික වේලාවකින් සෝදා හරින්න.


ඉහත දැක්වූ රූපලාවණ්‍යමය වාසි හැරුණුකොට ගිතෙල් මඟින් සෞඛ්‍යයට හිතකර වාසිත් සැලසෙනවා.  අහිතකර කොලස්ට්‍රොල් මට්ටම අඩු කරන්න වගේම හෘදය ආශ්‍රිත රෝග ඇති වීම ද ගිතෙල්වලින් වලක්වාලනවා. ගිතෙල් වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන බැවින් සමේ කාන්තිමත් භාවයට දායක වනවා මෙන්ම චර්ම සෛල වර්ධනය ද වැඩි කරවනවා. මේවායේ කැරොටිනොයිඩ,  vitamins A හා E අන්තර්ගත වෙනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY