එදා මෙදා තුර ලෝකයේ වඩාත්ම ජේත්තුකාර රාජකීයයන් ලෙස නම් දැරූ කාන්තාවන් 16ක්

ලොව පුරා ඉන්න රාජකීය පවුල්වල තොරතුරු දැනගන්න ඕන කෙනෙක් හරි කැමතියි. විශේෂයෙන්ම මේ රාජකීය පවුල්වල කුමාරිකාවන් සහ රැජිනියන්ගෙ විලාසිතා ඉතා ඉක්මනින් ප්‍රචලිත වෙනවා. ඉතින් ලෝකයේ වඩාත්ම හැඩට, වැඩට අඳින පළඳින, විලාසිතා කරන රාජකීයයන් ලෙස ජනාදරයට පත්වී සිටින කුමාරිකාවන් හා රැජිනියන් කිහිප දෙනෙකු ගැන තොරතුරු මේ ලිපියෙන් ඔබට දැනගන්නට පුළුවන්. 

fb-like-beg


ජෙට්සුන් පෙමා රැජින

ඇය භූතාන රජුගේ අගමෙහෙසියයි. සාම්ප්‍රදායික හා නූතන යන දෙවිදිහේම සම්මිශ්‍රණයක් ගෙනෙන පරිදි ඇඳුම් තෝරාගැනීම ගැන ඇය ප්‍රසිද්ධයි.


කේට් මිඩ්ල්ටන්

2

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන කේට්ගෙ නිල නාමය වන්නේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය යන්නයි. ඇය වත්මන් විලාසිතා ලෝකයේ ඉදිරිපෙලම සිටින සලකුණක් බවට පත්ව තිබෙන්නේ නවීන සහ අද්විතීය ලෙස පිළියෙළ කර ඇති ඇගේ ඇඳුම් පැළඳුම් විලාසිතා නිසායි.


මාරි චැන්ටල් කුමරිය

ග්‍රීසියේ අනාගත රැජිණ ඇයයි. විවාහ වී සිටින්නේ දෙවෙනි කොන්ස්තන්තීන් රජුගේ පුත් පැව්ලෝස් කුමරු සමඟයි.


මේරි කුමරිය

3

ඇය විවාහ වී සිටින්නේ ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරු සමගයි. 2014 වසරේදී ලොව වඩාත්ම ජේත්තුකාර රාජකීය කාන්තාව ලෙස මහජන මනාපයෙන් ප්‍රථම ස්ථානයට පැමිණියේ ඩෙන්මාර්කයේ මේරි කුමරියයි.


එළිසබෙත් වොන් තූර්න් උන්ඩ් තැක්සිස්

4

එළිසබෙත් කුමරිය ජර්මනියේ ප්‍රකට ජනමාධ්‍යවේදිනියක්. 2012 වසරේ සිට එම රටේ ප්‍රමුඛ පෙළේ විලාසිතා සඟරාවක ප්‍රධාන කතෘවරිය ලෙස කටයුතු කරන්නෙත් ඇයයි.


ෆාරා පලාවි අධිරාජිණිය

5

ඉරානයේ අධිරාජිණියව වී සිටි ඇය සහ ඇගේ පවුල 1976 වසරේදී එරටින් පිටුවහල් කරනු ලැබුවා. එසේ වුවත් අදටත් විලාසිතා ලොවේ ඇගේ නම නොමැකී පවතිනවා.


නූර් රැජිණිය

6

ඇය ජෝර්දාන රජුගේ බිරිඳයි. ඇමරිකාවේ උපත ලබා ඇති ඇය කාන්තා අයිතිවාසිකම් පිලිබඳ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකටයි. එමෙන්ම න්‍යෂ්ටික අවි භාවිතයට එරෙහිව හඬ අවදි කළ කාන්තාවක්ද වෙනවා.


බියට්‍රිස් කුමරිය

ඇය එංගලන්තයේ ඓතිහාසික යෝක් නගරයේ ආදිපදවරයාගේ දියණියයි


චාර්ලීන් කුමරිය 

7

ඇය මොනොකෝ රාජ්‍යයේ රජ පවුලට එකතු වූවේ 2011 වසරේදී වුවත් ඊට පෙර සිටම විලාසිතා ලොවේ ප්‍රකට නමක් ඇය සතුව තිබුණා. අති දක්ෂ පිහිනුම් ක්‍රීඩිකාවක්.


ඩයනා කුමරිය

8

එදා මෙදා තුර ලෝකයේ වඩාත්ම ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ රාජකීය කාන්තාව ඩයනා කුමරිය කියා කිව්වොත් එය වැරදි වෙන එකක් නැහැ. ඇය ගැන නොදන්නා කෙනෙක් සොයාගැනීමටත් අපහසුයි.


කෙලී රැජිණිය

මොනොකෝ රාජ්‍යයේ රජ පවුලට එක්වීමට ප්‍රථම ඇය අතිශය ජනප්‍රිය නිළියක්. ඇගේ විවාහ මංගල ඇඳුම මොනොකෝ රාජකීයයෙකු විසින් අඳින ලද අලංකාරම විවාහ මංගල ඇඳුම්වලින් එකක් ලෙස සැලකෙනවා. කෙලී රැජිණිය 1982 වසරේදී අභාවප්‍රාප්ත වුණා.


ලාලා සල්මා කුමරිය

10

ඇය මොරොක්කෝ පාලකයාගේ බිරිඳයි. නිහඬ ජීවිතයක් ගත කිරීමට කැමැත්ත ඇත්තියක් ද වනවා.


ලෙටීෂියා කුමරිය

11

ඇය ඔස්ට්‍රියාවේ කුමරියයි.


මෙඩලීන් කුමරිය

ඇය ස්වීඩනයේ රාජකීය පවුලේ සාමාජිකාවක්. ලේස්වලින් සැකසූ ඇඳුම් වලට ඉමහත් කැමැත්තක් දක්වන්නියක් ලෙසත් ප්‍රකටයි.


සිරිවන්නවාරි නරිරටනා කුමරිය

ඇය තායිලන්ත රජ පවුලේ සාමාජිකාවක්.


රානියා අල් අබ්දුල්ලා රැජිණිය

ජෝර්දානයේ රැජිණියයි. ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY