Cutting Board එකක් භාවිත කරන කොට මේ ගැනත් සිතන්න

ගෙදර මුළුතැන්ගෙයට නැතිවම බැරි දෙයක් තමයි cutting board එකක් කියන්නේ. ඉතින් cutting board එකක් භාවිතයේදී ඔබේ වැඩ පහසු කරවන වගේම cutting board එකටත් ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන් විදිහේ tricks කිහිපයක් ගැන මේ පුංචි ලිපියෙන් ඔබට ඉගෙන ගන්නට පුළුවනි. එහෙනම් කියවලාම බලමුකෝ.

fb-like-beg


Cutting board එක මත කතාබා එළවළු ආදිය කපන කොට එය සෙලවීමෙන් ඔබේ අතට හා ඇඟිලිවල කැපුම් තුවාල ඇති වීමේ අවදානමක් තිබෙනවා. මොකද සෙලවෙන cutting board එක ලිස්සා යාමට ඇති හැකියාව නිසා. ඒ තත්වය පුංචි trick එකකින් මග ඇරගන්න පුළුවන්. ඔයා කරන්න ඕන තෙත paper towel එකක් cutting board එක යටින් තබා ගැනීමයි.

ඒ වගේම cutting board එකක් තෝරාගන්නකොටත් ඝනකම් වීදුරු, උණ වගේ  ද්‍රව්‍යවලින් හැදුව ඒවා ගන්නවා වෙනුවට ලීවලින් හරි ප්ලාස්ටික්වලින් හරි හදපු board එකක් ගන්න එක හොඳයි.

ඒ වගේම එළවලු කපන්න ගන්න පිහිය මුවහත් වෙන්න ඕන. මොකද මොට්ට තලයක් තියෙන පිහියකින් සිදුවන කැපුම් තුවාල දරුණු වගේම අනතුරුදායක වෙන්නත් පුළුවන් නිසා. ඒ වගේම ඒ තලය මළකඩ නොකා තියෙන්නත් ඕන. විෂබීජ ආසාදනවලට ගොදුරු වීම එකෙන් වැළකෙනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY