සිරුරට ශක්තිය ගෙනන රසවත් සුප් වර්ග 3ක්

සුප් බොන්න අකමැති කවුරුත් නම් ඉන්න විදිහක්ම නැහැ. හුඟක් දෙනෙක් හරි සැහැල්ලු ආහාරයක් විදියට තමයි සුප් එක සලකන්නේ. ඒත් සුප් එකක් කෑම රුචිය වඩවන දෙයක් විදියටත් පාවිච්චි කරනවා. ඉතින් මේ ලිපියෙන් අපි බලන්නේ රසට බොන්න පුළුවන් වගේම සිරුරට ශක්තියත් ලබා දෙන සුප් වර්ග තුනක් හදන්නේ කොහොමද කියලයි.


මිශ්‍ර එළවලු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය,
  • අල ග්‍රෑම් 100
  • බෝංචි ග්‍රෑම් 150
  • කැරට් ග්‍රෑම් 50
  • ගෝවා ග්‍රෑම් 50
  • සුදු ළූණු බික් 04
  • රතු ළූණු ගෙඩි 04
  • ගෝවා මල් ග්‍රෑම් 50
  • ලුණු ඇති තරමට
  • දෙහි ගෙඩියට යුෂ
  • වතුර ලීටර් 1 1/2
සාදන ක්‍රමය,
  • සියලුම එළවලු වර්ග හොඳින් සෝදා පිරිසිදු කර සිහින්ව කපා ගන්න
  • ඉන්පසු ගැලපෙන බඳුනක් ගෙන එයට වතුර දමා කපා ගත එළවලු හොඳින් තම්බා ගන්න
  • ඉන්පසු ලුණු එක්කර, දෙහි යුෂ ද දමා ලිපෙන් ඉවත් කර උණු උණුවෙම පානය කරන්න.

fb-like-beg


මිශ්‍ර එළවලු ක්‍රීම් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය,
  • අල ග්‍රෑම් 50
  • බෝංචි ග්‍රෑම් 50
  • ගෝවා මල් ග්‍රෑම් 50
  • පරිප්පු ග්‍රෑම් 50
  • නිවිති ග්‍රෑම් 50
  • ලුණු පදමට
  • කිරි කෝප්ප (දිය කරගත්) 01
  • වතුර ලීටර් 01
  • බටර් තේ හැඳි 01
  • එළවලු රසැති සුප් කැට 01
සාදන ක්‍රමය,
  • සියලුම එළවලු හොඳින් පිරිසිදු කරගෙන සිහින්ව කපා ගන්න.
  • බඳුනක් ගෙන එයට බටර් එක් කර රත්වන විට කපා ගත එළවලු දමා විනාඩි 2 -3 ක් පමණ කාලයක් තෙම්පරාදු කරගන්න.
  • ඉන්පසු වතුර එක්කර එළවලු ටික හොඳින් තම්බා ගන්න
  • ලිප නිවා සුප් එක නිවා බ්ලෙන්ඩර් කර පෙරා ගන්න
  • පෙරා ගත සුප් එක වෙනත් බඳුනකට දමා අවශ්‍ය පමණ ලුණු දමා ලිප තබා උතුරන තත්වයට එන තෙක් හොඳින් හැඳි ගාන්න.

තක්කාලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය,
  • ඉදුණු තක්කාලි ග්‍රෑම් 500
  • සිහින්ව කපා ගත ලොකු ළූණු ගෙඩි 1/2
  • එළවලු තෙල් තේ හැඳි 02
  • කපා ගත සුදු ලූනි බික් 04
  • ලුණු ගම්මිරිස් පදමට
  • හීනියට කපා ගත මිංචි කොළ 06 -07
  • වතුර කෝප්ප 04
සාදන ක්‍රමය,
  • තක්කාලි හොඳින් සෝදා පිරිසිදු කර උඩින් කතිරයක් ආකාරයට පිහියකින් කැපුමක් දමා උණු වතුරට දමන්න.
  • විනාඩි 02 -03ක් තැම්බෙන්නට හැර පිටතට ගෙන උඩ පොත්ත ඉවත් කරගෙන කැබලිවලට කපා ගන්න
  • බඳුනක් ලිප තබා එයට එළවලු තෙල් දමා රත්වන විට සියලුම ද්‍රව්‍ය දමා විනාඩි 02 -03 ක් තෙම්පරාදු කරගන්න.
  • එයටම වතුර එක්කර හැඳි ගාමින් පිස ගන්න.
  • ලිපෙන් ඉවත්කර නිවෙන්නට හැර බ්ලෙන්ඩර් කර පෙරා පානය කරන්න.
SHARE

NO COMMENTS

LEAVE A REPLY