ඔයා හොඳ පෙම්වතෙක්/පෙම්වතියක් ද?

නිකඩව ඉන්න කාලෙ ‘අනේ මගෙ ලඟින් ඉන්න කෙනෙක් හිටියනම් කොච්චර හොඳද?’ කියල ඕන කෙනෙක් හිතනවා. ඒත් relationship එකක ඉන්නවා කියන්නෙත් ලේසි දෙයක් නෙවෙයි. එකිනෙකා ගැන ආදරය විතරක් තිබුණට මදි, විශ්වාසය, අවබෝධය වගේම කැපකීරීම් කිරීමට සූදානම් වී ඉන්න එකත් RELATIONSHIP එකක් සාර්ථක වෙන්න අනිවාර්යෙන්ම තිබිය යුතු දේවල්.

ඒ නිසා හොඳ partner කෙනෙක් වෙනවා කියන එක සෑහෙන්න අමාරු දෙයක්. හැබැයි අපි දැන් මේ කියන්න යන ලක්ෂණ 17න් 17ම හරි බාගෙකට වඩා හරි තියෙනවනම් අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ පෙම්වතාට හරි පෙම්වතියට හරි හොඳ partner කෙනෙක්. එහෙනම් බලමු ඒ ලක්ෂණ මොනවද කියලා.


01. එයාට ඔයාව ඕන හැම වෙලාවකදීම වගේ ඔයා එයත් එක්ක ඉන්නවා. ඔයාට මේ හැම වෙලේම එයා ලඟින් physically ඉන්න බැරි වේවි. ඒත් call එකකින් හරි message එකකින් හරි එයාට ඔයාව ඕන වෙලාවට ඔයා එයාගේ ලඟින් ඉන්න උත්සාහ කරනවා.

fb-like-beg


02. ඔයා එයාගේ හැමදේම නොවෙන්න පුළුවන්. ඒත් එයාට partner කෙනෙක්ගෙන් අවශ්‍ය හැම දෙයක්ම ඔයා ළඟ තියෙනවා.


03. එයාව පුදුම කරන්න ඔයාට විශේෂ දිනවත්, සඟරාවල හරි අන්තර්ජාලයේ හරි තියෙන tips වත් අවශ්‍ය නැහැ. ඔයා හරියටම දන්නවා එයාව පුදුම කරවන්න කරන්න ඕන මොනවද කියලා.


04. ඔයාට relationship එක ඇතුලේ එයත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් ඔයා හැම තිස්සෙම ඒ ප්‍රශ්න ගැන විවෘතව එයා එක්ක කතා කරලා ඒවා විසඳාගන්නවා.


05. සමහර වෙලාවට කතා බහ කිරීමකින් තොරවම එකිනෙකාව වටහා ගන්න ඔයාලාට හැකියාව තියෙනවා.


06. ඔයා මුලින්ම ඇහුම්කන් දෙනවා. කතා කරන්න කලින් කටින් පිටවෙන්න වචන ගැන හිතා බලනවා.


07. ඔයා එයාව විශ්වාස කරනවා. ඒ නිසා ඔයාගේ call එකකට උත්තර දෙන්න හරි text එකකට reply කරන්න හරි එයාට වෙලා යන එක ඔයා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ.


08. ඔයා එයා ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ හංගන්න උත්සාහ කරන්නේ නැහැ.


09. ඔයාට එයාව අවශ්‍යයි. ඒ නිසා ඔයා එයාට ප්‍රමුඛතාවය දෙනවා. එයා ගැන හොයා බලනවා.


10. මහා ලොකු ගිවිසුම්, කොන්දේසි ඔයාලා අතර නැහැ. හිතට දැනෙන විදිහට ඔයා එයත් එක්ක ජීවත් වෙනවා.


11. එයාව වෙනස් කරන්න ඔයාට ඕන නැහැ. ඔයා ආදරය කරන්නේ එයා ඉන්න විදිහටයි.


12. හැමෝටම තනියෙන් ඉන්නත් වෙලාවක් ඕන කියන එක ඔයා තේරුම් අරගෙනයි ඉන්නේ.


13. ඉරිසියා හිතෙන එක ස්වාභාවික දෙයක්. හැබැයි ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් ඔයාගේ හිතේ ඇති වුණ ඉරිසියාව ගැන එයාට කියල ඒවා විසඳගන්න ඔයා කටයුතු කරනවා.


14. අතීතයට වඩා වැදගත් වෙන්නේ වර්තමානය සහ අනාගතය කියලා ඔයා හොඳටම දන්නවා.


15. ඔයාට ඕන එයා එක්ක ජීවිතේ බෙදා හදාගන්න මිසක් එයාව අයිති කරගන්න නෙවෙයි.


16. බොරු කියන එක හැමෝම අතින් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා එහෙම දෙයක් වුණොත් එයාව තේරුම් ගන්න ඔයා උත්සාහ කරනවා.


17. සතුටින් ඉන්න විශේෂ දේවල් කරන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. එකිනෙකා එක්ක ඉන්න හැම වෙලාවේම ඔයාලා ඉන්නේ විනෝදයෙන් සහ සතුටින්

SHARE

NO COMMENTS

LEAVE A REPLY