ඇඳුම් අල්මාරිය කාවන්ගෙන් හා කැරපොත්තන්ගෙන් බේරාගන්න TIPS 7ක්

ඳුම් අල්මාරිය කියන්නේ නිතරම ඉතාම පිරිසිදුව, පිළිවෙලට තබා ගත යුතු තැනක්‌. අපි දකිනවා ඇතැම් නිවෙස්‌වල ඇඳුම් අල්මාරි, කිසිම පිළිවෙලක්‌ නැහැ. අවශ්‍ය ඇඳුමක්‌ සොයා ගන්න බැහැ. දොරවල් ඇරලා දාලා. ඕනම සතෙකුට රිංගන්න පුළුවන්. මේවායින් පෙනෙන්නේ නිවැසියන්ගේ නොසැලකිලිමත් කමයි.


නිතර පිරිසිදුව, පිළිවෙලට තබාගන්නා ඇඳුම් අල්මාරියේ සතුන් බෝ වෙන්නේ නෑ. ඒ වගේම පින්නෙන් හා වතුර කාන්දු වීමෙන් හානි නොවන තැනක ඇඳුම් අල්මාරිය තබන්න ඕන. අල්මාරිය තුළ නිතරම වියළි තත්ත්වයෙන් තබා ගන්න ඕන. අල්මාරිය තුළ තෙත සහිත වීමෙනුත් සතුන් බෝවන්නට පුළුවන්.

ඇතැම් විට මේ අල්මාරි තුළ නිතර භාවිත නොවන ඇඳුම් තිබෙනවා. මේවා සති දෙක තුනකට වරක්‌ පිටතට අරගෙන අව්වේ වේලෙන්නට දමා හොඳින් ගසලා, නවලා තියන්න ඕන. නැතිනම් දිගටම නවලාම තිබෙන ඇඳුම් අතරත් තෙතමනය රැඳෙන්න පුලුවන්. ඇඳුම් අල්මාරියට කාවන් හා කැරපොත්තන් බෝවීම වලක්‌වා ගැනීමට පහත ක්‍රම අනුගමනය කර බලන්න.
fb-like-beg


  1. කාවන්ගෙන් හානි සිදුවන්නේ පැරණි රෙදි හා පොත්වලටයි. ඒ නිසා නිතරම අනවශ්‍ය භාවිතයට නොගන්නා දේ ඉවත් කරන්න. නැතිනම් ඒවා හොඳ රෙදිවලටත් හානි සිදුකරනවා.


  2. කපුරු බෝල තබන්න. කපුරු බෝල දමන විට ඒවා ඇඳුම් අතර තබන්න එපා. නෙට්‌ වැනි රෙදි කැබැල්ලකින් කුඩා බෑගයක්‌ මසා එයට කපුරු බෝල දමා එල්ලා තබන්න. කපුරුවල වාෂ්පශීලි ද්‍රව්‍ය ඇතුළත් නිසා ඒවායෙන් රෙදි මත පැල්ලම් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම රෙදිවලින් තද කපුරු සුවඳක්‌ වහනය වීමටත් පුළුවන්.


  3. පැණි දොඩම් ගෙඩියක්‌ ගෙන එහි ලෙල්ල වටේ හැකි තරම් කරාබු නැටි ගසන්න. එය මද පවනේ වේලා ගන්න. කාවන් ඇතැයි සැක හිතෙන ස්‌ථානවල මෙය මද වේලාවක්‌ තබා ඉවත්කරන්න. දොඩම් ගෙඩිය ප්ලාස්‌ටික්‌ බඳුනක්‌ තුළ තබා, තබන්නට අමතක කරන්න එපා. නැතිනම් දොඩම් ඉස්‌ම ඇඳුම්වල තැවරේවී.


  4. වසාවාසි ග්‍රෑම් 30, මාදුරු ග්‍රෑම් 30, සාදික්‌කා ග්‍රෑම් 30, කුරුඳු පොතු ග්‍රෑම් 60 ක්‌ ගෙන සිහින්ව කොටා, කුඩු කරගෙන ලියුම් කවරවලට දමන්න. ඒවා අල්මාරියේ තැනින් තැන තබන්න. මේ සුවඳට කාවන්, කැරපොත්තන් එන්නේ නෑ. එයින් ඇඳුම් ආරක්‌ෂා වේ. එමෙන්ම සුවඳක්‌ ද ලැබේ.


  5. සැවැන්දරා මුල් ඇඳුම් අල්මාරියේ තබන්න.


  6. පැරණි රෙදි තිබෙන අල්මාරිවලට සැවැන්දරා මුල් දුම්කොළ සමග තබන්න.


  7. රෙදි අල්මාරිවල කැරපොත්තන් සිටිනවා නම්, එම සතුන් යතැයි සැක කරන ස්‌ථානවල කුඩු කරන ලද සීනි, ආප්ප සෝඩා සමග මිශ්‍ර කරලා තබන්න.


මේ සෑම දෙයකටම වඩා අවශ්‍ය වන්නේ පිරිසිදු කමයි. නිතර අවධානයෙන්, අවබෝධයෙන් සිට කටයුතු කරනවා නම් මෙවැනි සතුන් බෝවන්නේ නෑ.

SHARE

NO COMMENTS

LEAVE A REPLY