ඔලිම්පික් සිහිනයේ සැබෑවූ සතුටු කඳුළු

ලිම්පික්, මේ දිනවල ලෝකයේ ජනප්‍රියම මාතෘකාව. වසර 04කට වරක් පැවැත්වෙන මේ කෙළිබිමේ මහා මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරයි. පදක්කමක් දිනා ගැනීම තබා ඔලිම්පික් තරඟාවලියකට සුදුසුකම් ලබනවා කියන්නෙම මළල ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට කොතරම් සතුටක් ගෙන දෙන දෙයක්ද කියල අපි දන්නවා. ඉතින් ඒ පදක්කම් සිහිනයක් සැබෑ වුණාම ඔවුන්ගේ නෙත්වලින් කඳුළු වැටෙනවා කියන දේ ආයේ අමුතුවෙන් අහන්න දෙයක් නෙවෙයි. 

මේ ලිපියෙන් ඔබට බලන්න පුළුවන් දහදිය කඳුළු මැදින් පැමිණි ඔලිම්පික් සිහින මාවත ජයග්‍රහණයකින් කෙළවර වුණාට පස්සේ ඒ ගැන සංවේදී වී කඳුළු වැගිරූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු පිළිබඳව.

fb-like-beg


සොපිටා ටනසාන්

1

අගෝස්තු මස 06 වන දින පැවැත්වුණ කිලෝග්රෑම් 48 බර පන්තියේ රන්පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුණා.  ඇය තායිලන්ත ජාතික ක්‍රීඩිකාවක්.


මැක් හෝර්ටන්

2

පිරිමි මීටර් 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කමක් ඔස්ට්‍රේලියාවට තිලිණ කිරීමට මෙම ක්‍රීඩකයා සමත් වුණා. ඒ අගෝස්තු 06 වනදාමයි.


එමෙස් සැස්

3

කාන්තා තනි කදු සටන් ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ හංගේරියානු ජාතික එමෙස් පදක්කම සිප ගනිමින් කඳුළු වැගිරුවේ මෙහෙමයි.


මයිකල් ෆෙල්ප්ස්

4

අද මේ මොහොත වෙනවිට සමස්ථ ඔලිම්පික් රන් පදක්කම් 22කත උරුමකම් කියන මෙම මහා පිහිනුම් ක්‍රීඩකයා ඇතුළු කණ්ඩායම රියෝ ඔලිම්පික් උළෙලේදී සිය ප්‍රථම රන් පදක්කම දිනා ගත්තේ අගෝස්තු 07 වන දින පිරිමි මීටර් 400 x 4 නිදහස් ආර ඉසව්ව වෙනුවෙනුයි.


රයන් හෙල්ඩ්

5

ඇමරිකානු ජාතික 21 හැවිරිදි මෙම ක්‍රීඩකයා පිරිමි මීටර් 400 x 4 තරඟයෙන් ජය ලැබූ සිය කණ්ඩායම වෙනුවෙන් පදක්කම් පැළඳවීමේ අවස්ථාවේදී කඳුළු හෙළුවා. ඒ පසුබිමෙන් ඇමරිකානු ජාතික ගීය වාදනය වන විට.


සාරා ෂර්ස්ත්‍රම්

6

විසි දෙහැවිරිදි ස්වීඩන් ජාතික මේ පිහිනුම් ශූරිය මීටර් 100 සමනළ ආර රන්පදක්කම දින ගනු ලැබුවේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින්.


ඩැනියෙල් ගරෝසෝ

7

ඉතාලි ජාතික ඩැනියෙල් අගෝස්තු 07 වෙනිදා පිරිමි කේවල කටු සටන් ඉසව්වෙන් රන්පදක්කම දිනාගැනීමෙන් අනතුර කඳුළු පිරි දෙනෙතින් යුතුව සතමා වෙනුවෙන් ජය ඝෝෂා නැගූ අයෙකු වැළඳ ගත් අයුරු කැමරාවල සටහන් වුණේ මෙහෙමයි.


මජින්ඩා කෙල්මෙන්ඩි

8

කොසෝවෝ රාජ්‍යයට ලැබුණු ප්‍රථම ඔලිම්පික් රන්පදක්කමේ හිමිකාරිය ඇයයි. ඇය ජයග්‍රහණය කළේ කාන්තා 52g ජුඩෝ ඉසව්ව වෙනුවෙනුයි.


ෆැබියෝ බැසිලේ

9

ඉතාලි ජාතික බැසිලේ රන් පදක්කම දිනා ගත්තේ පිරිමි 66kg ජුඩෝ ඉසව්ව වෙනුවෙනුයි.


පවුලා පරේටෝ

10

ආර්ජන්ටිනා ජාතික පවුලා කාන්තා 48kg ජුඩෝ ඉසව්ව වෙනුවෙන් රන් පදක්කම දිනා ගත්තේ අගෝස්තු 07 වෙනිදායි.


ඇනා වැන් ඩර් බ්‍රෙගන්

11

කාන්තා පාපැදි තරඟයෙන් රන් පදක්කම ලබා ගත්තේ ඇයයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY