දෙතොල්වල අඳුරු පැහැය නැති කරගැනීමට කළ හැකි දෑ

දෙතොල් කළු වීම කියන්නේ තරුණියන් අතර බහුලව දැකිය හැකි රූපලාවණ්‍ය ගැටළුවක්. තොල් කළු වීමට හුඟක් හේතු බලපානවා.

  • අව්වට පිච්චීම
  • ස්ට්‍රෙස්
  • බාල වර්ගයේ ලිප්ස්ටික්
  • ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීමෙන්
  • දුම්පානය කිරීම
  • කාලගුණය
  • රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු නොවීම
  • අවශ්‍ය පමණට වතුර නොබීම

එයට බලපාන හේතු කිහිපයක්.

අව පහ ගැන්වුණ දෙතොල් නැවත යථා තත්වයට පත්කරගන්න මහා ලොකු වියදමක් දරන්න අවශ්‍ය වන්නේ නැහැ. පහත දැක්වෙන ආකාරයේ සරල විසඳුම් ප්‍රතිකර්ම කිහිපයකින් මේ ගැටලුවට විසඳුම් ලබා ගත හැකියි.

fb-like-beg


මී පැණි, ආමන්ඩ් තෙල් (හෝ ඔලිව් තෙල්) සහ සීනි Scrub

මී පැණි, ආමන්ඩ් හෝ ඔලිව් තෙල්වලට සීනි මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය මිනිත්තු 10ක් පමණ රවුමට තොල්වල massage කරන්න.


ලෙමන් juice

මෙයට අවශ්‍ය වෙන්නේ ලෙමන් ගෙඩියක් හා සීනි ටිකක් පමණයි. ලෙමන් ගෙඩිය පෙති කපාගෙන එය මතට සීනි ඉසින්න. ලෙමන් පෙත්ත යොදාගෙන තොල්  scrub කරන්න. මෙය හැමදාම නින්දට පෙර කළ හැකි නම් අගෙයි.


පිපිඤ්ඤා juice

පිපිඤ්ඤා පෙත්තක් හීනියට කපා ගෙන තොල් උඩ තබාගන්න. විනාඩි 5ක් පමණ දෙතොල්මත තබා සිටින්න. දින දෙකකට වරක් පමණ කිරීම සුදුසුයි.


නින්දට පෙර make up ඉවත් කිරීම

Make up නිසියාකාරයෙන් ඉවත් නොකිරීම තොප කළු වීමට බලපාන ප්‍රධානම හේතුවක්. මුහුණේ ආලේප කර ඇති make up හොඳින් ඉවත් කළත් දෙතොල් කෙරෙහි බොහෝ දෙනා අවධානයක් යොමු කරන්නේ නැහැ. නින්දට පෙර cleanser එකකින් නැත්නම් පුළුං කෑල්ලක්ට ආමන්ඩ් හරි ඔලිව් ඔයිල් හරි වැස්ලින් හරි තවරා තොල් දෙක මත හොඳට massage කරලා make up අයින් කරන්න.

.

 

SHARE

NO COMMENTS

LEAVE A REPLY