තමන්ට ගැළපෙන ලස්සන අත්බෑගයක් තෝරාගන්නේ කොහොමද?

ද කාලේ යුවතියන් බොහොමයක් භාවිතා කරන අත් බෑගය ගැනත් බොහොම උනන්දුයි. අඳින ඇඳුමට ගැලපෙන ලෙස අත්බෑගයත් තොරාගන්නයි ඔවුන් බොහෝ දෙනා හුරුව සිටින්නේ.වෙළෙඳපොලේ තිබෙන දහස් ගණනක් වූ අත්බෑග අතරින් තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙනම අත්බෑගය තෝරාගන්නේ කොහොමද කියන එක මේ කියවන ඔබට ඇතැම් විට ගැටළුවකුත් වෙලා ඇති. එසේනම් මේ උපදෙස් ඔබ සඳහාමයි.

fb-like-beg

බෑගය ඇතුලත ඇති ඉඩ ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න

අපි බෑගයක් මිලදී ගන්නේ අපිට අවශ්‍ය බඩුබාහිරාදිය එහි බහා ගනිමින් ගමන් පහසුව සාදා ගන්නයි.

ඇතැම් විට ඔබ මතුපිටින් පමණක් දකිමින් මිලදී ගන්නා අත්බෑගයක් පසුව ඔබේ අවශ්‍යතාවයට සරි නොවන්න පුළුවන්. එකට හේතුව තමයි ඇතැම් බෑග් පිටතින් විශාල වූවත් ඇතුළත කුඩා ඉඩක් පැවතීම.

ඒ අතරම කුඩාවට මතුපිටින් දිස් වුනත් ඇතුළත ලොකු ඉඩකඩක් සහිත බෑග් වෙළෙඳපොළේ ඇති බව මිලදී ගැනීමට පෙර හොඳින් විපරම් කරන ඔබට දැකගත හැකියි.

ඔබට එහි දමා ගත යුතු බඩු ප්‍රමාණය අනුව ඔබේ අත්බෑගයේ ප්‍රමාණය ඔබ තීරණය කරන්න.

අත්බෑග් නිපදවා ඇති අමුද්‍රව්‍ය

වර්තමානයේ රෙදි වලින් සේම හම්වලින් නිමවුණු අත් බෑග් වෙළෙඳපොළේ පවතිනවා.

රෙදිවලින් පිළියෙළ කළ අත් බෑග් වර්ග පිරිසුදු කිරීමට වඩා වැඩි පහසුවක් තිබෙනවා. එසේම එතරම් මුදලක් වැය නොකරමින් මේවා පහසුවෙන් සකස් කර ගන්නටත් පුළුවන්කම තිබෙනවා.

ඔබ හම් බෑග් ප්‍රියකරන්නේ නම් ඔබ මිලදී ගන්නා බෑගය වැඩිකලක් භාවිතා කිරීම සඳහා කුණු දූවිලි බැඳුණු පසු සෝදා වියළා පවිත්‍ර කරමින් එම වර්ගයේම පොලිෂ් වර්ගයක් ආලේප කරන්න

සිරුරේ ස්වභාවය

ඔබ සිහින් සිරුරක් හිමි උස යුවතියක් නම් බෑගයේ උසට වඩා පළලින් වැඩි බෑගයක් වඩා සුදුසුයි. කුඩා සිරුරක් සහිත යුවතියකට ඉතා විශාල ගමන් මල්ලක් සුදුසු වෙන්නේ නැහැ. එමගින් ඇගේ පෙනුම තව තවත් කුඩාවට දිස්වෙනවා. දිගු පටි යොදා ගමන් මලු නොව කෙටි පටි වලින් යුතු අත්බෑගයක් තමයි ඔබට වඩා උචිත වෙන්නේ.

තරබාරු කාන්තාවන්ට කුඩා අත් බෑග් සුදුසු නොවන්නේ එමගින් තරබාරු බව ඉස්මතුවීමට එය හේතුවන නිසයි. මේ නිසා ඔබ සැමවිටම විශාල අත්බෑගයක් මිලදී ගන්නා වග බලා ගන්න.

වර්ණ හා මෝස්‌තර රටාවන්

පොදුවේ ඔබ මිලදී ගන්නා අත්බෑග් වඩා විචිත්‍ර නොවූ චාම් සරල බවින් යුතු ඒවා වීම වැඩි සුන්දරත්වයකට හේතු වෙනවා. ඒ වගේම අධික මුදලක් අත්බෑගයක් වෙනුවෙන් වැය කරනවා වෙනුවට විවිධ අවස්ථාවන් සඳහා විවිධ වර්ණයන්ගෙන් ගෙන යා හැකි බෑග් කිහිපයක් මිලදී ගැනීම වටිනවා. එය අරපිරිමැස්මටත් හේතු දායකයි.

කළු, දුඹුරු, ක්‍රීම් පැහැය වැනි වර්ණ වලින් යුතු අත් බෑග් කිහිපයක් ඔබ සතු නම් බොහෝ ඇඳුම් පැලඳුම් සමග ගළපා ගනිමින් එය භාවිතා කළ හැකියි. අත්බෑගයේ වර්ණය පාවහන් වර්ණයට ගැළපීම ද මනා සුන්දරත්වයක් ගෙනෙනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY