ගබ්සා වීමක් යනු කුමක්ද කියා හරියටම දැන ගනිමු

ව් පදවිය යනු කාන්තාවන්ගේ සිත් තුල පවතින සුන්දර සිහිනයක්. නමුත් දරුවෙකු කුසට ආ පසු විවිධ හේතූන් නිසා ඒ කළලය ගබ්සා වීමකට ලක්වීමේ අවදානමක්ද තිබෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ ඒ අවදානම ගැනයි.

fb-like-beg


ගබ්සාවීමක් යනු

සති 28කට වඩා අඩු කලලයක් හානි වී ස්වාභාවිකවම එය ඉවත් වීම ගබ්සාවක් ලෙස හඳුනා ගනියි. බටහිර ර ටවල නම් මෙය පිළිගැනෙන්නේ සති 24ට අඩු කලලයකට හානි වීමක් ලෙසයි. ගැබ්ගෙන මුල් කාලයේ හෝ පසු කාලයේ වුවත් මෙවැන්නක් සිදුවිය හැකියි. රෝගී හෝ අංගවිකල වැනි දුර්වලතා සහිත දරුවකු උපත ලැබීම ස්වාභාවිකවම වැළැක්වීමක් මින් සිදුවෙයි.


කලලයක් සෑදීමේ ගැටලු

මවු කුස තුළ කලලයක් නිර්මාණය වීමට ඩිම්බ කෝෂ හා ශුක්‍රාණු එක්වීම සිදුවිය යුතුයි. එලෙස එක්වීමේදී ඇතිවන ගැටලුද ගබ්සා වීමට බලපෑ හැකියි. එහිදී එක්වන වර්ණදේහවල සංඛ්‍යාවේ හෝ රටාවේ අඩු වැඩි වීමක් නිසා දරුවකු බිහි නොවීමට හෝ ගබ්සා වීමට හේතු විය හැකියි.


ගබ්සා වීමට හේතු

  • ජාන හා වර්ණදේහවල ගැටලු.
  • දියවැඩියාව, අධික රුධිර පීඩනය, අපස්මාරය හා තයිරොක්සින් අඩු වැඩි වීම වැනි නිදන්ගත රෝග තිබීම.
  • රුධිරය කැටි නොගැසෙන දුර්වලතා ඇති අයට නිර්දේශ කරන වොෆරින් වැනි ඔෟෂධ ගැනීම.
  • ගැබ් ගත් මුල් කාලයේ වැලඳෙන වෛරස් ආසාදන.
  • ගැබ් ගත් මුල් මාස කිහිපයේ විවිධ කිරණවලට නිරාවරණය වීම (ඛ්ඊ ඉජචද)
  • ශරීරයේ ඇතිවන හෝර්මෝන අසමතුලිතතාව (තයිරොක්සින් උෟනතාව)
  • දුම්පානය හා මත්ද්‍රව්‍ය ගැනීම

වැනි හේතූන් ගබ්සා වීමට බලපෑ හැකියි.


ගබ්සා වීම් පිළිබඳ මිථ්‍යා මත

ගබ්සා වීමට බලපාන සමාජයේ පවතින ඇතැම් මතවල කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැත. මේ නිසා එවැනි කාරණා ගැන අනියත බියක් ඇතිකර නොගත යුතුයි.

පැපොල්, අන්නාසි වැනි ආහාර ගැනීමෙන් ඇතිවන බලපෑම හා බයිසිකල්වල හෝ ට්‍රැක්ටර් වැනි ගැස්සීම් ඇතිවන වාහනවල ගමන් කිරීමද එවැනි කාරණා කිහිපයක්. මවට පෙර අවස්ථාවල අසාත්මිකතා ඇතිකළ ආහාරවලින් අෑත්ව සිටීම වඩාත් සුදුසුයි. මේ නිසා ඔබ මේ පිළිබඳව නිසි දැනුවත් බවක් ලබාගත යුතුමයි.


ගබ්සා වීමේ අවදානම

එක් වරක් හෝ දෙවරක් මවකට ගබ්සාවක් වීම එතරම් අවදානම් තත්ත්වයක් නොවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. නමුත් එය තීරණය වන්නේ එම සිදුවීමට බලපාන හේතු සාධක සලකා බැලීමෙන් පසුවයි.

40%ක් මවුවරුන්ට මෙවැනි තත්ත්වයකට මුහුණපෑමට සිදුවිය හැකියි. නමුත් 3 වරක් හෝ ඊට වඩා වැඩි වන්නේ නම් එය වඩාත් සැලකිලිමත් විය යුතු දෙයකි. එවිට ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් උපදෙසක් ලබාගෙන කටයුතු කිරීම වැදගත්ය.


නැවත දරු උපතක් බලාපොරොත්තු වීම

ගබ්සාවක් වූ පසු එය ශරීරයෙන් සම්පූර්ණයෙන් පිරිසුදු කර ඉවත් කළ යුතුමයි. ඉන්පසුව එළෑඹෙන පළමු මාස් ශුද්ධියෙන් පසුව ඔබට නැවැත දරු උපතක් පිළිබඳ සිතීමට පුළුවන. නමුත් ඔබට දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි රෝග උග්‍රව පවතියි නම් රුධිරගත සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමට එන තෙක් පාලනයකින් සිටීම වැදගත්ය. ඇතැම් විට එම රෝග පාලනය කිරීමට සති කිහිපයක් හෝ මාස කිහිපයක් වුවද ගතවිය හැකියි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY