ශීතකරණය නිසි ලෙස භාවිතා කර විදුලි බිල අඩු කර ගනිමු

විදුලි බිල කියන්නේ ගොඩක් නිවෙස්වලට හරිම හිසරදයක් වෙලා තියෙන දෙයක්. විදුලි බිල අනවශ්‍ය විදිහට ඉහල යනවා කියන්නේ සාමානය පවුලකට දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමයි කියලා විදුලිය පාවිච්චි නොකර ඉන්නත් බෑනෙ. ඒ නිසා හොඳම දේ තමයි අරපිරිමැස්මෙන් භාවිතා කරන එක. සමහර වෙලාවට විදුලි බිල වැඩිවෙන්නට හේතුව අපි එච්චර ගණන් ගන්නේ නැති පොඩි පොඩි හේතු වෙන්නත් පුළුවන්.

වීදුලිබල මණ්ඩලයේ සමීක්ෂණයන්ට අනුව මධ්‍යම පන්තික නිවසක විදුලිබිලෙන් 53%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ ශීතකරණයටයි. විදුලි ඒකක (KWh Units) වලින් ගතහොත් තනි දොර ශීතකරණ සඳහා ඒකක 20 – 30 අතර ප්‍රමාණයක් ද දොර දෙකේ ශීතකරණ සඳහා ඒකක 50 – 70 ප්‍රමාණයක්ද වැයවෙනවා. ශීතකරණය දෝෂ සහිත නම් මෙම අගයන් මීට වඩා වැඩි විය හැකියි.

ඔබ ශීතකරණය භාවිතා කරන ආකාරය ගැන දැනුවත් වීම වැදගත්. තනි දොරේ ශීතකරණයකින් නිවසේ අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් නම් දොර දෙකේ ශීතකරණයක් ගැනීම නාස්තියක්. ඒ වගේම ඔබ දෙමහල් නිවසක ජීවත් වන්නේනම් විශාල ශීතකරණ 1ක් වෙනුවට කුඩා ප්‍රමාණයේ ශීතකරණ 2ක් මිලදී ගෙන මහල් දෙකේ තැබීමත් හොඳයි. එමගින් ශීතකරණය අරින වහන වාරගණන අවම කරගන්න පුළුවන්.

fb-like-beg


එහෙම නැත්නම් ඔබ සතුව දැනට තිබෙන ශීතකරණය වඩාත් කාර්යක්ෂමව භාවිතා කරන්නට පහත උපදෙස් ප්‍රයෝජනවත් වේවි.

  • ශීතකරණයෙන් විදුලිය ඉතිරි කිරීමේ පළමු සහ වැදගත්ම පියවර වන්නේ එය අරින වාහන වාර ගණන හැකිතාක් අඩු කිරීමයි. කුඩා ළමුන් සිටින නිවසකනම් ශීතකරණය යතුරක් මගින් Lock කර තබා අවශ්‍ය අයෙක් පමණක් දොර ඇරීම සිදු කල යුතු වෙනවා.
  • ශීතකරණය තුල විවිධ ද්‍රව්‍ය ක්‍රමානුකූලව ඇසුරුම් කිරීමෙන් ශීතකරණයේ දොර ඇර තිබෙන කාලය අවම කර ගන්න පුළුවන්. දොර ඇරීමෙන් පසු ඒ තුල තිබෙන ද්‍රව්‍ය සෙවීමට වඩා දොර ඇරීමට ප්‍රථම ඔබට අවශ්‍ය දේ ඇති තැන ගැන තීරණය කර තිබීම හරිම වැදගත්.
  • බොහෝ ශීතකරණවල බීඩිම කල්ගත වත්ම එහි ඇති නම්‍යශීලී බව නැතිව යනවා. බීඩිම සහ බඳ අතර අපද්‍රව්‍ය තැන්පත් වීමත් සුලභව දැකිය හැකිවෙනවා. මෙම කාරණා දෙකෙන්ම සිදුවනුයේ ශීතල පිටතට කාන්දු වීමයි. මෙය ඉතා සුළු වශයෙන් සිදුවුවත් දවස පුරා සිදුවෙන නිසා සැලකිය යුතු විදුලි බලයක් අපතේ යනවා. එම නිසා බීඩිම මාස 3කට වරක්වත් හොඳින් පිරිසිදු කර තබා ගත යුතු වෙයි. මෙම ක්‍රියාවෙන් පමණක් ශීතකරණයෙන් 7% ක් දක්වා විදුලි බිල ඉතිරි කර ගන්න පුළුවන්.
  • ශීතකරණයේ ඇතුලත ඉතාමත් හිස් නම්, පාවිච්චි නොකරන රාක්ක වලට රිජිෆෝම් කුට්ටි වැනි ද්‍රව්‍ය දමා ශීතකරණය තුල තිබෙන වාත පරිමාව අවම කරගන්නත් පුළුවන්. හැබැයි මේක එච්චර  ප්‍රයෝගික ක්‍රියාවක් නම් නෙවෙයි. ඒත් ප්‍රතිපල ලැබීම සහතිකයි.
  • ශීතකරණයේ අභ්‍යන්තර උෂ්ණත්ව පාලකය (Thermostat) අවශ්‍ය අවම අගයක පවත්වා ගැනීමෙන්ද විදුලි බිල සැලකිය යුතු ලෙස අඩු කර ගන්නට පුළුවන්. උදාහරණ ලෙස ඔබට අයිස් කැට අනවශ්‍ය කාලයකදී උෂ්ණත්ව පාලකය අවම අගයකට සකසා තැබිය හැකියි.

 

SHARE

NO COMMENTS

LEAVE A REPLY