හෙට දවසේ නායිකාවන්ට වටිනා පාඩම් 5 ක්

වෘත්තීය ජීවිතයේ ඉහළටම යන්න සිහින දකින ඔබට නායකත්ව පුහුණුව කියන්නේ ඉතාම වටිනා කාරණාවක්. ජීවිතය සාර්ථක කරගන්න අධිෂ්ටාන කරගත්ත තරුණියන්ට දෙන්න පුලුවන් ආදර්ශ මොනවද? මෑත කාලයේදී විවිධ වෘත්තීය සඳහා කාන්තා දායකත්වය එන්න එන්නම ඉහල ගියත්, තවමත් අපේ රටේ 70% ඉක්මවල ඉහළතනතුරු හොබවන්නේ පිරිමි පාර්ශවය විසින්.

fb-like-beg


හැමවිටම දිනන්න අවශ්‍ය දේවල් දැනගන්න

අධ්‍යාපනය, සම්බන්ධතා, සමාජ සාරධර්ම, බාහිර ක්‍රියාකාරකම් හැම දෙයක්ම ජයග්‍රහණය වෙනුවෙන් පිළියෙළ කර ගන්න. ඔබ කිසියම් වුර්තියක යෙදෙනවා නම් එයට අදාල උපාධියක්, ඩිප්ලෝමාවක් , පශ්චාත්උපාධියක් තිබීම නායකත්වයට පත් වීමේදී අනිවාර්යයි. ඒ වගේම වෘත්තීය ජීවිතයට අදාල අනෙකුත් හැකියාවන් වගා කර ගන්න. උදාහරනෙකට ඔබේ ඉංග්‍රීසි කථන හැකියාවේ දුබලතාවක් තිබේනම් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්න. උපතින් ඉංග්‍රීසි කතා කරන මිතුරන් ඇසුරු කරන්න පටන් ගන්න. ඔබ අනාගතයේ ඉහල තනතුරක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් සමාජශීලී වීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ආහාර ගන්නා පිළිවෙලවල්, අඳින පළඳින පිළිවෙලවල්, සභාවක හැසිරෙන පිළිවෙල වගේ දේවල්  ක්‍රමානුකූලව ඉගෙන ගත යුතුයි. වර්තමානයේ හැම දෙයක්ම internet නිසා පහසු වෙලා. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් එක මොහොතකින් ඉගෙන ගන්න පුලුවන්.

ඒ වගේම ඔබ වෘත්තීය පටන් ගන්න ආයතනය අනාගත නායකත්වයට ඉතාම වැදගත්. සේවාකිරීම පටන් ගන්න පෙර අදාල වෘත්තීය දන්නා කෙනෙක් සමග සාකච්චා කරන්න.


ඉල්ලන්නාට ලැබේ යයි සිහි තබා ගන්න

ඔබ මුලින්ම ඇතුල් වුනේ පොඩි තනතුරකට වෙන්න පුලුවන්. නමුත් ලොකු වැඩ ඉල්ලගෙන කරන්න. කැමැත්තෙන්ම අමතර වෙලාවක් සහ වැඩ කොටසක් කරන්න. ඔබට උසස් වීමක් සහ වැටුප් වැඩි වීමක් ඉල්ලගන්න නම් හැම විටම වැඩි වගකීමක් ලබා ගන්න වෙනවා.


පසු නොබැසීම

වෘත්තීය ජීවිතයත් අනෙක් හැම දෙයක්ම වගේ පහසු නැහැ. ජයග්‍රහණ ,පරාජයන් බලාපොරොත්තු නැති මොහොත වල දී අප හඹා එනවා. සමහර දේවල් එක වරක් උත්සහ කළ පමණින් සාර්ථක වෙන්නේ නැහැ. එවිට නැවත නැවත ඔබේ අරමුණ ඉටු වෙන තුරුම උත්සහ දැරිය යුතුයි.  ඔබ අසා ඇති තෝමස් අලවා එඩිසන් විදුලි බල්බය සොයා ගන්නා විට බොහෝ වතාවක් පමණ උත්සහ දරා ඇති බව. අවසානයේ ඔහු සාර්ථක උනා. වෘත්තීය ජීවිතෙන් අන්න ඒ වගෙයි. එදිනෙදා බොහෝ දේවල් සාර්ථක වන තුරු නැවත නැවත කළ යුතුයි.


නොපසුබස්නා අධිෂ්ටනය

කාන්තාවක් වෘත්තීය ජීවිතයේ ඉහලට යද්දී බොහෝ බාධාවන් එනවා. අනික් අයගේ නොසැලකීම්, කටකතා, පවුලේ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න. මේ හැම දේකදිම බලාපොරොත්තු අත නොහැරගෙන ක්‍රියා කළයතුයි. උදාහරනෙකට මේ දිනවල සිද්ධ වෙන ඇමරිකානු ජනාධිපති වරණය බලන්න. හිලරි ක්ලින්ටන් නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. වරක් ඇගේ පවුද්ගලික email කිසියම් පිරිසක් විසින් hackකරනවා. වරෙක නොහිතපු විදිහේ මඩ ප්‍රහාර වලට ලක් වෙනවා. නමුත් ඇය සාර්ථකව මේ සියල්ලටම මුහුණ දෙන්නේ ඇගේ ජනාධිපති හීනය නිසයි.


ඔබේ අරමුණ විය යුත්තේ නොකඩවා කරගෙන යාමයි

ඔබ වටහා ගත යුතුයි කොතරම් උත්සහ දැරුවත්ඔබ අතින් වැරදි සිදුවන බව. ඔබ එම වැරදි නැවත නොවෙන්නට වග බලාගත යුතුයි. නමුත් එය එතනින් ඉවර කළ යුතුයි. ඔබ වරද පිලිබඳ සිතමින් පසු තැවෙන්න ගියොත් අකණ්ඩව වැඩ කරගෙන යාමට බාධා ඇති වෙනවා. ඒ වගේම වරද පිළිගන්න තරම් නිරහංකාර කමක් වගා කර ගත යුතුයි. තමා අතින් වන වැරදි අනුන් පිට නොපටවා තමන් එය සැහැල්ලුවෙන් නිවැරදි කරගත යුතුයි. ඔබේ රාජකාරිය විය යුත්තේ අතීතයේ කිමිදීම පසෙක තබා, රාජකාරිය ඉදිරියට හොඳින් කරගෙන යාමයි.

 

SHARE

NO COMMENTS

LEAVE A REPLY