වියළි සමක් සඳහා කළ හැකි සත්කාර

වියළි සමක් කෙනෙකුට ඇති වන්නේ ශරීරයේ මේද ග්‍රන්ථිවලින් නිකුත්වන මේදය ප්‍රමාණ අවම වන විටදීයි. වියළි සමක් ඇති අය බොහෝ කල්පනාකාරීව, තමන්ගේ සම ගැන දැඩි අවධානයකින් කටයුතු කළ යුතුය.එයට හේතුව වන්නේ මේ සම ඉතාම ඉක්මනින් රැළි වැටීමේ හැකියාවක් ඇතිවීමයි.එසේම ඉතාම ඉක්මනින් වියළි සම වයසට යෑමේ හැකියාවත් වැඩියි. මේ නිසා වියළි සමක් හිමි කෙනෙක් මේ තත්ත්වයෙන් මිදෙමින් නිරෝගීව තම සමේ ස්වභාවය, පෙනුම පවත්වාගෙන යාමට කල්පනාකාරී විය යුතුයි.

තමන්ට හිමිව ඇති මෙම වියළි සම උත්පත්තියෙන් හිමි වුවාද, නැතිනම් විවිධ දේශගුණික සාධක නිසා ඇතිවූවක් ද, එසේත් නැතිනම් වැරදි ආකාරයේ ආලේපන ගැල්වීම නිසා ඇතිවූවක්ද යන්න ගැන ඉතා හොඳින් දැනගත යුතුයි.

වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම නිසා ‍සමේ නිරෝගී බවට අවශ්‍ය විටමින් වර්ග ආදියේ අඩුපාඩුවක් වේ නම් ඒවා ලබාගැනීමටත් ඔබට හැකියාවක් ලැබේවි.

fb-like-beg


වියළි සමක් ඇතිවීමට බලපාන හේතු

මෙවැනි වියළි සමක් ඇතිවීමට බොහෝවිට දේශගුණ තත්ත්වය, ජානමය හේතු සේම, වැරදි ලෙස විවිධ ආලේපන වර්ග හිතුමතේ ගැල්වීමත් හේතුකාරක වෙනවා. අනෙක් පැත්තෙන් නිරෝගී සමක් සඳහා අවශ්‍ය කරන නිසි පෝෂණීය ගුණ නොලැබී යාම හේතුවෙන් ද සමේ වියළි බව ඇතිවිය හැකියි.

සමේ වියළිභාවය ඇතිවෙන්න තවත් බොහෝ දේ හේතු වෙනවා. ඔබ අධික දුම්පානයට යොමු වූ කෙනෙක් නම් ඒ තත්ත්වය ද සම වියළී යාමට එක් හේතුවක්. ඊට අමතරව වායු සමීකරණ කාමර තුළ නිති සිටීම, වතුර පානය අවම වීම, සීනි සහ ලුණු සහිත ආහාර වැඩිපුර ගැනීම, කෝපි, චොක්ලට්, නෙස්කැෆේ වැනි ආහාර ගැනිමෙන් වියළි සමකට පමණක් නොවෙයි ඕනෑම සමකට සුදුසු වන්නේ නෑ.


වියළි සමක් වෙනුවෙන් ගත හැකි ප්‍රතිකාර

වියළි සමක් හිමි බොහෝ දෙනෙක් මේ වියළි බව නැතිකර ගන්න බැරිවෙයි කිලා දුකින් ඉන්න බව අපි දන්නවා. නමුත් වියළි සමේ මේද ග්‍රන්ථි උද්දීපනය කිරිම සඳහා වන වෙනම ආලේපන ති‍බෙනවා.

නමුත් ආලේපන පමණක් භාවිතා කිරීමෙන් මේ තත්ත්වය නැතිකර ගන්න අමාරුයි. සමේ පෝෂණීය තත්ත්වය වැඩෙන්නට අවශ්‍ය කරන කෑම බීම නිතිපතා පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. අනිත් පැත්තෙන් ඉතා හොඳින් ජලය පානය කළ යුතුයි. එසේම ජලය වැඩිපුර අඩංගු ආහාර වර්ග එනම් දෙළුම්, පිපිඤ්ඤා , කොමඩු වැනි දේත් කොළපාට ආහාර වර්ගත් වැඩිපුර ආහාරයට එකතුකර ගැනීම කළ යුතුයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY