රන් ආභරණ තෝරාගැනීමේදී සැලකිලිමත්විය යුතු කරුණු

කාන්තාවන් සහ රන් ආභරණ අතර ඇත්තේ හරිම අපූරු සම්බන්ධතාවයක්. මාලයක්, කරාබු දෙකක් කියන්නේ ලංකාවේ නම් කාන්තාවක් සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් හැටියට සැලකෙන්නේ අන්න ඒ නිසයි. ඔය හේතු නිසාම රන් ආභරණ මිලට ගන්නට අපි හරිම මනාපයි. ඒත් වංචාවන්ට අහුනොවී නියම රන් ආබරණ තෝරාගන්න නම් ඒ ගැන පොඩි දැනුමක් තිබීම අත්‍යාවශ්‍යයි. කිසිම දෙයක් නොදැන සාප්පුවට ගිහින් දුක් මහන්සියෙන් උපයාගෙන. ඉතිරි කරගත්ත මුදල් නැති නාස්ති කරන්න ඕන නැහැනේ. ඒ නිසා රන් ආබරණ ගන්න සාප්පුවකට යනකොට මේ කරුණු ගැන හොඳට දැනුවත් වෙලාම යන්න.

fb-like-beg


ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ මිල, හැඩය, ප්‍රමාණය, විලාසිතාව, රටාව ගැන වගේම රන් භාණ්ඩය මිලදී ගන්නා ස්ථානය පිළිබඳ විශ්වසනීයභාවය ගැන හොඳින්ම සොයා බලන්න අමතක කරන්න එපා.

මෙතැනදී ඔබට රන් භාණ්ඩ ගැන වැඩි අවබෝධයක් නැත්නම් ඒ ගැන අවබෝධයක් හා දැනුමක් තියෙන වැඩිහිටියකුගේ උපදෙස් ගන්න එක ගොඩක් හොඳයි.

ගොඩක් අය රත්තරන්වල බාහිර පෙනුමට රැවටෙනවා. ඒකත් ලොකු වැරද්දක්. රන් භාණ්ඩයක තවත් සැලකිලිමත් විය යුතු වන්නේ භාණ්ඩයේ නිමාවයි. භාණ්ඩයේ පෑස්සුම් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන.  පෑස්සුම් දුර්වල වූ විට එහි පැවැත්මත් අඩුයි. සමහර වෙලාවට  පෑස්සුම කල ස්ථානයේ වෙන පාටක් තියෙනවනම් නම් ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන.

රන් ආබරණ මිලට ගැනීමේ කටයුත්ත සඳහා උදෑසන කාලය තමයි වැඩියෙන්ම සුදුසු වෙන්නේ. මිලදී ගැනීම සඳහා එක් දිනයක්ම වෙන්කර උදෑසනම පැමිණ ඔබ මිලදී ගැනීමේ කටයුත්ත ආරම්භ කරන්න ඕන. මිලදී ගන්නා භාණ්ඩයේ පිටත පෙනුමට වඩා ඇතුලත් ස්වභාවය ගැන නිරීක්ෂණය කළ යුතුයි.

ගල් ඇල්ලූ භාණ්ඩ මිලදී ගැනීමේ දී එම ගල්වර්ගයේ වටිනාකම හා ස්වභාවය ගැන ද මුලින් අවබෝධයක් ඇතුව එම කටයුත්ත සිදු කරන්න. ගල් ඇල්ලූ භාණ්ඩ පාවිච්චිය තරමක් අසීරුයි.

එම ගල් හොඳින් ඔබ්බවා නොමැති විට නොදැනීම හැලීයන අවස්ථාවන ගොඩක් තියෙනවා. ගල් ඇල්ලූ භාණ්ඩයක සවිමත් බව හා එහි පැවැත්ම ගැන නිසි අවබෝධයෙන් ඉන්න එක තමයි වඩාත්ම සුදුසු වන්නේ.

පිරිසිදු රත්තරන් පවුමක රත්තරන් ග්‍රෑම් 08 ක් අඩංගුයි . සම්ප්‍රදායිකව රත්තරන් මනින මිනුම මංචාඩියයි. මංචාඩිය හා ග්‍රෑම් අතර යම් අවබෝධයක් තිබීම ඔබට ප්‍රයෝජනවත්. මංචාඩි 3 1/2 ක් ග්‍රෑම් 1 ක් වෙනවා.

කැරට් 22 කට අඩු ප්‍රමාණය හඳුන්වන්නේ මාත්තු කියලයි. මාත්තු රත්තරන් සාපේක්ෂව කැරට් 24 සහ 22 වඩා මිල අඩු අතර ඒ වගේ මාත්තු රත්තරන් වලට අහු වෙන්නේ නැතිව නියම රත්තරන් මිලදී ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි.

 

SHARE

NO COMMENTS

LEAVE A REPLY