විශේෂ අවස්ථාවක් රස ගන්වන විශේෂ කෑම වේලක්

ජීවිතයේ විශේෂ අවස්ථාවන්  බෙදා ගන්න අපේ නිවසට එන අමුත්තන්ට පුළුවන් ඉස්තරම්ම විදිහට සලකන එක තමයි ශ්‍රී ලාංකික අපේ සිරිත. කෑමෙන් බීමෙන් ඒ එන අයට  සංග්‍රහ කරන්නත් අපේ කිසිම ලෝබකමක් නැහැ. ඉතින් ඒ වගේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන්  අපිව බැහැ දකින්න එන නෑදෑ හිත මිතුරන්ගේ හිත පුරවන්න පුළුවන් විදිහේ රසම රස විශේෂ ආහාර වේලක් සාදන්නේ කොහොමද කියායි මේ ලිපියෙන් අපි ඔබට කියන්නට යන්නේ.

fb-like-beg


සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය,

  • බාස්මතී හාල් කෝප්ප 02
  • වතුර කෝප්ප 03
  • කජු ග්‍රෑම් 100
  • මුද්දරප්පලම් ග්‍රෑම් 50
  • ග්‍රීන් පීස් ග්‍රෑම් 50
  • ඉස්සන් ග්‍රෑම් 250
  • කොටු කපා ගත ළූණු ගෙඩි 02
  • කරාබු නැටි 02
  • කුරුඳු අඟලේ කැබලි 01
  • සේර අඟලේ කැබලි 01
  • කහකුඩු තේ හැඳි ½
  • ලුණු
  • මාගරින් ග්‍රෑම් 100

sea-food_compressed
සාදන ක්‍රමය,

  • භාජනයකට මාගරින් ග්‍රෑම් 50ක් දමා අඩු ගින්දරේ රත්කර එයට හාල්, ලුණු කුඩු,කහ කුඩු, කුරුඳු පොතු, කරාබු නැටි හා වතුර දමා බත හොඳින් පිස ගන්න.
  • වෙනත් භාජනයක් ලිප තබා එයට ඉතිරි මාගරින් ග්‍රෑම් 50 දමා ළූණු, සේර දමා බැදෙන විට ඉස්සන් දමා තරමක් බැද ගන්න
  • එයට කජු, ග්‍රීන් පීස්, මුද්දරප්පලම් දමා බැද පිසගත් බතට එකතු කරගන්න

විකී බාස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය,

  • තම්බා ගත්  බිත්තර 05
  • චීස් ග්‍රෑම් 100
  • බටර් ග්‍රෑම් 50
  • කලරින්
  • තම්බා ගත අල ගෙඩි 01
  • ලුණු හා ගම්මිරිස්
  • කැරට් තීරු ස්වල්පයක්
  • පාස්ලි ස්වල්පයක්

සාදන ක්‍රමය,

  • බිත්තර තම්බා දෙකට පලා එහි කහ මදයට චීස්, බටර්, ලුණු, ගම්මිරිස් දමා මිශ්‍රකර කුඩා බෝල සාදා ගන්න
  • අල පොඩි කර එයටද චීස්, බටර්, ලුණු හා කහපාට කලරින් ස්වල්පයක් දමා ගන්න
  • බිත්තර පලු ගෙන සාදා ගත් බෝල ඒ මත තබා හොට ලෙස කැරට් කැබැල්ලක්, ඇස්  දෙක ලෙස කුඩා කැරට් කැබලි දෙකක් තබාගන්න
  • අල මිශ්‍රණය ස්ටා නොසලයෙන් මල් ආකාරයට තබා පාස්ලි කැබැල්ලක් ගසන්න

චිකන් කුරුමා

අවශ්‍ය ද්‍රව්‍ය,

  • කුකුළු මස් කිලෝ 01
  • සුදු ළූණු බික් 05
  • වියලි මිරිස් කරල් 10
  • ඉඟුරු අඟලේ කැබලි 01
  • කුරුඳු අඟලේ කැබලි 01
  • කරදමුංගු කරල් 01
  • කහ කුඩු, මාගරින් මේස හැඳි 05
  • සේර අඟලේ කැබලි 01
  • කජු මේස හැඳි 03
  • බී ළූණු ගෙඩි 04
  • කෝන්පිටි තේ හැඳි 01
  • මුදවාපු කිරි ග්‍රෑම් 150
  • කොත්තමල්ලි කොළ තේ හැඳි 01
  • බැදපු තුනපහ කුඩු තේ හැඳි 02
  • සීනි තේ හැඳි 01

chicken-korma-recipe
සාදන ක්‍රමය,

  • භාජනයකට කුකුළු මස් දමා එයට අඹරාගත් සුදු ළූණු, වියළි මිරිස්,කොත්තමල්ලි කොළ,ඉඟුරු,සේර,කුරුඳු,කරදමුංගු, කහකුඩු,ලුණු දමා පදම් වීමට අරින්න
  • වෙනත් බඳුනකට මාගරින් දමා ලිප තබා ළූණු දමා රන්වන් වන තුරු බැද ගන්න
  • මෙයට පදම් කරගත් කුකුල් මස් ද එකතු කර හොඳින් මිශ්‍ර කර ගනිමින් බැද ගන්න
  • දැන් මෙයට මුදවාපු කිරි, කජු,කෝන්පිටි, බැදපු තුනපහ කුඩු, සීනි එකතු කර හොඳින් කලවම් කර මස් තම්බුණ පසු ලිපෙන් ඉවතට ගන්න

මැලේ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය,

  • මාළු මිරිස් ග්රෑම් 100
  • බොම්බයි ළූණු ග්‍රෑම් 100
  • කැරට් ග්‍රෑම් 50
  • රට ඉඳී ග්‍රෑම් 200
  • ලුණු දෙහි ගෙඩි 02
  • ඉදුණු අන්නාසි ගෙඩි 1/4
  • විනාකිරි
  • අඹරා ගත් අබ තේ හැඳි 01
  • ඉඟුරු කැබැල්ලක් හා සුදු ළූණු බික් 05
  • මිරිස් කුඩු මේස හැඳි 01
  • රස අනුව ලුණු හා සීනි

malay-pickle-sri-lankan-style_compressedසාදන ක්‍රමය,

  • කැරට්  තීරු ලෙසද මාළු මිරිස් අඟලේ රවුම් ලෙසද, බොම්බයි ළූණු ගෙඩි 04ටද ලුණු දෙහි දිග තීරු ලෙසද කපන්න
  • භාජනයක් ගෙන එයට විනාකිරි දමා අඹරාගත් අබ,සුදු ළූණු,ඉඟුරු,වියළි මිරිස් කුඩු, ලුණු දමා සීනිද එකතු කර හැඳි ගාන්න
  • උතුරන විට කැරට්, ගම්මිරිස්, රට ඉඳි, අන්නාසි,ලුණු දෙහි දමා කලවම් කර ලිපෙන් ඉවතට ගන්න

සලාද කොළ සලාදය,

අවශ්‍ය ද්‍රව්‍ය,

  • සලාද කොළ ග්‍රෑම් 100
  • අමු මිරිස් කරල් 02
  • යෝගට් මේස හැඳි 02
  • කොටු කපන ලද බී ළූණු 02
  • සිහින්ව කැපූ පාස්ලි කොළ මේස හැඳි 02
  • කොත්තමල්ලි කොළ මේස හැඳි 02
  • මෙයෝනේස් සෝස් මේස හැඳි 03
  • ලුණු තේ හැඳි 1 1/2
  • සීනි තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 01
  • කොටු කපන ලද තක්කාලි ගෙඩි 03

garden-salad

සාදන ක්‍රමය,

  • සලාද කොළ ලොකුවට කපන්න
  • එයට සිහින්ව කපා ගත අමුමිරිස්, බී ළූණු, තක්කාලි සහ ඉතිරි සියල්ල දමා කලවම් කරගන්න
  • රවුම් කපා ගත තක්කාලි මේසය වටේ අතුරා සාදාගත් සලාදය මැදින් තබා ගන්න

SHARE

NO COMMENTS

LEAVE A REPLY