මංගල මල් කළඹ නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

නාලියකගේ මංගල ඇඳුමේ ඉතාම වැදගත් අංගයක් තමයි එදිනට ඇය අතේ දරාගෙන ඉන්නා මල් කළඹ. කොච්චර ලස්සන ගවුමක්/සාරියක්/ඔසරියක් ඇන්දත් නොගැලපෙන මල් කළඹක් නිසා ඒ සුන්දරත්වය විනාශ වෙලා යන්න පුළුවන්.මේ නිසාම මනාලියකගේ මල් කළඹ තෝරාගැනීමේදී සැලකිය යුතු හා සිතිය යුතු කරුණු කාරණා බොහොමයක් තිබෙනවා. පහත දැක්වෙන්නේ ඒවායින් කිහිපයක්.

fb-like-beg


මනාලිය හැඩ ගන්වන ආකාරය

බොහෝවිට මල් කළඹක් නිර්මාණය කරනු ලබන්නේ මනාලිය හැඩගන්වන රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියගේ උපදෙස්වලට අනුවයි. මෙහිදී මනාලිය හැඩගන්වන්නේ කුමන ආකාරයෙන්ද. මල් කළඹේ හැඩය සහ යොදාගත යුතු මල්වර්ග මොනවාද යන්න ගැන තීරණය කෙරෙනවා.

මනාලිය හැඩගන්වන්නේ උඩරට ක්‍රමයටද පහතරට හෝ බටහිර ක්‍රමයටද යන්න මෙහිදී වඩාත් වැදගත්වන්නේ ඒ අනුව ඇයට ගැළපෙන මල් කළඹ නිර්මාණය විය යුතු නිසයි.

උඩරට ක්‍රමයට අනුව හැඩගැන්වෙන මනාලියකට වැඩි පෙනුමක් ගෙනදෙන්නේ දේශීය මල් වර්ග යොදා ගනිමින් නිර්මාණය කෙරෙන මල් කළඹයි.

උඩරට මනාලියට වඩාත් ගැළපෙන්නේද දේශීය මල් වර්ගයි. විශේෂයෙන්ම නෙළුම් මල්, නෙළුම් පොහොට්ටු, පිච්චමල්, සල්මල්, අරලියමල්, ඉද්ද මල් ආදිය යොදා ගැන්මෙන් උඩරට මනාලියට වැඩි සුන්දරත්වයක් චාම් බවක් මතුකර දක්වයි.

නමුත් පහතරට හෝ බටහිර මනාලියකට නිර්මාණය කෙරෙන මල් කළඹකට නම් රෝස – ඕකීඩ් කානේෂන් ඩේලියා වැනි විවිධ මල් වර්ග යොදාගත හැකියි.


මනාලියගේ සිරුරේ ප්‍රමාණය

මල් කළඹක් නිර්මාණය කරනවිට මනාලියට වඩා මල් කළඹ ඉස්මතු කිරීම සුදුසු නොවන අතර මෙහිදී මනාලියගේ සිරුරේ හැඩයත් සිරුරේ ප්‍රමාණයත් සැලකිල්ලට ගැනීම වැදගත්.

මල් කළඹක් තෝරා ගැනීමේදි සමහරුන් කැමැත්තක් දක්වන්නේ විශාලත්වයෙන් වැඩි මල් වලින් වඩාත් පිරි ඇති ආකාරයේ මල් කළඹක් තෝරාගන්නටයි. සමහරවිට එවන් මල් කළඹක් තෝරාගන්නේ සිරුරෙන් කුඩා බවක් දක්වන මනාලියක් නම් ඇයට වඩා ඉස්මතු වී පෙනෙන්නේ මල් කළඹේ විශාලත්වයයි. එමෙන්ම අනවශ්ය  ලෙස මල් කළඹ විශාලව නිර්මාණය වීමෙන් පැය ගණනක් එය අතදරා සිටීමේ අපහසුවක් මනාලියට දැනෙන්නට පුළුවන්.

මහත්බවක් දක්වන සිරුරකින් හෙබි මනාලියකට නම් විහිදී යන ආකාරයෙන් යුත් පළල් බවක් දක්වන ලෙස නිර්මාණය කරනලද මල් කළඹක් දීමෙන් සිදුවන්නේ ඇයගේ මහත් බව වඩාත් මතුකර දැක්වීමයි. මේ නිසා එවන් මනාලියකට සුදුසු වන්නේ ඇයගේ පෙනුමට ගැළපෙනප්‍රමාණයෙන් යුත් මල් කළඹක්.

මල් කළඹ නිර්මාණය කරනවිට මනාලියගේ සාරියේ වර්ණ යෙහෙළියන්ගේ සහ මල්කුමරියන්ගේ ඇඳුම්වල වර්ණයන්ද ගළපාගන්නා අවස්ථාවන් තිබෙයි. නමුත් එය අනිවාර්යය දෙයක් නෙවෙයි.

 

SHARE

NO COMMENTS

LEAVE A REPLY