ලබන වසරේ තිරගත වීමට නියමිත Marvel සහ DC චිත්‍රපට

ලෝකය පුරාම රසික හදවත්ඇද බැඳ ගත්තු චිත්‍රපට පෙලක් තමයි Marvel සහ DC චිත්‍රපට කියන්නේ.Marvel හෝ DC ලෙස නොදැන හිටියා උනත්  මේ කතා මාලවන් වල එන සුපිරි වීරයින් කිහිප දෙනෙකුගේ නම් කියූ සැනින් ඕනම කෙනෙකුට මතක් වෙයි මේ කියන්නේ කවුරු ගැනද කියලා.ඒ තරමටම ලොකු කුඩා කා අතරත් මෙම චිත්‍රපට ජනප්‍රියයි

ඔබ දන්නවා ඇති මේ චිත්‍රපට කතාමාලවන් සඳහා පදනම් වෙන්නේ Marvel & DC Comic Books එහෙමත් නැත්නම් චිත්‍ර කතා පොත් විත්තිය.ඉතින් ඉදිරි වසර කිහිපය තුලදී මෙතෙක් චිත්‍රපට ඇසුරින් කරලියට නාපු ඒත් Comic Book රසිකයින් අතරේ ඉතාම ජනප්‍රිය චරිත කිහිපයක්ද හඳුන්වා දීමට නියමිතයි.ඉතින් අපි මේ කියන්න හදන්නේ ලබන වසරේ තිරගත වීම සඳහා නියමිත Marvel /DC චිත්‍රපට ලැයිස්තුවයි.

fb- like-beg


 UNTITLED WOLVERINE SEQUEL 

2017 මාර්තු 3 වන දින පටන් තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය  X-MEN චිත්‍රපට මාලාවේ ඊලඟ චිත්‍රපටයයි. “Wolverine”  නමැති සුප්‍රකට Marvel  චිත්‍රකතා  චරිතය ඇසුරෙන් James Mangold ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Wolverine  ලෙසින් කරළියට පැමිනෙන්ණේ ඔබත් මමත් හොඳින්ම දන්නා Hugh Jackman වේ.


 GUARDIANS OF THE GALAXY VOL. 2 

සුප්‍රකට Guardians of the Galaxy චිත්‍රපටයේ මීලඟ චිත්රපටය Guardians of the Galaxy Vol. 2 ලෙසින්  2017 මාර්තු 05 වන දින තිරගත වීමට නියමිතයි. James Gunn විසින් අධ්‍යක්ෂණය  කරන මෙයද අයත් වන්නේ සුප්‍රකට Marvel සුපිරි වීර කතා ගොන්නටමයි. ඔබට මේ චිත්‍රපටයෙහි කතා මාලව පිළිබඳ ඉඟියක් සොයන්නේ   නම් දැනටමත් නිකුත් වී ඇති පූර්ව ප්‍රචාරකපට කිහිපයක්ම අන්තර්ජාලයෙන් අහුලා ගත හැකියි.


 WONDER WOMAN 

සුරුපී Gal Gadot ප්‍රධාන භූමිකාවට පණ පොවන “Wonder Woman”, 2017 වසරේ තිරගත වන ප්‍රතම DC චිත්‍රපටයයි. 2017 ජූනි මස 23  තිරගත වීමට නියමිත මෙය Patty Jenkinsගේ අධ්‍යක්ෂනයක්. මෙම වසරේදී තිරගත වූ “Batman VS Superman” චිත්‍රපටය ඔබ නරඹුවානම් එහි සිටි සුරූපි Amazon රණශූරිය ඔබට මතක ඇතුවා නිසැකය . ඈ  ප්‍රථම වරට “Batman VS Superman”  චිත්‍රපටය තුලින්  සිනමා ලෝකයට හඳුන්වා දුන්නත් ඇය වෙනුවෙන්ම නිපදවෙන ප්‍රථම චිත්රපටය වන්නේ 2017 වසරේ තිරගත වන “Wonder Woman” චිත්‍රපටයයි. එසේම මෙහි කතා පුවත  “Diana Prince” ගේ අතීත ජීවිතය හා ප්‍රථම ප්‍රේමය පාදක කොටගෙන  කරගෙන නිමවී ඇති බවටයි හොලිවුඩයෙන් ඉඟි පල වෙන්නේ.


 SPIDER-MAN : Homecoming 

untitled-1

මෙම චිත්‍රපටය සම්බන්දයෙන් නම් අටුවා ටීකා  ඇත්තෙන්ම අනවශ්යයි. Jon Watts ගේ අධ්‍යක්ෂනයෙන් 2017 ජූලි 28 වන දින තිරගත වන  තවත්  Marvel චිත්රපටයක් වන මෙහි  ගැටවර Tom Holland , සුප්‍රකට මකුළු විරුවා ලෙසින් රිදී තිරය පුරා දැල් බඳිමින් බඩ පිනුම් ගැසීමට නියමිතයි.


 THOR: RAGNAROK 

ලොව පුරා තරුණියන්ගේ හිත් අස්සේ  අකුණු පිට අකුණූ වැහි වස්සවන  කඩවසම් තොර් නැවත වරක් පෘතුවියට ගොඩබහිනකම් ඔබත් මඟ බලා සිටියාද? එහෙනම් ඔබට  තව ටිකක් ඉවසන්න වෙනවා.හරියටම කිවුවොත් ලබන අවුරුද්දේ නොවැම්බර් 3 වෙනිදා වෙනකම්. Taika Waititi ගේ අධ්‍යක්ෂනයෙන්  Chris Hemsworth විසින් විශ්වයේ කෙළවරක  ඉඳන් නැවත වාරයක් අපේ ලෝකෙට තොර්ව අරන් එන්න  සියල්ල සූදානම්.


 JUSTICE LEAGUE 

“Justice League ” යනු සියළු DC සිනමා රසිකයන් ඇඟිලි ගනිමින් මඟ බලා සිටි සිනමා සිහිනයයි.අවසානයේදී  DC සුපිරි වීරයින් සියල්ලෝම පාහේ එක්සත්ව නපුරට එරෙහිව රිදීතිරය මත සටන් වදින්නයි  සූදානම.මෙම චිත්‍රපටයේ එන බොහෝමයක් චරිත මෙම වසරේ තිරගත වූ “Batman VS Superman”  චිත්‍රපටයෙන් හඳුන්වාදී අවසන්.ඒ කොහොම උනත් සියළුම DC සුපිරි වීරයින්ගේ සුපිරි වීරකම්  එකම තිරයක් මත නැරඹීම කාට කොහොම වෙතත් DC රසිකයින්ට නම් සුපිරිතම අත්දැකීමක් වනවා නොඅනුමානයි. Zack Snyder ගේ අධ්‍යක්ෂනයෙන් 2017 නොවැම්බර් 17 වන දින ලොව පුරා තිරගත වීමට නියමිත අතර මෙම චිත්‍රපටය 2017 Marvel සහ DC චිත්‍රපට ලැයිස්තුවේ අවසාන චිත්‍රපටයද වෙනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY