එදිනෙදා වියදම් අඩු කරගන්න ක්‍රම 6 ක්

මාසේ වියදමට ගන්න පඩිය මදිද? හම්බ කරනවා ඊළඟ පඩි දවස වෙද්දී ඔබේ අතේ මිටේ මුදල් හිඟද? මේක තමයි අපේ රටේ ගොඩක් දෙනෙක්ගේ ආර්ථික තත්වය. අද මම කියල දෙන්නම් කොහොමද වියදම් සීමා කරගෙන වැටුප කළමනාකරණය කරගන්නේ කියල. ඔබ අවිවාහක තරුණියක් උනත්, පවුලක් නඩත්තු කරන විවාහක මවක් උනත් ඔබේ ආර්ථිකය හොඳින් පවත්වා ගැනීම ගොඩක් වැදගත්.

fb- like-beg


1. කඩෙන් කෑම සහ විවිධ කඩචෝරු කෑම නතර කිරීම.

අද වර්තමානයේ පවුල් වල වියදමෙන් විශාල කොටසක් වැය වෙන්නේ පිටින් ආහාර ගැනීම වෙනුවෙන්. සෞක්‍ය ආරක්ෂිතව ගෙදර හදන ආහාර ගැනීම කියන හොඳ පුරුද්ද ඉවතට ගිහින් නොයෙක් නම් ඇති ස්ථාන වලින් ඉහල මිලකට අහිතකර ආහාර ගැනීම දැන් විලාසිතාවක් වෙලා. එම ස්ථාන වලට ගිහින් ආහාර අරගෙන සෙල්ෆියක් ගහල FB දමන එක ඔබ හිතන විදිහට තමන්ගේ තත්වය පෙන්වන විලාසිතාවක් උනත් සාක්කුවට නම් එතරම් සුබ දෙයක් නෙවෙයි.

නිවසේ සියලු දෙනාම වැඩට යද්දී ආහාර පිසීම අමාරු වෙන්න පුළුවන්. එවිට පවුලේ සියලු දෙනාම එකතු වෙලා නියමිත පිළිවෙලක් යොදන්න පුළුවන්. මම දන්නා එක පවුලක කෑම පිසින්නේ සතියකට එක වරයි. ආහාර ඔක්කොම පෙට්ටිවල සෞක්‍යරක්ෂිතව අසුරලා , අධි ශීතකරණයේ දමල කමන වෙලාවට රත් කරගෙන කනවා. Microwave වගේ තාක්ෂණයක් තිබෙද්දී ආහාර රත් කර ගැනීම කියන්නේ ඉතාම සරල දෙයක් වෙලා. දියුණු රටවල නම් කොහොමත් දිනපතා උයන්න කාලය මිඩංගු කරන එක  අපරාධයක් ලෙස තමයි ඔවුන් සලකන්නේ. නමුත් පොල් කිරි පාවිච්චි කරන අපේ වගේ රටකට මෙහෙම කරන්න පුළුවන්. සතියකට වරක් මස් මාළු උයල අධි ශීතකරණයේ දමල, එළවලු සතියකට වරක් සියලු සාමාජිකයෝ එකතු වෙලා කපල සූදානම් කරලා, උදේට බත් එකක් රයිස් කුකර් ඒකට ගහල සූදානම් කර ගැනීම එතරම් කල් වෙලා යන වැඩක් නෙවෙයි.

ඔබට දරුවෝ සිටිනවා නම් හැම විටම භාජන සේදීම , ඉවුම් පිහුම් වැනි වැඩ වලට ඔවුන් සම්බන්ධ කර ගන්න. ඒ වගේම පවුලේ සාමාජිකයෝ එකතු වෙලා උයනවා කියන්නේ ඔබලාගේ දුරස්ථ භාවය අඩු කරවන්නත් පවුලේ සමගිය වැඩි කරවන්නත් හේතුවක්.


2. අනවශ්‍ය දේවල් මිලට ගැනීම නවතා දැමීම

95492667සතියේ බඩු මිලදී ගැනීමට යද්දී ඔබේ කරත්තෙට අනවශ්‍ය දේවලුත් එකතු වෙනවා නේද? සුපිරි වෙළඳසැල් එවුවගේ බඩු තියල තියෙන්නේ ඔබව ආකර්ෂණය වෙන විලාසයකින්. මොකද ඔබ වැඩියෙන් බඩු ගනිද්දී ඔවුන්ට ලාභයි. මේක වලක්වන්න ඔබ අනිවාර්යයෙන්ම ගෙදරින් යද්දී පොතක මිලදී ගැනීමට  අවශ්‍ය දේවල් පිලිවෙලින් ලියා ගන්න. පෑනක් අරගෙන ගන්න බඩු වලට සලකුණක් දමා ගන්න පුළුවන්. එවිට  අනවශ්‍ය දේවල්  මිලදී ගැනීමේ වුවමනාව ඔබේන් දුරු වෙනවා. මෙවැනි යහපත් පුරුද්දක් ඔබේ අනවශ්‍ය වියදම් කපා හරින්න ලොකු පිටිවහලක් වෙනවා.


3. ලාභ තැනින් බඩු ගැනීම

cpaiyncukaachk2හැම දෙයක්ම සුපිරි වෙළඳ සැලින්ගැනීම කාර්ය බහුල අපට පහසුවක්. නමුත් ඔබ දන්නවද එළවලු, මස් මාංශ, පලතුරු ගබඩා කිරීම හා කල් තබාගැනීම නිසා ඉහල මිලකින් යුතු බව. අඩුම තරමේ මේ දේවල් ටික ගන්න විතරක් පොලට , පාරේ පොඩි එළවලු කඩේට, පලතුරු කඩේට, මාළු ලෑල්ලට ගියොත් කොතරම් මුදලක් ඉතිරි වෙනවද යන්න ඔබට පෙනේවි.


4. විශාල ලයිට් , වතුර, ටෙලිෆෝන් බිල් අඩු කර ගැනීම

girl-looking-at-high-electricity-billබිල් කියන්නේ සාක්කුවට නොදැනීම අපේ මුදල් හොරෙන් ගන්න හොරෙක්. ටිකක් පරිස්සමෙන් මේ සීමිත සම්පත් පාවිච්චි කිරීම කියන්නේ විශාල මුදල් ඉතුරුවක්. සතියෙම රෙදි එකවර සේදීම, කාර්යක්ෂම නවීන විදුලි උපාංග මිලට ගැනීම, අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම සහ චාජර් වැනි දේවල් පාවිච්චියෙන් පසු විසන්ධි කිරීමෙන් විදුලි බිල අවම කර ගන්න ඔබට පුළුවන්.

දුරකථනය පාවිච්චියේදී පණිවිඩ සඳහා පමණක් යොදාගෙන Viber, වට්ස් අප් වැනි, ස්කයිප් මගින් දීර්ඝ ඇමතුම් ලබා ගැනීමත් ඔබේ දුරකථන බිල අඩු කරන්න ලොකු උදවුවක් වෙනවා.


5. ක්‍රෙඩිට් කාඩ් වගකීමෙන් භාවිතා කිරීම

urlමම නම් ක්‍රෙඩිට් කාඩ් එක තියාගෙන ඉන්නේ හදිස්සියකට ගන්න විතරමයි. ක්‍රෙඩිට් කාඩ් මගින් වියදම් කරහම නොදනුමත්වම පොලියක් එකතු වෙනවා. එය ඉතාම විශාල මුදලක්. ඔබට නොදනුමත්වම ඔබේ මුදල් විශාල ලෙස අපතේ යන අවස්ථාවක් තමයි පාලනයකින් තොරව ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කිරීම කියන්නේ.


6. යාලු මිත්‍ර , නෑදෑයන්ට උදවු කිරීම  අවම කිරීම

imagesඔබේ මුදල් ඇතැම් විට මිතුරන්ට , නෑදෑයන්ට දීම සිදු වෙනවා. කාලයක් ඔබ ඔබේ අවශ්‍යතා කැප කරගෙන ඔවුනට උදවු කරහම එය පුරුද්දක් බවට පත් වෙනවා. එම නිසා නැවත නොගෙවන කෙනෙකුට අමාරුවෙන් උපයන මුදල්  වියදම් කරද්දී දෙපාරක් හිතන්න.

SHARE

NO COMMENTS

LEAVE A REPLY