ඔබේ නැන්දම්මත් ඔබට හතුරුද?

මෙන්න එයත් එක්ක ගනුදෙනු කරන ක්‍රම 8 ක්……….

මහර තරුණියන්ට තමන්ගේ පවුලේ වගේම ආදරයක් තමන්ගේ ස්වාමියාගේ පවුලෙනුත් ලැබෙනවා. එහෙම දියණියෝ ඇත්තටම වාසනාවන්තයි. නමුත් හැමෝටම ඒ වාසනාව නැහැ. එහෙම තමයි ජීවිතේ හැටි. නමුත් මේ විශාල ප්‍රශ්නය හමුවේදීත් තමන් ගොඩනගාගත්තු සුන්දර කුරුළු කූඩුවේ සාමය රඳවා තියා ගන්නේ කොහොමද? ඒක බොහොම ප්‍රවේශමෙන් කළයුතු දෙයක්. ඔබේ ජීවිතේ සාර්ථකත්වය තීරණය කළ යුත්තේ ඔබ විසින්මයි.

fb- like-beg


1. කිසිවක් පුද්ගලිකව ගණන් ගන්න එපා.

බොහෝ වෙලාවට අම්මල සලකන්නේ තමන්ගේ පුතා කියන්නේ තමන්ට පමණක් අයිති වස්තුවක් ලෙස. ඉස්සර ඔහු අම්මා වෙනුවෙන් කළ දේවල් දැන් ඔබ වෙනුවෙන් කරනවා. ඉස්සර අම්මට වැඩියෙන්ම ආදරය කරපු ඔහුගේ ලෝකයේ අග රැජින ඔබ වෙලා. මේක ඇතැම් අම්මලට දැනෙන්නේ ඔබ ඇයට අයිති දෙයක් පැහැර ගත්තා ලෙසයි. මේ වෛරය කුමන අයුරකින් වත් විසදන්න බැරි වේවි. ඔබ ගණන් නොගෙන පාඩුවේ ඉන්න. කාලය සමග ඇය තේරුම් ගනීවි ඔබ ඉතාම හොඳ දුවක් බව.


2. අම්මගේ වැරදි වලට සැමියා සමග රණ්ඩු වෙන්න එපා.

ඔහු මෙතැනදී අසරණයි. ඔහුට තත්වය කාරුණිකව පැහැදිලි කර දෙන්න. ඔබ මෙවැනි දේවල් ගණන් නොගන්නා බව හඟවන්න. “ අම්මා පවු. වයසයිනේ….” වගේ කරුණාබර සිතිවිලි ඇය කෙරෙහි යොමු කරන්න. ඔබේ සැමියාට ඔබ දෙදෙනාගෙන් කවුරු හරි තෝරාගන්න වගේ අසාධාරණ ඉල්ලීම් කරන්න එපා. එවිට ඔහු මානසිකව අසරණ වේවි. පීඩනයෙන් පලා යන්න මත්පැන් , නරක මිතුරෝ වගේ දේවල් උදවුවට ගනීවි.


3. නමුත් ඔබට වෙන හිරිහැර පිළිබඳව සැමියා දැනුවත් කරන්න.

නැතහොත් ඔවුන් ඔබට විරුද්ධව නොයෙක් කේලම් කියා ඔබ දෙදෙනා අතර ගැටුම් ඇති කරාවි.


4. නැන්දම්මාගේ නපුරු ක්‍රියා, වචන වලට ප්‍රතිචාර නොදක්වන්න.

ඔබ ඇයගේ ක්‍රියා වලට ප්‍රතිචාර දැක්කුවොත් එය ඇගේ ජයග්‍රහණයක්. එවිට ඇය ඔබ බැන්නා කියල හැමෝම ඉදිරියේ සුදනා වේවි. අවසානයේ ඔබ වරදක් නොකර නරක වේවි. කිසිඳු කුරිරු ක්‍රියාවකට ප්‍රතිචාර නොදක්වීම ඉතාම වැදගත්.


5. ඔබ දෙදෙනාගේ ප්‍රේමය යනු ඔබේ ජයග්‍රහනයි.

ඇය බේදකරන්නට උත්සහ දෑරුවත් ඔබ දෙදෙනා සමගියෙන් සමාදානයෙන් සිටී නම් කලකදී ඇයට ඇගේ නපුරු උපක්‍රම අමතක  කරන්නට සිදු වේවි.


6. තරහ හිතේ හිරකරගෙන නොසිටින්න.

සමාව දෙන්න . අතහරින්න. ඇය සමහර විට මුලදී ඔබට හිරිහැර කරලා දැන් හොඳ ඇති එහෙමනම් නොපමාව අතීතය අමතක  කර ඇයව සුහදව ඇසුරු කරන්නට පටන් ගන්න.


7. ඔබ දෙදෙනා අතර ඇති ගැටළු වලට ඔබේ දරුවන් ගාව නොගන්න.

අත්තම්මා සහ මුනුබුරු , මිනිබිරියන් යනු වෙන් කල නොහැකි අංගයකි. ඔබ දෙදෙනා අතර ඇති ප්‍රශ්න දරුවන්ට දැනෙන්නට ඉඩ දෙන්න එපා. කුඩා දරුවන්ට අත්තම්මා ඇසුරු කරන්නට ඉඩ ලබා දෙන්න. එමගින් ඔබේ සැමියා ඔබ ගැන ගෞරවනීය උසස් හැගීමක් ඇති කර ගනීවි.


8. හැර යා යුතු විට නොපමාව පිටවන්න.

කොතරම් හොඳ කළත් පලක් නැතුව, දිනෙන් දින ගැටළු ඇති කරවමින් ඔබේ පවුල කඩා බිඳ දමන්නට නැන්දම්මා උත්සහ කරන්නේ නම් ඔබට ඇත්තේ එකම විසඳුමයි. මන්ද ඔබේ පවුල රැක ගැනීම ඔබට වැදගත් නිසා. සැමියා , දරුවන් සමග වෙන නිවසකට නොපමාව පිට වන්න. මුළු පවුලම ඔබට වෛර කරයි නම් රටින් හෝ නගරයෙන් පිට වී හෝ ඔබ දෙදෙනාගේ කැදැල්ල රැක ගන්න පසුබට වෙන්න එපා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY