රස්නය ස්වභාවිකවම අඩු වෙන්න ගෙයක් හදන ක්‍රම 5ක්

පි ජීවත් වෙන්නේ සමකයට ආසන්න ඉතාම උෂ්ණ දේශගුණයක් සහිත රටක. මේ අවුරුද්දේ මාර්තුවේදී ඇති වුන උනුසුම අපට දරාගන්නට නොහැකි තරම්. අගෝස්තු මාසේදීත් තරමක් උණුසුම් කාලගුණයක් ඇති උනා.

ඉවක් බවක් නැති වන විනාශය නිසා මේ තත්වය තව වැඩි වෙයි කියල මිසක් අඩු වෙයි කියල නම් හිතන්න අමාරුයි. උණුසුම අඩු කර ගන්න අපි වැඩියෙන් විදුලිය වැය කරනවා. එමගින් තව තව පරිසරය දූෂණය වෙලා අනාගතයේදී මේ  තත්වය තවත් ඉහල යාවි. අපේ  වගකීම තමයි මේ තත්වෙට ස්වභාවිකව මුහුණ දෙන්න නිසි ක්‍රමයට නිවාස ඉදි කරන එක.

fb- like-beg


1 පිටත සිට වාතය ඇතුලට පහසුවෙන් පැමිණීමට ඉඩ සැලසීම ( Cross Ventilation)

නිවසක ජනේල එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට පිහිටා තිබියදී ඇතුලට පැමිණෙන වාතය ඉතාම ඉක්මනින් ඇතුලේ පවතින රත් වූ වාතයත් අරගෙන පිටතට යනවා. එක පසෙක පමණක් විවුර්තව තිබියදී වාතයට කාර්යක්ෂමව ඇතුලතට සහ පිටතට යන්න බැහැ. එම නිසා දොර ජනෙල ප්‍රතිවිරුද්ධ දිශාවට මුහුණ දෙන පරිදි තැනීමෙන් නිවාස වඩාත් සිසිල් තත්වයෙන් පවතිනවා. ඇතැම් ඉතාම නාගරික වටපිටාවක, සමීපයේ මහා මාර්ග හෝ කර්මාන්ත ශාලා පවතිනවා නම් ජනෙල් දොරවල් ඇර තැබීම අනවශ්‍ය දූවිලි සහ රසායන ද්‍රව්‍ය ගෙට ඇතුළු වීමට හේතුවක් විය හැකියි. ඔබ නිවසක් හදන්න හෝ මිලදී ගන්න සොයද්දී හැකි තරම් මෙවැනි සෞක්‍යයට අහිතකර තත්වයන් මගහැරීම ඉතාම වැදගත්.


 2. කුහර බිත්ති සහිත නිවාස. ( Cavity walls)


උෂ්ණත්වය අවම කිරීම සදහා යොදාගන්න විශේෂ ක්‍රමයක් වන මෙය ස්ථර දෙකකට අයත් වන ආකාරයට බිත්තියක් නිර්මාණය කරන ක්‍රම වේදයකි. මැද සිදුරක් බිත්ති දෙක  අතර පැවතීමෙන් කාමර උෂ්ණත්වය පාලනය වීමක්  සිදු වෙනවා.


3. පරිවාරක වහල ( Roof Insulation)

තාප පරිවාරක විශේෂිත සෙවිලි තහඩු දැන් ශ්‍රී ලංකාවෙත් තිබෙනවා. මෙවුවා ඉතාම පරිසර හිතකාමී වගේම සෞකයාරක්ෂිත බව මැනවින් තහවුරු කර තිබෙනවා. තාක්ෂණයේ දියුණුවත් සමග  මිනිසාට ලැබෙන මෙවන් දායාද භාවිතයට ගැනීමට අප වග  බලා ගත යුතුයි.


4. Fly ash ගඩොල්

තාප විදුලිය නිපදවීමේදී අපද්‍රව්‍යක් ලෙස ඉතුරු වන Fly Ash හෙවත් අලු යොදාගෙන නිපදවන ගෙවල් බඳින ගල් තවමත් අප රටට අලුත් නමුත් බොහෝ රටවල මෙය නිවෙස් වල උෂ්ණත්වය පාලනය කරන ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් ලබා ගන්න අලු මගින් දැනටමත් මහා පරිමාණ ගොඩනැගිලි සඳහා ගල් ලබා ගත්තත් පුද්ගලික නිවාස වෙනුවෙන් නිෂ්පාදනය සිදු වෙන්නේ නැහැ. අනාගතයේදී මේ ලාභදායී ක්‍රමය අප වෙත පැමිණේවි කියල  අපි බලාපොරොත්තු වෙමු.


5. ශාක වවන්න

නිවසක උණුසුම පාලනය කරන්න ඉතාම සාර්ථකම ක්‍රමයක් තමයි තුරු ලතා වැවීම. අපේ දේශගුණයට හරියන පහසුවෙන් වැවෙන ශාක වර්ග වවා ගත්තොත් ඔබ ලබන සැපය නම් කියල නිම කරන්න බැරි වේවි. එපමණක් නෙවෙයි ගහක්  කියන්නේ ඔක්සිජන් පොම්පාගාරයක්. ඒ කියන්නේ ඔබ පරිසරයට කරන සේවය ඇති විශාලයි. ගහ ඔබට හෙවන , සිසිලස , වාතය වගේම මල් පලතුරු සහ හිතේ සැනසුමත් නොමදවම ලබා දේවි.


6. ජල පොකුණු , දිය ඇලි නිවසට සමීපයේ ඉදි කරන්න

උෂ්ණත්වය සමනය වෙන්න කුඩා පොකුණු , දියඇලි වත්තේ හෝ නිවසේ අලංකාරව නිර්මාණය කර ගන්න පුළුවන්. රස්නේ කාලේදී එවුවා කටුක දේශගුණයෙන් මිදෙන්න ඔබට උපකාර කරාවි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY