ලෙඩ නොවී පැහැපත් වෙන්න උපදෙස් 10ක්.

සුදු වීම කියන්නේ අපේ රටේ වගේම ආසියානු රටවල ඉන්න හුඟක් තරුණියන්ගේ හීනයක්. මේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ කියන තරමට ම සුදුවෙන්න මේ අය උත්සාහ කරනවා. මේ තත්වේ වැඩිපුරම තියෙන්නේ කාලයක් සුදු ජාතිකයන්ගේ යටත්විජිත වෙලා තිබුණු රටවල. ඒ වගේම මධ්‍යම පාන්තික  තරුණියෝ අතරේ.

සුදු කියන්නේ ලස්සනයි. එහෙමත් නැත්නම් ලස්සන කියන්නේ සුදටයි කියන ආකල්පේ අපේ රට වගේ රටවල්වල කොච්චර මුල් බැහැල තියෙනවද කිව්වොත් ” ඒ ගෑනු ළමයා සුදුයි.. ලස්සනයි” , “සුදු ලස්සන කෙල්ලෙක්..” වගේ කතා නිතර අහන්න ලැබෙනවා.

ඒ විතරක් නෙමෙයි, කළු එහෙමත් නැත්නම් තද පාට හමක් තියෙන තරුණියක් ලස්සනයි කියන්නෙත් මේ විදිහේ .” සුදු නම් නැහැ.. ඒ වුණාට ඒ ගෑනු ළමයා ලස්සනයි” තව, “කළු වුණාට ලස්සන කෙල්ල” වගේ හැඳින්වීම් එක්ක.ඔබත් කළුයි,  එහෙමත් නැත්නම් සුදු මදි කියල දුකෙන් ඉන්න කෙනෙක් ද? එහෙම නැත්නම් සුදුවෙන්න සෑහෙන්න මහන්සි වෙන කෙනෙක් ද?

එහෙනම් මේ ලිපිය ඔයාටමයි.

fb- like-beg


1.  උපතින් ම තලෙලු ද? එහෙනම් සුදු වෙන එක ලේසි නෑpreparation-sur-une-peau-noire-pour-un-maquillage-de-mariage

අපේ  හමේ පාට තීරණය වෙන්නේ හමේ තියෙන මෙලනින් ප්‍රමානෙත් එක්ක. ඒක තීරණය වෙන්නේ උපතින්මයි. එක වෙනස් කරන එක සෑහෙන්න අමාරු වැඩක්. ඒ වගේම අනතුරුදායකයි.

සුදු වෙන්න කියල හිතාගෙන ඔබ කරන සමහර දේවල් වලින් සමේ මෙලනින් ප්‍රමාණේ තාවකාලිකව අඩුකරගන්න පුළුවන්. හැබැයි එකෙන් සමට හුඟක් හානි වෙනවා.


2. රසායනික විසඳුමක් ද?chemical-peel_zps00f74ba0

වෙළඳපොලේ  ඇති විවිධ  රසායනික  ආලේපන  භාවිතයෙන් යම් මට්ටමකට සුදු පාට වෙන්න පුළුවන්. එත් එයින් ලැබෙන දීර්ඝ  කාලීන ප්‍රතිපල අයහපත්. සම තුනී වීම, කුරුලෑ වලට වර්ධනයට ඇති ඉඩකඩ  වැඩි වීම සිදුවෙන්න පුළුවන්.

ඒ විතරක් නම් කමක් නැහැ. ඝර්ම කලාපිය රටවල ඉන්න අපිට, හම ආරක්ෂා කරගන්න සොබාදහම දීපු තෑග්ගක් තමයි මෙලනින් කියන්නේ. ඔබ ඔය වද කර කර ඉවත් කරන මෙලනින් තට්ටුව අපේ රටවලට වැටෙන සැඩ හිරු කිරණින් ඔබව ආරක්ෂා කරනවා. සමේ පිළිකා වගේ තත්ත්වවලින් ඔබව සුරක්ෂිත කරන මෙලනින් තට්ටුව තමයි මේ රසායනික ද්‍රව්‍යවලින් ඉවත් වෙන්නේ.

තව භයානක පැත්තකුත් තියෙනවා.

මේ රසායනික ද්‍රව්‍ය බොහොමයක රසදිය අඩංගුයි. උග්‍ර විෂක්වෙන මේ රසදිය ඔබේ සම හරහා රුධිරයට එකතු වෙනවා. ඉන්පස්සේ වකුගඩු වල, අක්මාවේ ආදියේ තැන්පත් වෙලා ලෙඩ දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. රසදිය ඔබේ ප්‍රජනන සෙෙලවල එකතුවෙලා ඔබේ අනාගත පරම්පරාවත් රෝගීන් කරවන්න පුළුවන්. ඒ නිසා මේ රසායනික ද්‍රව්‍ය විසඳුමකට වඩා විස දීමක් කියල තමයි කියන්න වෙන්නේ.

ඇතැම්විට  සුදුවෙන්න කියල ඔබ ගිලින බෙහෙත්පෙති, ලබාගන්න එන්නත් ඉතාම භයානකයි. ඒවායින් සුදු වුණු අය ඉන්න පුළුවන්. ඒත් නිකමට හිතල බලන්නකෝ ඒ වගේ පෙරලියක් ශරීරෙ ඇතුලේ වෙනවා කියන්නේ ඒ බෙහෙත් සහ එන්නත්වලින් තව මොන මොනවා ශරීරෙට වෙනවා ඇතිද ?


3. සුදු ද? පැහැපත් ද?

beautiful-skin11-e1393601955281

සුදු වෙනවා කියන දේ සහ පැහැපත් වෙනවා කියන දේ හුඟක් අය පටලවගෙනයි ඉන්නේ.  සුදු සමක් කියන්නේ මෙලනින් ප්‍රමාණය අඩු හමක්. පැහැපත් සමක් කියන්නේ මෙලනින් ප්‍රමාණය මොකක් වුණත් ලප කැළැල් නැති නිරෝගී සමකටයි.  ඒ නිසා උත්සහ කරන්න ඕන පැහැපත් වෙන්න මිසක් සුදු වෙන්න නෙමෙයි කියලයි අපි නම් හිතන්නේ.


4. සුදු වෙන්න බැරි වුණත් පැහැපත් වෙන්න පුළුවන්.black-womna-admiring-herself-on-the-mirror

මුලින් ම කියන්න ඕන. ක්‍රීම් තට්ටු ගණනින් ගෑවත් වැඩක් නැහැ සමට නිසි පෝෂණය දෙන්න ඔබ ලෝබයි නම්.  පැහැපත්කම කියන්නේ අභ්‍යන්තරයෙන් ම එන්න ඕන දෙයක්. ඒ නිසා ඔබේ යහ පැවැත්ම තමයි ඔබේ සමේ තත්වේ තීරණය කරන්නේ.


5. මෙන්න මේවා කන්න.6250e4317c6db4e

විටමින් ඒ. කියන්නේ පැහැපත් සමකට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා කොළ පාට එළවලු වැඩිපුර ආහාරයට එකතු කරගන්න. අමු පලා කොළ සලාදයක් කියන්නේ වැඩි වියදමක් නො කර බත් පතට එකතු කරගන්න පුළුවන් විටමින් ඒ. සම්භාරයක්. ඒකට ම දෙහි ටිකක් එකතු වුණොත්, වැඩි රසක් විතරක් නෙමෙයි විටමින් සී ත් ඔබට ලැබෙනවා. විටමින් සී කියන්නෙත් පැහැපත් සමකට ඕනම විටමිනයක්. දෙහි, දොඩම්, වගේ ඇඹුල් රස දේවල්වල විටමින් සී හොඳටම තියෙනවා.

ඒ වගේමයි ප්‍රෝටීන්. මස් වර්ග, මාළු සහ බිත්තර වලට පුළුවන් ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරන්න. ඒ වගේම ඔබ නිර්මාංශ කෙනෙක් නම්, සෝයා, කිරි ආහාර, දඹල විතරක් නෙමෙයි හැම ගෙදරකම ඉදෙන පරිප්පුත් ඔබට උදව් වෙයි.

හිතකර මේදත් පැහැපත් වෙන්න ඕනමයි. කන්න රටකජු, කජු ඒ වගේම ආමන්ඩ්.  සීමාවක් ඇතුව දැනගෙන ගත්තොත් පොල්, ඔලිව් සහ සුරියකාන්ත තෙල් ඔබට හුඟක් උදව් වෙයි. ඒ වගේම සාමානයෙන් ලංකාවේ ආහාර රටාව අනුව හුඟක් කෑමවල කෙනෙකුට දවසකට අවශ්‍ය මේද ප්‍රමාණය තියෙනවා.


6. වතුර බොන්න.fair-skin

අපේ දෙතොලට දැනෙන පිපාසෙට වඩා සිය දහස් ගුණයක පිපාසයක් අපේ සමට දැනෙනවා. එත් අපි වතුර බොන්නේ දෙතොලට දැනෙන පිපාසෙ සංසිඳුවන ප්‍රමාණයට විතරයි. ඒ නිසා තමයි හුඟක් වෙලාවට අපේ සම නියං පොළොවක් වාගේ ඉරි තලන්නේ.


7. නින්ද නින්ද නින්දcz6obm1wkaefeth

මොන දේ කලත් වැඩක් නැහැ ඔබේ සිරුරට අවශ්‍ය විවේකය නැත්නම්. සමේ නැවුම් සෙෙල නිපදවෙන්නේ ඔබ නින්දට ගියාමයි. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් නිදියන්නත් අමතක කරන්න එපා.


8. අනේ නාන්න.shampooing-everyday

පිරිසිදුකම ඉතා වැදගත්. ඔබේ සමට ගැලපෙන පිරිසිදුකාරකයක් යොදාගෙන සම පිරිසිදු කරන්න. කුරුලෑ ඇත්නම් කඩන්න එපා. දිනකට දෙවරක් මුහුණ සෝදන්න. නිතරම මුහුණ සෝදන්න ගත්තොත් ඔබේ සම අධික වියලි තත්වයට පත්වෙයි.


9. හිත තමයි වැදගත්.cjhqudzxaae1qnz

සමේ පැහැපත්කම හිතෙත් තියාගන්න. ඔබව සංසන්දනය කිරීමෙන් වලකින්න. ඔබේ සම සුන්දරයි. හිතත් සුන්දර කරගන්න. කේන්තිය,ඊර්ශ්යව වගේ දේවල් හිතේ අරක්ගත්තම සම ට කෙලින් ම බලපානවා. ඒ නිසා අපේ වචනවලින් ම කියනවනම්, ලේ රත් කරගන්න එපා.

භාවනා කරන්න. හිතට ව්‍යායාමයක් දෙන්න. ඒ වගේම හිතට අරන් ශරීරයටත් ව්‍යායාම කරන්න.


10. ආකල්ප – ඔබ ඔබමයිlipstick-shades-for-darker-skin-tones

සුදු කියන්නේ පාටක් විතරයි. නිල්, කහ, රතු, රෝස, කොළ වගේම පාටක්. එක මතක තියාගන්න. ඔබ මොන පාට වුනත් ඔබට ම ආවේනික ලස්සනක් තියෙනවා. ඒ ලස්සන ඉස්මතුවෙන්න අඳින්න, පළඳින්න, මේකප් කරන්න.

ලස්සනට හැසිරෙන්න. ඔබේ පාට මොකක් වුණත් වැඩක්‌ නැහැ ඔබේ හැසිරීම සහ ආකල්ප බින්දුවයි නම්.

ඔබ ඔබ ම වෙන්න.

කළුයි නම් සුදු වෙන්න ඕන නෑ. කළුයි, දැකුම්කළුයි වෙන්නකෝ.

 

SHARE

NO COMMENTS

LEAVE A REPLY