එළවලු පළතුරු වල කෘමි නාශක ඉවත් කර ආහාරයට ගනිමු

පේ රට කෘෂිකාර්මික රටක් වූනාට , කිසිම නියාමනයකින් තොරව අධිකව කෘෂි රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ගොවියන්ගේ නොදැනුවත්කම සහ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය මෙයට හේතු වුනත් මෙයින් පීඩාවට පත් වෙන්නේ පාරිභෝගික ඔබයි. ඉතාම අනතුරුදායක ලෙස, ඉහළ අගයකින් යුතුව භාවිතා වන කෘෂි රසායන ද්‍රව්‍ය නිසා දිගු කාලීනව පිළිකා, ස්නායු පද්ධතියේ හා ප්‍රජනන පද්ධතියේ දුර්වලතා , ජනන අබාධ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බිඳවැටීම් හටගන්නා බව සායනිකව තහවුරු කර තිබෙනවා.

ගෙවත්තේ එළවලු , පළතුරු වගා කිරීම හොඳම විසඳුම වූනත් නාගරිකව ජීවත්වන අයට එය පහසු දෙයක් නොවේ. අපි අද ඔබට ගෙන එන්නේ, ඔබේ පවුලේ අයගේ ආරක්ෂාව තහවුරු කර ගන්න වෙළඳපොලෙන් මිලදී ගන්නා එළවලු ,පළතුරු වල කෘමිනාශක සහ වෙනත් විෂ රසායන ද්‍රව්‍ය ඉවත් කර ගන්නා ආකාරයයි.

fb- like-beg


01 ) ලුණු වතුරෙන් සෝදන්නremove-pesticides-from-fruits-and-vegetables-before-eating-them-3-must-know-recipes

ලුණු මිශ්‍ර ඇල් වතුරින් සේදීම මගින් 80% පමණ කෘමිනාශක සහ වෙනත් විෂ රසායන ද්‍රව්‍ය ඉවත් කර ගත හැක. ජලයට 2% පමණ ලුණු මිශ්‍ර කර ගත යුතුය. සේදීමේදී මිදී , පේර, අඹ, පෙයාස් වැනි පලතුරුත් තක්කාලි, වම්බටු වැනි එලවලුත් වඩා හොඳින් සේදිය යුතු වන්නේ ඒවාගේ වැඩිපුර විෂ ද්‍රව්‍ය රඳන නිසයි.


02) විනාකිරි මිශ්‍රනයක ගිල්වන්නd5f40b0e59635d4eba9625082497a0fe

මිශ්‍රණය සාදා ගැනීමට වතුර භාජනයට 10% පමණ විනාකිරි මිශ්‍ර කරන්න. එළවලු පලතුරු එහි බහා හොඳින් කලතන්න. මද වෙලාවක් තැබීමෙන් බොහෝ කෘමිනාශක ඉවත්වී යයි. මෙම ක්‍රමයෙන් පිරිසිදු කිරීමේදී වඩා සිනිදු පෘෂ්ට සහිත එළවලු, පලතුරු යෝග්‍ය නොවේ. මන්ද යත් ඒවා විනාකිරි සමග ප්‍රතික්‍රියා කරන බැවිනි.


03) පොතු ගැලවීම සහ උනුවතුරේ දැමීමapple-peel_625x350_61444888822

එළවලු උනුවතුරේ දැමීම සහ පොතු ගලවා ආහාරයට ගැනීමත් යෝග්‍යයි. ඒවගේම මස් පිසීමේදීත් අමතර මේදය සහ හම ගැලවීම හැමවිටම සෞක්‍ය ආරක්ෂිතයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY