සුපිරි වෙළඳසැල් සාප්පු සවාරියකදී ඔබ මඟ හැරිය යුතු කරුණු 10ක්.

ස්සර නම් ගෙදර දොරට අවශ්‍ය කරන බඩු මුට්ටු සතියකට සැරයක් නැත්තං මාසෙකට වතාවක අරං ආවෙ කඩයක් කඩයක් ගානේ ඇවිදලා..එළවලු නම් පොලට ගිහිල්ලා..එක එක බඩු ගන්න එක එක කඩවලට ඇවිදලා ගෙදර එද්දී ඉතින් හොඳ පණ ගිහිං..ඒත් දැං එහෙම නෑනේ හන්දියක් හන්දියක් ගානේ වගේ තියන සුපිරි වෙලඳසැලට ගියාම ඉතිං සැපට A\C එකේ කූල් පිට හිතේ හැටියට ශොපිං කරලා  තමන්ට වුවමනා හැමදේම එකම වහලක් යටිං අරන් ගෙදර එන්නයි තියෙන්නෙ..

කාර්යබහුල ජීවිතයත් එක්ක ඔට්ටු වෙන ගෘහනියෝ බොහෝ දෙනෙක් මේ සුපර් මාර්කට් ශොපිං වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ ලේසිය හින්දාමයි.හැබැයි කොහෙන් කොහොම බඩු ගත්තත් හොඳ අරපිරිමැස්මෙන් ඒ වගේම ආර්ථික වාසියක් සැලසෙන විදිහට ශොපිං කරන්නේ කෝමද කියන එක ගන පුංචි පුංචි ඉඟි කීපයක් දෙන්නයි අපි මේ හදන්නේ..මතක තියා ගන්න අපි මේ උගන්වන්න හදන්නේ ලෝභයෙක් වෙන හැටි ගැන නම් නෙවෙයි..මේ කියන දේවල් කොච්චර නම් ඔබේ  ජීවිතයටත් වටිනවද කියලා ලිපිය අවසාන වෙනකම්ම කියවලා බලලා කිරලා මැනලා අපිටත් කියලා එවන්නකෝ..


fb- like-beg

01.ඔබ මිලදී ගන්නේ මොනවාදැයි හරියටම තීරණය කරන තෙක් ශොපිං යන්න එපා

Im Supermarkt

ඔබගේ නිවසට හරියටම උවමනා මොනවාද, නැතිනම් ඔබ මිලදීගැනීමට බලාපොරොත්තු වන්නේ මොනාවද යන්න පිළිබඳව අදහසක් නොමැතිව සුපිරි වෙළඳසැලට ගොඩවෙනවනම් ඔබ කරන්නේ ලොකු වැරැද්දක්.මොකද ඔබවත් හරියට  දන්නේ නැති  ඔබගේ අවශ්‍යතා පිරිමැසීමට ගිහිල්ල ඔබත් එක්ක ඉස්සෙල්ලාම අමනාප වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ඔබගේම පසුම්බියයි.අනික මලු ගණන් බඩු පුරවන් ඇවිල්ල පොකට්ටුවේ අඩිය පේනකම් වියදම් කරලත්  ඔබට වුවමනාම දේ රැගෙන ඇවිත් නැත්තම්..ඒ නිසා යන්නම් වාලේ සුපර් මාකට් යනවට වඩා ඔබගේ වුවමනා එපාකම් ගෙදරදීම කිරාගෙන මැනගෙන යන එකයි වටින්නේ


02.ඔබ යන්නේ දේවල් කිහිපයක් මිලදී ගන්න පමනක් නම් කාර්ට් එකක් වෙනුවට බාස්කට් එකක් රැගෙන යන්න.

291d578500000578-3097084-supermarket_savings_femail_has_worked_with_six_supermarkets_to_c-m-7_1432801824942

බාස්කට් එකට වඩා ශොපින් කාර්ට් එක ලෙහෙසි නිසාම දේවල් කීපයක් මිලට ගන්න ගියත් ඔබ ශොපිං කාර්ට් එකක්ම භාවිතා කරනවා විය හැකි.හැබැයි මේ ශොපිං කිරිල්ල අවසාන වෙන්නේ කාර්ට් එකක් පිරෙන්නම බඩු අරන් වෙන්නත් පුළුවන්.කාර්ට් එකේ තියන ඉඩ හේතුවෙන් ඔබට තව තව දේවල් මිලදී ගන්න මානසික පෙළඹවීමක් ඇති කරනවා..ඒ නිසා ඔබ සුපර් මාකට් එකට ගොඩවෙන හැම වෙලාවකම මේ ගැනත් පොඩ්ඩක් සලකිලිමත් උනොත් වාසිය පොකට්ටුවටමයි..


03.බඩු ලැයිස්තුවක් යනු ඔබගේ බොහෝමයක් අනවශ්‍ය වියදම් පාලනයේ යතුරයි

supermarket-shopping

හැමවිටම පාහේ ඔබට අවශ්‍ය දැ හි ලැයිස්තුවක් පිලියෙල කරන්න.නැවත වරක් කියවා තවදුරටත් කපා හැරිය හැකි දෑ ඉවත් කරන්න.හරි ..දැන් ඔබට පුළුවන් ලේසියට වාසියට ශොපිං කරන්න..හැබැයි මතක තියා ගන්න..ලැයිස්තුව අතේ තිබුනට මදි ලැයිස්තුවේ හැටියට බඩු ගන්නත් ඕනි..


04.ඔබ නව කෑම වට්ටෝරුවක් සඳහා අවශ්‍ය දෑ මිළදී ගැනීමට යන්නේ නම් දැනටමත් නිවසේ ඇති දෑ පරීක්ෂාකර බලන්න.

disena-la-lista-de-la-compra-perfecta-670x446

අළුත් අළුත් කෑම වට්ටෝරු අත්හදා බලන්න ඔබත් කැමැති අති.හැබැයි ගෙඩි පිටින් වට්ටෝරුව අරන් සුපර් මාකට් එකට දුවන්න කලින් පොඩ්ඩක් ගෙදර වට්ටෝරුවෙන් කීයක් ජාති ගෙදර තියනවාද කියලා  බලන්න.නැත්තං තියෙන ජාතිම ආපහු උස්සන් ඇවිත් නරක් වෙලා අපතේ දාන්න වෙන එකේ පාඩුව විඳගන්න වෙන්නේත් ඔබටමයි


05.නිතර වෙලඳ දැන්වීම් වල දුටුවාට එය හොඳම නිශ්පාදනය නොවෙන්නත් පුළුවනි.

methode%2ftimes%2fprod%2fweb%2fbin%2fa9579e6e-4146-11e6-8b08-e4a8e44356ba

වෙළඳපොලේ බොහෝමයක් සන්නාම, වෙලඳ දැන්වීම් අතරේ ඔබත් අතරමං වී ඇතුවා විය හැක.සමහර නිශ්පාදන ජනප්‍රිය සන්නම  හේතුවෙන්ම ඉතා ඉහළ මිලකින් යුක්ත වෙනවා..නමුත් ඇතැම් විට එකම වර්ගයේ නිශ්පාදනයන්හි සන්නාමය වෙනස් වූ පමණින්ම රසයෙහි හෝ ගුණාත්මකභාවයෙහි විශේෂ වෙනසක් නොමැති තරම්.ඉතිං ඔබටත් පුළුවන් පහසු මිලට වෙනත් නිශ්පාදනයක් භාවිතා කර බලන්නට.ඔබටම වැටහේවි ගිණි ගනන් ගෙවා මිලට ගත් නිශ්පාදනයටම ලාභදායි බොහෝ  ආදේශක ඇති බව.


06.නිකං දුන්නත් කමක් නෑ අස්සයාගේ දත් ගැනලම ගන්න

su-42-supermarket-alamyv21

තොග අවසන් වනතුරු පමණයි කියලා කොන්දේසි දාපු වෙලඳ වට්ටම් සහිත නා නා ප්‍රකාර බෝඩ් ලෑලි , ස්ටිකර් කෑලි ඇති පදම් හොයා ගන්න පුළුවන් තැනක් තමයි සුපර් මාකට් කියන්නේ..අර කතාවටත් කියනවනෙ අපේ ඈයොන්ට නිකං දෙනවනම් දෙමල පත්තරෙ හරි කමක් නෑ කියලා. සුලු මුල්‍යමය වාසියකට වහ වැටිලා පැනපු ගමන් ගන්න කලින් පොඩ්ඩක් නිශ්පාදිත දිනය , කල්ඉකුත් වීමේ දිනය කියවලා බලන එකයි වටින්නේ.මොකද අච්චරයි මෙච්චරයි කියලා අඩුවට දෙන බොහෝමයක් වට්ටම් වලට හේතුව එම භාන්ඩ වල ගබඩා කර තබාගත හැකි කාලය නැත්නම් shelf life  එක ඈවර වෙන්න ආසන්නව තිබීම..ඉතින් පුදන කොටම කාපි යකා කියලා කාර්ට් එකට පුරෝ ගන්න කලින් චුට්ටක් හිතලා බලන්න නිකං දුන්නත් ඇත්තටම ඕනිද , ඕනිම නම් ගත්තු ඕක්කොම කලඉකුත්වීමෙ දිනයට කලින් පාවිච්චි කරලා ඉවර කරන්නත් පුළුවන්ද කියලා..


07.සකස් කල නිශ්පාදන ඇත්තටම ලාභද?

cbaka9hwiaeielt

පිසීමට පහසු ලෙස කියලා කපලා කොටලා හරි ගස්සලා පැකට් කරලා තියන එළවළු පලතුරු වල මිල නිකංම ගන්න තියන එළවලු පලතුරු වලට වඩා වැඩි.ඒ වගේම තමයි ඇතැම් විට ඔබ වැඩි මුදලක් දීල ගන්නේ නැවුම් එළවළු පලතුරු නොවෙන්නත් පුළුවන්..ඒ නිසා කම්මැලිකම පොඩ්ඩක් පැත්තකින් තියලා එළවලු , පලතුරු පලාවර්ග තෝරලා බේරලා අරන් තමන්ම කපලා කොටලා සකස් කරගත්තොත් අනවශ්ය මුදල් නාස්තිය අවම කරගන්න පුළුවන් වගේම ඔබේ ආදරණීයන්ට පිලිගන්වන කෑම වේලේ රසය වගේම ගුණාත්මක බව ගැනත් ඔබටම සහතික වෙන්න පුළුවන්.


08.අවාරේ වෙනුවට වාරේ..

bhae-txlspk

අපි කවුරුත් දන්නවා එක එක එළවළු පලතුරු හැදෙන්නේ එක එක කාලවල් වලදී..මැංගුස් වාරේ, කජු වාරේ , අඹ වාරේ , රඹුටන් වාරේ වගේ..ඉතින් මේ කාල වලදී ඒ එලොලු පලතුරු කොහොමත් ලාභයි.ඔබටත් වාරෙට ගැලපෙන එළවළු පලතුරු මිලදී ගන්න පුළුවන්නම් ඔන්න පොකට් එකට පොඩි වා
සියක් අත්කරලා දෙන්න පුළුවන්..


09.ප්‍රවර්ධන වැඩසටහන්

s1_53a41cf735776

සුපිරිවෙලඳසැල් කිවුවොත් ඉතින්  නානාවිධ අළෙවි ප්‍රවර්ධන වැඩ සටහන් නම් ඕන තරම්.ක්‍රෙඩිට් කාඩ් මිල අඩු කිරීම් ,යම් කාල සීමවක් ඇතුලත ගෙවන බිල්පත් සඳහා ඩිස්කවුන්ට්, ලෝයල්ටි කාඩ් පත් සඳහා දෙන වට්ටම් වගේ එකී නොකී බොහෝමයක් දේවල් තියෙනවා.ඔබ වැඩි සැලකිල්ලක් නැතුවම මකලා දැම්මට ඔබගේ ජංගමයාටත් මේ වගේ දැනුවත් කරන ඊමේල්, SMS නිතරම එනවා ඇති.හැබැයි. එක තප්පරේකට මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් උනොත් බිල පොඩ්ඩක් අඩු කරගන්න පොටක් පෑදෙන්න පුලුවන්. හැබැයි අපි අර මුලින් කිවුවා වගේ තොග අවසන් කිරීමේ වට්ටම් වලට බඩු ගන්නවා ඉතින් වෙනදට වඩා නම් දෙතුන් ගුණයක් සලකිලිමත් වෙන එකයි ඇගට ගුණ.


10. පාවෙන තොප්පි

kasse-im-supermarkt

ඔක්කෝම් උගුල් වලින් පැනගෙන බේරිලා ,සෑහෙන්න නාස්තියකුත් අවම කරගෙන බිල ගෙවන පෝලිමටත් ආවා කියමුකෝ..මෙතනත් තියනවා ඔබගේ පොකට්ටුවට විදින්න ගහපු පුංචි ගැට දෙක තුනක්.ඒවා තමයි කවුන්ටරේ ලඟම දිලිසි දිලිසි තියලා තියන ටොපි චොකලට් ලොසින්ජර කෑලි.නිකන් හිටගෙන ඉද්දි ඔන්න ඔහේ කකා යන්න කියලා මේවයින් තුන හතරකුත් ශොපිං කාර්ට් එකට ඔබා ගන්න හිතෙනවා නේද…අන්න එහෙම හිතෙන හින්දම තමයි ඒවා එතනින්ම  තියලා තියෙන්නේ.ඒත් අහුනොවී පැන ගන්න් එක ඔබේ අතේ.

හැබැයි යන්න කලින් මතක තියා ගන්න ඔබේ බිල්පත එතනදීම හොඳින් පරීක්ෂා කරන්න. ඇත්තටම ගත්තු බඩුම බිල් වෙලාද,  කිරුම් මිනුම් , එකතුව හරියටම හරිද  කියලා සහතික කරගන්න එකත් පුරුද්දක් කර ගන්න. සියල්ලම සිදු වන්නේ යාන්ත්‍රික උනත් යන්ත්‍ර වලටත් වරදින අවස්ථා ඕන තරම්.ඒ වගේම වැරදි කේත අංක ඇතුලත් කිරීම් නිසා නොගත්තු බඩු වලටත් ගෙවන්න වෙන අවස්තා ඕන තරම්.මෙච්චරත් අරපිරිමැස්මෙන් අරන් ඔබ නොගත්තු දේවල් වලටවත් එහෙමත් නැත්තම් ගත්තු දේවල් වලට වවැඩිපුරවත් ගෙවන්න ඕනි නෑනෙ.මෙන්න මේ වගෙ පුංචි පුංචි නාස්ති වීම්  අවම කර ගැනීම පුරුද්දක් කරගත්තොත් ඔබට නොදැනීම මාසය අවසානයේදී ලොකු මුදලක් ඔබ අතේ ඉතුරු වේවි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY