මහත්තය විසික් කරයි කියල නෝනා රහසින් ප්‍රාර්ථනා කරන දේවල් 9 ක්

බේ ගෙදර ඉන්න වියදම් කාරය, නාස්ති කාරය සමහර වෙලාවට හරිම ලෝභයි. අවාසනාව කියන්නේ එයාල මෙහෙම ලෝභ වෙන්නේ සතේකට වත් වැඩක් නැති දේවල් වලට තමයි ඉතින්. ගෙදර ඉඩ අහුරන, ඔයාගේ පිළිවෙල නැති කරන මේ දේවල් විසික් කරනවට කොච්චර කැමති උනත් ඉතින් එහෙම ඉල්ලන්නත් හොඳ බිරිඳක් කැමති නැහැ. මොකද මහත්තය කැමති දේවල් දෙන එකනේ නෝනගේ එකම සතුට. නමුත් හිත යටින් නම් බල බලා ඉන්නේ මේ දේවල් ටික කොයි මොහොතේ හරි එපා වෙලා විසික් කරයි කියල නේද?


fb- like-beg

1) මාරු කාසි ගොඩවල්

ඔහුට මෙවුව බස් එකේදී හම්බ උනත්, කඩෙන් හම්බ උනත් පර්ස් එකේ දාගෙන යන්නේ නැහැ. ගෙදරම ගොඩ ගහනවා. එක්කෝ කෑම කාමරේ මෙසේ උඩ නැත්නම් ඔයාගේ dressing table එක උඩ. ඇත්තටම බිරිඳකට ඕනේ මේ කාසි ගොඩවල් විසික් කරන්න නෙවෙයි. සුපිරි වෙළඳ සලකට හරි බැංකුවකට හරි දීල මාරු කරව ගන්න. නමුත් මේක වෙන්නේ නැහැ.


2) පරණ පින්තූර , චිත්‍ර

ඔහු පොඩි කාලේ කැමතිම නළුවාගේ පෝස්ටර් එකක්, ඉස්කෝලේ trip එකක ගත්ත පිස්සු ෆොටෝ එකක් ඔහුට ඕනේ මයි. මොන හේතුවකින් හරි ඔවුන් මේ දේවල් වලට කැමතියි. ඔහුට වෙනම කාමරයක් තිබෙනවා නම් මෙවැනි පින්තූර එල්ලන්න තව කමක් නැහැ. නමුත් දුක කියන්නේ මහත්තය මෙවුව නෝනගේ නිදියන කාමරේ බිත්තියේ එල්ලලා තියෙනවා නම් ඉතින් නෝනා බලාගෙන ඉන්නේ කවද මෙවුව එලියට දායිද කියලයි.


3) වයර් සහ කැඩිච්ච ගැජමැටික්ස් තියෙන පෙට්ටි

මෙවුවගෙන් සතේකට වැඩක් නැහැ. පරණ වයර්, චාජර්, බැටරි, කැඩුන බඩු පුරවපු පෙට්ටියක් කාමරේ ඇඳ යට දාගෙන ඉන්නවද? නමුත් විසික් කරොත් එහෙම එදාට තුන් වෙනි ලෝක යුද්දේ තමයි ඉතින් ගෙදර. ඉතින් නෝනලා බලාගෙන ඉන්නවා නම් ඔහු කවද හරි මේ නිධන් පෙට්ටිය විසික් කරයි කියල, මට ඔබ ගැන කණගාටුව පල කරන්න වෙනවා.


4) හිල් තියන පරණ ටී. ෂර්ට් කන්ද

මෙවුවා තියා ගන්නේ ඇයි ඇහුවොත් කියාවි “ මම මේ ගෙදරට අඳින්න තියා ගත්ත… නුවර එලි ගිහාම සීතලට අඳින්න මේ  අත් දිග එක  තියා ගත්ත” වගේ සුන්දර උත්තර. නමුත් මේ නිසා අල්මාරියේ ඉඩ ඇහිරිලා. ඒත් එක්කම හිටි හැටියේ ඔබේ අම්මල ඉරිදා දවල් බත් කන්න ආපු වෙලාවක ඔහු මේක වැරදීමකින් ඇඳගෙන ඉඳියි….


5) කැම්පස් එකේදී පාවිච්චි කරපු පරණ ලී බඩු

මේ ජහ ජරාව ඔබේ ලස්සන අලුත් ගෙදර පෙනුම විනාශ කරනවා. නමුත් සැමියා  කැමති නැහැ මෙවුව විසික් කර දමන්නට. මොන හේතුවකට හරි ඔහුට කැම්පස් එකේදී තිබ්බ සිංගල් ඇඳ, පාඩම් කරපු සෝෆා එක , කාපු පිඟානවගේ නොවැදගත් දේවල් එක්ක පුදුම බැඳීමක් තයෙන්නේ.


6) ඔහු ගේ ඇඳුම් නිර්මාණ

මහත්තයෝ අපි දැන් කිසියම් තත්වෙකින් ඉන්න උදවිය. ඔයා හරිම ආඩම්බර ඇති අර ඩෙනිම කපල ඔයාම හදා ගත්තු ෂෝර්ට් එක ගැන. නැත්නම් අත් කපල හදපු කමිසේ ගැන. නැහැ නැහැ. මම කියන්නේ  නැහැ එවුව කැතයි කියල. ඇත්තටම හරි ලස්සනයි. ඒත් ඉතින් එච්චර පිරිමහන්න අපට හේතුවක් නැහැ නේද?


7) CD කන්ද

යම් තරමක හොඳ CD ප්‍රමාණයක් ගෙදර තියන එකට නෝනා කැමති. හැබැයි අර ලොකු කන්ද නෙවෙයි. අවුරුදු ගානක් එකතු කරලා හැම තැනම දාල තියෙන එවුවගෙන් එකක් වත් අඩු වෙනවට මහත්තය සතුටු නැහැ. මොනවා කරන්නද එයාගේ සතුටනේ…


8) බැගී කලිසම් ටික

ඔව් එවුව ඒ දවස් වල ඔයාට ලස්සනයි. හැබැයි දැන් නම් එවුවා පරණ විලාසිතා. ඔහු මෙවුව අඳින්නෙත් නැහැ. විසික් කරන්නෙත් නැහැ. ලෝභයි. කරන්න දෙයක් නැහැ. අල්මාරිය පිරෙනවා අනවශ්‍ය ඇඳුම් වලින්.


9) පත්තර, මැගසින් කන්ද

කවදාවත් කියවන්නේ නැහැ. නමුත් විසික් කරන්න දෙන්නෙත් නැහැ. ඇහුවොත් කියයි අපෝ මගේ වටිනා ආර්ටිකල් ගොඩක් තියනවා කියල. නෝනා බලාගෙන ඉන්නේ මේ ටිකත් කවද හරි එපා වෙයි කියල…

මහත්තුරු නම් කොහෙත් මෙහෙමයි. ඉතින් මොනවා කරන්නද? අපි දුකෙන් හරි මේ ජරාව එක්ක ජීවත් වෙන්න හිත හදා ගමු.

SHARE

NO COMMENTS

LEAVE A REPLY