ඉණිමං වලින් කරන්න පුළුවන් වැඩ 6 ක්

නින රිලවුන්ට ඉණිමං බඳින්න හොඳ නැහැ කියලා කතාවක් අහල තියෙනව නේද ?
අද කියන්න යන දේටත් මේ කතාව කිට්ටුවෙන් යනවා.
මේ කියන්න යන්නෙ රිලවු ගැන නෙමෙයි ඉණිමං ගැන.
ඉණිමං කියන්නේ උසකට නගින්න පාවිච්චි කරන දෙයක් නේ.හැබැයි මේ ඉනිමං උඩ නගිනවා වගේම, ඉතා වෙනස් වැඩ කීපෙකටම පාවිච්චි කරන්න පුළුවන්.


fb- like-beg

1. මල් පෝච්චි රාක්කයක්.

මේ වැඩේට නම් ඉතින් හොඳ ඇලුමිනියම් ඉනිමඟක්. පාට පාට මල් හිටවපු පෝච්චි මේ ඉනිමඟ දිගේ හරි ලස්සනට අසුරන්න ඔයාට පුළුවන් වෙයි. අනික ඉනිමඟ ඇලුමිනියම් නිසා මල් පෝච්චිවලට දාන වතුරට දිරන්නෙත් නෑ.

ටිකක් කලාකාමී ඇහැකින් බලල මල් පෝච්චි ටික මේ ඉනිමඟ දිගේ අඩුක් කෙරුවොත් ඉතින් කියල වැඩක් කතා පොතක වාගේ ලස්සන මල් උයනක් පොඩි ඉඩක මවාගන්න පුළුවන්.


2. ඕකිඩ් වවමු

ටිකක් පරණ උණ බම්බු ඉනිමඟක් ද තියෙන්නේ? එහෙනම් ඔයාට තියෙනවා ඕකිඩ් වවන්න කියාපු තැනක්.

මේ ඉනිමඟේ උණ බම්බුවල සිදුරු ටිකක් විදගන්න. දැන් මේ ඉනිමඟ, ටිකක් ශක්තිමත් කණු දෙකක හරස් අතට ගටගහන්නයි හදන්නේ අපි. මේ කණු දෙක විදිහට ගෙදර තියෙනවනම් පරණ කම්බි කණු දෙකක් ගත්තත් කමක් නෑ.

දැන් අර විදගත්ත සිදුරුවල ඕකිඩ් පෝච්චි ටික සීරුවට එල්ලන්න.

ටිකෙන් ටික මුල් ඇදෙන ඕකිඩ්වලට මේ උණ බම්බු ඉනිමඟ කදිමයි.


3. මල් ආරුක්කුවක්

ඉනිමං දෙකක් ගන්න. සමාන්තරව කෙලින් අතට පොළොවේ හිටවන්න. දැන් මේ දෙකේ ඉහල කෙළවරවල් යා කරමින් තවත් ලී හෝ යකඩ බට දෙකක් බඳින්න.

දැන් එක ඉනිමඟක පොලොව කෙලවරේ වැල් වශයෙන් ඇදෙන මල් පැලයක් පැල කරන්න.

සති කිහිපයක් යද්දී මල් මල් ආරුක්කුවක් ලැබෙයි.


4. ගේ ඇතුලට ඉනිමං

ඕනෑම ගෙදරක තියෙන, දුවිලි රැස්වෙන දෙයක් තමයි ඇඳුම් රාක්ක කියන්නේ. මේ කියන්න යන්නේ ලී ඉනිමඟකින් දුවිලි එකතු නොවන ලස්සන ඇඳුම් රක්කයක් හදන විදිහ.

ඉනිමඟ අරන් ඒක පිළිවෙලට පාට කරගන්න.දැන් මේ ඉනිමඟ දිග අතට බිත්තියක සවි කරන්නයි යන්නේ. ඉනිමඟේ ගරාදි පොළොවට සමාන්තරවයි තියෙන්න ඕන.

දැන් ඔබට පුළුවන් මැදපු කමිස එහෙම පොඩි නොවෙන්න පිලිවලට එල්ලන්න පුළුවන් ලස්සන ඇඳුම් රාක්කයක්


5. පොත් රාක්කෙකුත්

කලින් ඇඳුම් රාක්කෙ හදද්දී බිත්තියට සවි කළ ඉනිමඟේ ගරාදි තිබ්බේ පොළොවට සමාන්තරව නේ.

දැන් මේ ඉනිමඟ බිත්තියේ සවි කරන්න ඕන ඉනිමඟේ ගරාදි බිත්තියට සමාන්තරව තියෙන විදිහටයි.

මේ ඉනිමඟේ ඔබට පුළුවන් නියමෙට ම පොත් අසුරන්න.


6. රාක්ක, රාක්ක

ඇලුමිනියම් ඉනිමඟක් දිග හැරලා තියන්න. දැන් ඒ ඉනිමන්ගේ ගරාදි අතරින් පැතලි ලී හෝ ඝනකම කාඩ්බෝඩ් ලෑලි තැන්පත් කරන්න.

විසිතුරු භාණ්ඩ, පින්තූර, ඒ වගේම කුස්සියේ බඩු තියන්න අන්නත් මේ රාක්කෙ මරු.

මේ කිව්වේ ඉනිමංවලින් කරන්න පුළුවන් දේවල් කිහිපයක් විතරයි. නිර්මානශිලිත්වය පාවිච්චි කරලා තව තව දේවල් අත්හදා බලන්න ඔයාට පුළුවන්. මේ ඉනිමං බැන්දේ අන්න ඒකට පාර කියන්නයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY