කාන්තාවක් ලෙස ආත්ම අභිමානය වැඩි කර ගන්නේ කොහොමද?

1) ඔබට උවමනා මොහොතේදී සතුට විඳ ගන්න.


ඔබට ආත්ම විශ්වාසය ඇති කර ගත යුතු මොහොතකදී , ඔබේ සිතේ සතුටක් ඇති කරවන දේවල් තුනක් මතකයට නගා ගන්න. මෙය ඔබේ ජයග්‍රහනයක මතකයක්, ප්‍රියතම සංගීත ඛණ්ඩයක්, නිවාඩුවක ලද සිහිවටනයක්, ඔබ ආදරය කරන කෙනෙකුගේ චායා රූපයක් විය හැකියි. ඔබේ ආත්ම විශ්වාසය වැඩි කර ගත යුතු මොහොතකදී සතුටු දායක දෙයක් මතකයට නගා ගැනීමට පුහුණු විය යුතුයි. මෙය එදිනෙදා ජීවිතයේදී ඉතාම වැදගත් හැකියාවක්.


fb- like-beg

2) නිරන්තරවම ලස්සනට ඇඳුම් අඳින්න.


ගැලපෙන ලස්සන ඇඳුම් ආයිත්තම් පළදින්න. අවස්ථාවට සුදුසු ලෙස makeup කරන්න. කාන්තාවක් ලෙස නිතරම ප්‍රිය මනාප පෙනුමක් ඇති කර ගන්න.
එය අන් අයගේ ප්‍රසාදයට වඩා ඔබේ ආත්ම විශ්වාසය ජනිත කරවන්නට හේතුවක් වේවි. අන් අයටත් ඔබේ දර්ශනය නෙතට ප්‍රිය දසුනක් වේවි.


3) සමබර ආර්ථිකයක්


ඔබේ ආදායමට සරිලන ලෙස වියදම් කරන්න. නුවමනා දේවල් වලට අනවශ්‍ය වියදම් කිරීමන් වලකින්න. නය බර වගේ ගැටළු ඔබේ මානසික නිරෝගී කම සම්පූර්ණයෙන් නැති කරනවා. හැම විටම ඉතුරුම් ලෙස කොටසක් හදිස්සියකදී පරිහරණය කිරීමට ළඟ තබා ගන්න.


4) ධනාත්මක චින්තනය


ජීවිතේ කියන්නේ ජයග්‍රහණ, පරාජය සියල්ලම කැටි වුන දෙයක් . කිසිවක් ස්ථිර නැහැ. මොන හැල හැප්පීම යටතේ උනත් ඔබේ ආකල්ප සුභවාදීව තබා ගත යුතුයි. ලෝකයේ විශිෂ්ටත්වය පත් වුන හැම කාන්තාවක්ම නොයෙක් කරදර බාධක වලට මුහුණ දුන්න උදවිය. එවුවගෙන් සැලුනා නම් ඔවුන් කවදාවත් ශ්‍රේෂ්ටත්වයට ලඟා වෙන්නේ නැහැ.


5) හොඳ ආකල්ප ඇති මිතුරන් පමණක් ඇසුරු කරන්න.


නරක ආකල්ප ඇති මිනිස්සු ඔබේ ජීවිතේට දෙන්නේ නරක මිසක් හොඳ නෙවෙයි. ඔවුන්ගේ නරක සිතිවිලි , ක්‍රියා සහ වචන නිසා ඔබේ ආත්ම අභිමානය පලුදු වෙනවා. හොඳ ආකල්ප ඇති මිනිස්සු ඇසුරු කරද්දී ඔවුන්ගේ හොඳ අදහස් ඉබේම ඔබේ ජීවිතේටත් එකතු වෙනවා. එය නිතැනින්ම ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරවන්නක්.


6) විවේචන පිළිබඳව සැලකිලිමත් වෙන්න එපා.


බොහෝ දෙනෙක් ඔබේ දියුණුව වලක්වන්න නොයෙක් විවේචන කරාවි. නමුත් ඔබ මතක තබා ගත යුතුයි හරි දේ කරන කෙනා බොහෝ වෙලාවට ඉරිසියා කාරයන්ගේ විවේචන වලට ගොදුරු වෙන බව. ඔබත් ඔබේ වැරදි පිළිබඳව පමණට වඩා විවේචනාත්මක වෙන්න එපා. වැරදි කියන්නේ මනුස්ස ජීවිතේ නැතිවම බැරි අංගයක්. ඔබේ එක වරදක් මතක් වෙන විට, ඔබ තුල ඇති හරි දේවල් මතක් කර ගන්න. එය ඔබේ ආත්ම විශ්වාසයට මනා රුකුලක් වේවි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY