ළඟදී රියදුරු නෝනෙක් වෙන්නද හිතාන ඉන්නේ?

කාන්තා රියදුරන් පිලිබඳව නොයෙකුත් විහිලු තහළු, මැසිවිලි , දෝශාරෝපණ ඔබත් අනේකවාරයක් අසා ඇතුවා නිසැකය.බොහෝමයක් කාන්තා රියදුරන්ගේ රිය පැදවීම ඇත්තටම දෝශ සහිත නොවුනත් සමහර කන්තාවන්ගේ රිය පැදවීම දුටුවාම මේ කියන උසුළු විසුළු කතාන්දර සීයට දෙසීයක් ඇත්තයි කියලා හිතෙන අවස්ථාත් නැතුවාම නෙවෙයි.ඉතිං අපි මේ කියන්න හදන්නේ ගෑණු පිරිමි කාට උනත් තමන්ගේ රිය පැදවීමේ හැකියාව මුවහත් කරගන්න පුළුවන් සරල ඉඟි ටිකක්.ලඟදි ලයිසන් ගන්න හිතාගෙන , එහෙමත් නැත්තන් ලයිසනුත් අරන් තමුන්ගේම කියලා පුංච් වන්ඩියක් පාරට දාන්න බලාගෙන අපේ රියදුරු නෝනලාට මේ ඉඟි ටික කියවලාම සුක්කානම අතට ගත්තොත් කාගෙන්වත් කතා නාහ බොහොම උජාරුවට වාහනේ එලවන් යන්න පුළුවන් වෙයි.


fb- like-beg

  • නිවැරදි රියදුරු උපදේශකවරයෙක්


ඔබ රිය පදවන්න ඉගැන්වීම සඳහා ඔබේ සැමියාට හෝ පියාට උපදේශක තනතුරක් දෙන්න හිතාගෙන ඉන්නවනම් ඒ ගැන වරක් දෙවරක් නෙවෙයි තුන් හතර වරක් වත් සිතා බලන්න.මොකද නිවැරදි රියදුරු පුහුණුවක් ලැබීමට නම් හොඳ ඉවසිලිවන්ත මාර්ගෝපදේශකයෙක් අනිවාර්යෙන්ම අවශ්යයි.ඉතින් වෘත්තිමය උපදේශකවරයෙක් කියන්නේ මේ කාර්යභාරය ඉතා වගකීමෙන් කරන්න පුහුණුවක් ලැබූ කෙනෙක්. වැඩේට සුදුසුම කෙනා ලවා වැඩේ කරගන්නවා නම් නේ සාර්ථක ප්රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්.වැරදි උපදේශනය හේතුවෙන් ඔබට සුක්කානමකට ජීවිත කාලේටම අතගහන්න එපා වෙන්න පුළුවන්.අනික් වැදගත්ම දේ තමයි ඔන කොච්චර ඉවසිලි වන්තද කියන එක.ඔබටත් හොඳ ඉවසීමක් නැත්තම් කවදාවත් හොඳ රියදුරෙක් වෙන්න බෑ කියලත් හොඳින් මතක තියා ගන්න.


  • හැකිතාක් රිය පදවන්න


ඔබත් රියදුරු බලපත්රය ගන්නකං විතර ලර්නස් ගිහින් වාහන පදවලා පස්සේ සුක්කානම පලාතවත් නොබලා හොඳ රියදුරෙක් වෙන්න හිතාන ඉන්නවනම් ඒක කරගන්න වෙන්නේ ඉතිං හීනෙන් තමයි.අනික් හැමදේටම වගේම රිය පැදවීමත් ප්රගුන වෙන්නේ නිතර නිතර පුහුනු වීම තුලින් විතරමයි.ඒ නිසා හැකි සෑම විටම රිය පදවන්න උත්සහා කරන්න.ඇතැම් විට මේ කාලේ වාහනයක් පාරට දානවට වඩා පොදු ප්රවාහන සේවයක ගමන ලාභදායි බව ඔබට හිතේවි.එහෙම උනත් ඔබගේ රිය පැදවීමේ හැකියාව පිලිබඳව ඔබටම හොඳ විශ්වාසයක් ඇති වනතුරු හැකි සෑම විටකදීම සුක්කානම අතට ගන්නවා නම් ඔබට ඉක්මනින්ම හොඳ රියදුරෙකු වෙන්න හැකිවේවි.


  • පාකිං අවුල්ද?


බොහෝමයක් කාන්ත රියදුරන් මුහුණපාන ගැටළුවක් තමයි වාහනය හරියට ගාල් කරගන්න නැත්නම් සරලව කීවුවොත් පාර්ක් කරගන්න ඇති නොහැකියාව.ඔබ දන්නවාද බොහෝමයක් කාන්තාවන්ට අවකාශය ගනනය කරගන්න අපහසු බව විද්යාත්මකව ඔප්පු වෙලා තියනවා.කාන්තා රියදුරන් බහුතරයක් රථ ගාල් වලදී අපහසුතාවයන්ට පත් වීමට මෙයත් එක් හේතුවක්.ඒත් එහෙම උනා කියලා අපට වාහනය ගාල් කරන්න වෙනම කෙනෙක් අරන් යන්න බෑනේ.ඉතිං ඔබටත් පාකිං අවුල් නම් ඒකටත් කරන්න තියන එකම දේ තමයි පුහුණුව.නැවත නැවත පුහුණුව තුලින් ඔබටත් මේ අපහසුතාවය මගහරවා ගන්න පුළුවන්.නිවාඩු පාඩු වෙලාවක වාහනේත් අරන් යන්න තනියම එළියට.කවුරුත් දකී කියලා හිතට අවුල් නම් පදිංචි දිහායින් පොඩ්ඩක් ඈතට යන්න.විවිද විවිද ඉඩ තියෙන ස්ථාන , රථ ගාල් හොයාගෙන ඔබට ඇති තරම් වතාවක් වාහනය පාර්ක් කරන්න රිවර්ස් කරන්න පුහුණු වෙන්න.සහතිකවම වැඩේ ගොඩ කියලා ඔබට සීයට දිසීයක් ඒත්තු යනකම්ම ඇති තරම් නොකඩවා පුහුණු වෙන්න.ඔබේ වාහනයටත් තව අමතර වියදමක් දරලා රිවර්ස් කැමරාවක් , ගාල් කිරිමේ සංවේදකයක් සවි කරගන්න හැකියාවක් ඇත්නම් එය ඔබට පසුවක් වනවා නිසැකයි.නමුත් හොඳින් මතක තබා ගන්න ඔබට කිසිඳු සහයක් නැතිව ඔබේ රථය තනිවම ගාල් කර ගැනීමේ හැකියාව අනිවාර්යෙන් තිබිය යුතු බව.


  • බය බය කරගන්න


විවිද හේතුන් නිසා සිදු වූ රිය අනතුරු ගැන ඔබ අනන්තවත් අසා ඇති.ඒ නිසාම ඔබ සුක්කනමට අත තබන්නේම බියෙන් කලබල වූ මනසකින් විය හැකියි.තමාගේ රිය පැදව්විම පිලිබඳ අවිශ්වාසයෙන් හා කලබලයෙන් වාහනයට ගොඩ වන ඔබ තරම්, ඔබට අනතුරක් සිදුවීමට වෙනත් හේතු මේ ලෝකෙම නෑ.ඒ නිසා හැම විටම සැහැල්ලුවෙන් රථයට ගොඩ වෙන්න.ඔබ අතින් වරදක් සිදු උනත් කලබල වෙන්න එපා.වරදක් සිදු උන් බව වහා වටහා ගන්න.අවශ්ය නම් සමාව ගන්න.තවදුරටත් ඒ සිදුවීමේ එල්ලි ඉන්න එපා.ඒ හේතුවෙන් ඔබෙ අව්දානය ගිලිහී යා හැකියි.රථ පෝලිමේ ඉඳන් බොරුවට හෝන් ගහන කලබල කාරයින් නොසලකා හරින්න.ඔබේ ධාවනය පිලිබඳ අවදානයෙන් ඒ වගේම සැහැල්ලුවෙන් ඔබේ ගමන යන්න.


  • අවදානම් අඩු කරන අවධානය


ඔබගේ වාහනයත් පාරට දැමූ පසු පාරේ ගමන් කරන්නේ ඔබ විතරක් නොවන බව හොඳින් මතක තියා ගන්න.ඔබ අවට සිටින මිනිසුන් මෙන්ම අනෙකුත් වාහන පිලිබඳව මනා සැලකිල්ලෙන් පසු වන්න.ඝෝශාකාරි සංගීතය, දිගු දුරකතන සංවාද සෑම විටම ඈත තිබෙන අනතුරු වලට ලඟට අත වනවා.කිසි විටෙකත් සංඥා එළි මාරු වෙනකම් බලාගෙන ඉන්න විරාමය මේකප් කරන්න, කෙස් සකසා ගන්න හෝ වෙනත් රූපලාවන්ය වැඩ සඳහා වෙන් කර ගන්න එපා.සෑම විටම මාර්ග නීති වලට යටත්ව වේග සීමා නොයික්මවා ඔබගේ රථය ධාවනයට සැලකිලිමත් වන්න.
හොඳින් මතක තියා ගනන.නිවරදි උපදේශනය, ඉවසීම , අවධානය සහ නැවත නැවත පුහුණු වීම ඕනම කෙනෙක් හොඳ රියදුරෙකු බවට පත් කරාවි.එතනට ලඟාවීම සඳාහා ඔබ ඔබටම ප්රමාණවත් සාධාරණ කාලයක් ලබා දෙන්න.කැප වෙන්න.ඔබට හොඳ රියදුරෙක් වෙන්න පුළුවන් හොඳම සහ එකම මඟ ඒකයි

SHARE

NO COMMENTS

LEAVE A REPLY