ඉස්සෝ : කටට කෙල උනන සිංහල ක්‍රම 5 කට හදමුද?

ස්සෝ කියන්නේ කාගේත් ප්‍රියතම ආහාරයක්. සිංහල ක්‍රමයට ඉස්සෝ හදන විදිහවල් ගොඩක් තියනවා. එතනින් විශේෂම වට්ටෝරු පහක් ඔබට තේරුවා. හදල බලල අපිටත් කියන්නකෝ.


fb- like-beg

1)  ඉස්සන් තෙම්පරාදුව


අවශ්‍ය ද්‍රව්‍ය :-

ඉස්සන් ග්‍රෑම් 500 යි
දෙහි යුෂ මේස හැඳි 1 යි
රතු ළූණු ග්‍රෑම් 100 යි
අමුමිරිස් කරල් 5 යි
ගොරක කැබලි 2 යි
කෑලි මිරිස් මේස හැඳි 3 යි
මුරුංගා කොළ ටිකක්
පොල් තෙල් ස්වල්පයක්
ලුණු කුඩු
රම්පෙ, කරපිංචා

සාදන ක්‍රමය :-

ඉස්සන් හොඳින් සෝදා ලුණු සහ ගොරක දමා තම්බා ගන්න.
ඉස්සන් හොඳින් තැම්බුන පසු තෙල් ලිප තබා බැද ගන්න. මදක් බැදෙන විට ළූණු , මුරුංගා කොළ , මිරිස් , රම්පා, කරපිංචා එක් කර කලවම් කරගන්න.
හොඳින් බැදුණු පසු ලුණු පදම බලා දෙහි යුෂ එක් කර ලිපෙන් බා ගන්න.


2)  ඉස්සන් කිරි හොදි


අවශ්‍ය ද්‍රව්‍ය :-

ඉස්සන් ග්‍රෑම් 500
කහ කුඩු
අඹරා ගත් අබ තේ හැඳි 1 යි
බැදගත් උළුහාල් ස්වල්පයක්
රතුලූණු ගෙඩි 3 යි
දෙහි යුෂ මේස හැඳි 1 යි
ඉදුණු මිරිස් කරල් 2
ගොරක කැබලි 3
පොල් කිරි කෝප්ප 5 යි
අඹරා ගත් තුනපහ කුඩු තේ හැඳි 1 යි
මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු, රම්පෙ, කරපිංචා

සාදන ක්‍රමය :-

ඉස්සන් සෝදා අවශ්‍ය නම් පමණක් පොතු ඉවත්කර බඳුනකට දමන්න. දෙහි, අබ, කහ හැර අනෙක් සියලුම කළමනා දමා වතුර කෝප්ප තුනක් පමණ දමා ලිප තබන්න.
ඉස්සන් තම්බුන පසු පොල් කිරි වලට ඉතුරු කර ගත් කහ, අබ , දෙහි ඇඹුල් යොදා වක්කරන්න.
හොද්දේ කිරි කැටි නොගැසෙන්නට , හොඳින් හැඳි ගා ලුණු ඇඹුල් බලා ලිපෙන් ඉවතට බා ගන්න.
වඩා රසවත් කිරීමට හොද්ද උයන විට මුරුංගා කොළ ස්වල්පයක් එකතු කරන්න


3)  ඉස්සෝ බැදුම


අවශ්‍ය ද්‍රව්‍ය :-

ඉස්සන් ග්‍රෑම් 500යි
විස්කෝතු කුඩු ග්‍රෑම් 250 යි
බිත්තර 1
පාන් පිටි ග්‍රෑම් 100
විනාකිරි මේස හැඳි 2 යි
කහ කුඩු
ගම්මිරිස් කුඩු
ලුණු
පොල් තෙල්

සාදන ක්‍රමය :-

වල්ගය ඉතිරි වන සේ ඉස්සන් පොතු ගලවා සෝදා වතුර බේරා භාජනයකට ගන්න. ඉන්පසු එයට ලුණු , කහ. ගම්මිරිස් සහ විනාකිරි යොදා පැයක් පමණ තබන්න. පසුව ඉස්සන් ටූත් පික් වල ගසන්න.
පාන් පිටි වල ඉස්සන් දවටා ගසාගත් බිත්තර සාරු වල ඔබා විස්කෝතු කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න


4)  ඉස්සෝ සම්බෝල


අවශ්‍ය ද්‍රව්‍ය :-

ඉස්සන් ග්‍රෑම් 500
රට ළූණු ග්‍රෑම් 250
දෙහි ගෙඩි 1
කහ කුඩු
ඉදුණු මිරිස් කරල් 2
විනාකිරි
ගම්මිරිස් කුඩු
ඉදුණ තක්කාලි
උම්බලකඩ කුඩු
ලුණු කුඩු

සාදන ක්‍රමය :-

ඉස්සන් ඔලු ගලවා ශුද්ධ කර සෝදා කහ සහ ලුණු දමා වතුර ස්වල්පයක් වක් කොට තම්බා පොතු ගලවා ගන්න.
අමු මිරිස් සිහින් කර ලියා ගන්න. රටලූණු පෙති ගසා දීසියකට දමා ගන්න. එයට ගම්මිරිස් කුඩු, විනාකිරි, දෙහි ලුණු ආදී කළමනා දමා අනා ඉස්සන් සහ තක්කාලි පෙති කලවම් කර ගන්න.


5)  ඉස්සෝ ඉස්ටුව


අවශ්‍ය ද්‍රව්‍ය :-

ඉස්සන් 10 යි
ලියාගත් රට ළූණු ග්‍රෑම් 500
අමු මිරිස් කරල් 2
සුදු ළූණු බික් 3 ( තලා ගත් )
ලියාගත් රතු ළූණු ගෙඩි 2 යි
ඉඟුරු පෙති 3 ( තලා ගත් )
කහ කුඩු
මිරිස් කුඩු මේස හැඳි 1 යි
ගම්මිරිස් කුඩු මේස හැඳි 1 යි
කුරුඳු පොතු කැබලි 1 යි
කොර්න් පිටි මේස හැඳි 1 යි
දෙහි ගෙඩි 1 යි
ටූත් පික් 10 යි
ලුණු, පොල් තෙල්
රම්පෙ , කරපිංචා

සාදන ක්‍රමය :-

ඉස්සන්ගේ වලිගය හා අඬු ඉතිරි වන සේ ඔලු ගලවා සෝදන්න. අවශ්‍ය නම් පොතුත් ගලවන්න.
ටූත් පික් ඉස්සාගේ දිග අතට සවි කර ගැනීමෙන් ඔලු අවශ්‍ය නම් සවි කර ගත හැකියි. මෙසේ ටූත් පික් ගසා ගත් විට ඉස්සන් හැකිළෙන්නේ නැත.
මෙසේ සකස් කර ගත ඉස්සන් , බඳුනකට ගෙන රට ළූණු සහ කෝන් පිටි හැර අනෙක් සියලු කළමනා දමා වතුර කෝප්ප තුනක් එක්කර ලිප තබන්න. බඳුනකට තෙල් ස්වල්පයක් වක් කර රට ළූණු තෙලට දමන්න. ළූණු තම්බීගෙන එන විට ඉස්සන් එයට දමන්න.
ඉන්පසු ගොරක ඉවත් කර ඉතිරි ඉස්ම වලට කෝන් පිටි එක් කර ඉස්සන් තෙලෙන් හොඳින් තම්බුන පසු මිශ්‍රණය එයට එක් කර පිස ගන්න.

SHARE

NO COMMENTS

LEAVE A REPLY