පෑනෙන් ලෝකය දිනූ තනිකඩ අම්මා ( J.K .Rowling)

ලෝකයේ වැඩියෙන්ම විකිණුන හැරී පෝටර් කතා මාලාව ලිවුව J. K රෝලින්ග් කියන්නේ ශ්‍රී ලංකාවෙත් ජනප්‍රිය චරිතයක්. අද වන විට ලෝකයේ ඉන්න ධනවත්ම කාන්තාවක් වන මේ ලේඛිකාව ආව ගමන් මග ඔබ දන්නේ නැතුව ඇති. ජීවිතේ අන්තෙටම වැටිලා ඉන්න අතරේ උනත් තමනගේ සිහිනය කරා දැඩි අධිෂ්ටානයෙන් හඹා ගියපු ඇය අවසානයේ ලෝක ප්‍රසිද්ධ චරිතයක් වුනා. ඇයගේ කතාව goodhousekeeping.lk කියවන ඔබ හැමෝටම ගොඩක් වැදගත් වේවි.


fb- like-beg

කැඩුන බිඳුන ජීවිතය

මේ ලෝක ප්‍රසිද්ධ ලේඛිකාව ඉපදුනේ එංගලන්තයේ Gloucestershire ප්‍රාන්තයේදී 1965 ජූලි 31 වන දා. ඇගේ දෙමාපියන් හොඳ අධ්‍යාපනයක් ලැබූ අය වුනත් අගේ ළමා කාලය එතරම් සුන්දර වුනේ නැහැ. මවගේ පිළිකා රෝගයත්, පියාගේ නොසැලකිල්ලත් නිසා ඔවුන් අතර සමගිය පලුදු වුනා. නමුත් ඇය ඉංග්‍රීසි භාෂාවට ඉතාම දක්ෂ දැරියක් බව ඇගේ කුඩා කල ඉගැන්වූ ගුරුවරු පවසනවා. මේ පවුල් පරිසරේදී මුලින්ම ඇය කතා කියන්නට පටන් ගත්තේ ඇගේම කුඩා නංගිට.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ පෘතුගාලය ට සංක්‍රමණය වන ඇය රූපවාහිනි මාධ්‍යවේදියෙකු වූ Jorge Arantes නැමැත්තා සමග විවාහ වෙනවා. එතකොට ඇගේ වයස 27 යි.

1993 ජූලි 27 වනදා ඇගේ පළමු දියණිය වුන Jessica Isabel Rowling Aranteස් මෙලොවට බිහි වෙන අතර දියණියට මාස හතරේදී ඇය සැමියාගෙන් වෙන් වෙනවා. ගෙදරදී නිරන්තරව සැමියාගේ හිංසනයට ලක් වෙන ඇය අවසානයේ අතේ සතයක් නැතිව, රැකියාවක් නැතිව ළදරු දියණිය කරපින්නාගෙන තමාගේ රට වුන එංගලන්තය බලා යනවා.

එහිදී තමන්ගේ සහෝදරිය සමීපයේ Edinburgh ප්‍රදේශයේ පදිංචි වන ඇය තමාට ඇති මානසික අවපීඩනය ( clinical depression) නිසා සමාජ සුභසාධන අරමුදලෙන් ජීවිතේ ගැටගහ ගන්නවා.


 හැරී පෝටර් “ Harry Potter” පොත් මාලාව

ඇයට පළමුව මේ පොත පිළිබඳව අදහස පහල වෙන්නේ 1990 දී මැන්චෙස්ටර් දුම්රිය පොලේ පැය හතරක කොච්චි ප්‍රමාදය නිසා බලාගෙන ඉද්දි. මවගේ මරණය වන විට ඒහි චේද තුනක් අවසන් කර තිබුනා.
කොහොම නමුත් තමාගේ ජීවිතේ වේදනා , අහිමිවීම්, පරතික්ෂේප කිරීම්, හිංසනයට ලක්වීම් සියල්ලම ඇය ඉතාම තාත්විකව සහ ආකර්ශනීය ලෙස සිය පෑන් තුඩින් හැරී ගේ චරිතය හරහා එලියට ගෙනෙනවා.
එම පොතේ ඉන්න යක්ෂයන් , රාක්ෂයන් යනු මානසික අවපීඩනයෙන් ( depression) පෙලෙන ඇගේම සිත බව විචාරකයෝ පවසනවා.
පසුව රෝගීව , බිලිඳු දරුවෙක් සමග සමාජ සුභාසධානයෙන් යැපෙමින් නොපසුබස්නා උත්සාහයෙන් යුතුව පොත රචනා කරනවා. ඇය බොහෝ විට මේ පොත ලිවුවේ අහාර ගන්නා ස්ථාන වලදී. ඒකට එක හේතුවක් හීටර් නැති ගෙදර සීතලෙන් පලා යාම සහ ඇවිදින්නට එලියට යද්දී දරුවා මහන්සියට සහ ආපන ශාලාවේ රස්නෙට පහසුවෙන් නින්දට වැටීම.


ප්‍රකාශකයෝ 12 ක් කුණු බක්කියට විසි කළ විශිෂ්ටම ළමා නවකතාව

ලියා ඉවර කිරීමෙන් පස්සේ ඇය ප්‍රකාශකයෝ හොයා ගියත් පළමු 12 දෙනා මගින්ම එක පාරෙන් ප්‍රතික්ෂේප වුනා. ඇයට පවුම් 1500 ක් දීල පළමු මුද්‍රණය පටන් ගත්තේ Barry Cunningham නම් ප්‍රකාශකයා. එයට හේතු වුනේ ඔහුගේ අට හැවිරිදි දුවගේ පෙරෙත්ත කිරීමයි.


ඇය සොයා පැමිණි ධනය සහ කීර්තිය

පසුව මේ නවකතාව පිටපත් මිලියන ගණනින් අලෙවි වුනා. ධනය කීර්තිය ඇය සොයා පැමිණියා. සම්මාන පිට සම්මාන ලැබුණා. ලෝකයේ ධනවත්ම කාන්තාවන් අතරින් එක් කෙනක් වුනා. ඇගේ කතා චිත්‍රපට වලට නැගුනා. එදා මෙදා තුර ලෝකයේ පහල වුන මහා ළමා කතා රචකාවිය ලෙස අගේ නම ඉතිහාස ගත වුනා.


සමාජයට පෙරලා දුන් ආදරය

දුකෙන් ජීවිතය ජයගත් ඇය අන් අයගේ දුක දන්නා නිසා සමාජ සුභ සාධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන් 160 ක් පමණ පරිත්‍යාග කළා. වරෙක පිළිකාවක් හැදිලා මියයන්න ආසන්න කුඩා දියණියකට ඇගේ අලුත්ම හැරී පෝටර් කතාවේ ( එතෙක් මුද්‍රණය නොවුන) විස්තර ඊ මේල් කරන්නට පවා කරුණික වුනා. මොකද මේ දරුවට අලුත් පොත බලන්න තරම් කාලයක් ජීවත් වෙන්න තිබුනේ නැහැ.


ආදරවතයා සහ දෙවන විවාහය

හදවත රිදී හුදෙකලාව ජීවත් වුන ඇයට සිය ජීවිතයේ ආදරය හිමි වෙනවා. 2001 වසරේදී ඇය නිර්වින්දන විශේෂඥ වෛද්‍ය Neil Michael Murray මහතා සමග යුග දිවියට එළඹෙනවා. තවත් දරුවන් දෙදෙනක් ලබන ඇය අදත් සිය නිවසේ සතුටින් ජීවත් වෙනවා.

ජීවිතේ හැම විටකම නොපසුබස්නා උත්සාහයෙන් ගොඩ නගා ගන්න පුළුවන් කියන්න හොඳම උදාහරණය තමයි මේ විශිෂ්ට කාන්තාව. අපිත් මේ චරිත අපේ ජීවිත වලට ලං කර ගමු.

SHARE

NO COMMENTS

LEAVE A REPLY