ගහනව නම් ටැටූ මේ ගැනත් හිතන්න සුදූ

ච්චයක් නැත්තම් ටැටූ එකක් කියන්නේ අද කාලේ සුලබ විලාසිතාවක්. දකිද්දී ලස්සන උනාට ටැටූ එකක් කරගන්නවා නම් හිතන්න ඕනි දේවල් ගොඩාක් තියෙනවා. ඉතිං ඔබටත් ලඟදී ටැටූ එකක් කර ගන්නට යැමේ සූදානමක් තිබුණා නම් මේ ලිපිය කියවලාම යන එක ඔබට පහසුවක් වේවි.


fb- like-beg

∗ පනින්න පෙර සිතා බලනු

ටැටූ එකක් කියන්නේ ඔබේ ඉදිරි ජීවිත කාලේම පවතින එකක්.බෑ හිතුනා දැන් ඇති කියලා ඇඳුම් මාරු කරනවා වගේ ටැටූ මාරු කරන්න බෑ.ඒ නිසා ටැටූ එකක් කර ගන්නවද නැද්ද කියන එක සෑහෙන්න වතාවකක් හිතලා මතලා ගන්න ඕනි තිරණයක්


∗ දැන් ඉතිං මොනවද කොටන්නේ?

හරි හිතලා මතලා කිරලා මැනලා ටැටූ එකක් කොටා ගන්නවමයි කියලා තීරණය කලා කියමුකෝ.ඊලඟට හිතන්න ඕනි තමුන් ටැටූ එක කරගන්නේ කොහේද , කර ගන්න මෝස්තරය මොකද්ද කියලා.මොකද ටැටූ එකකින් ඔබව මනින්න පුළුවන් .ඉතිං ගැලපෙන ටැටූ එකක් කර නොගත්තොත් ඉතිං පච්ච සිරා මරුවා බුදු වේවා ගැහුවා වගේ වැඩක් තමයි වෙන්නේ.මොකද ඔබ කරන රැකියාව අනුව ඇතැම් විට ඔබට හොඳින් පේන තැනක ටැටූ එකක් කරන්න බැරි වෙන්න පුළුවන්.එහෙම කරගන්න එක එච්චර ගැටළුවක් නොවුනත් කරන ටැටූ එක ඩීසන්ට් ටැටූ එකක් වෙන්න ඕනි වෙන්න පුළුවන්. මොකද ගැහුවොත් ගැහුවානේ..


∗ හැකිනම් ටැටූ එක ඔබේම කරගන්න

ඔබ දන්නවාද ටැටු කලාව උමතුවක් කරගත්තු බොහෝමයක් දෙනාගේ ඇගේ තියන හැම ටැටූ එකකටම කතාවක් තියනවා කියලා.කවුරුහරි කරලා තියනවා දැකපු පලියටම කොපි නොකර ඔබේම කියලා මෝස්තරයක් නිර්මාණය කරගන්න.දක්ෂ ටැටූ ශිල්පියෙකුට නම් ඔබේ අවශ්යතාවය පැහැදිලි කර දුන්නාම ඔබ වෙනුවෙන් ඔබේම ටැටූ එකක් නිර්මානය කරලා දෙන එක පහසු වැඩක්.


∗ හොඳ ටැටූ ශිල්පියෙකු තෝරා ගන්න

ටැටූ ශිල්පියෙක් තෝර ගන්න එක පොලෙන් පොල් ගන්න වෙළෙඳෙක් තෝර ගන්නවා වගේ එක පාර කරන්න හදන්න එපා.ඉස්සෙලාම ගැලපෙන කෙනෙක් ගැන හොයලා බලන්න.කලින් ටැටූ එකක් කර ගත්තු යාළුවෝ දෙතුන් දෙනෙක්ගේ අදහස්, එතකොට අන්තර්ජාලයේත් පොඩ්ඩක් කරක් ගහලා ඒ ඒ ටැටූ ශිල්පීන් කරලා තියන ටැටූස් වල විස්තර , ඒවට දාල තියෙන කොමෙන්ට්ස් එහෙම කියෝලා බැලුවොත් ඔබට මේ ගැන දළ අදහසක් ගන්න පුළුවන්.එහෙම කෙනෙක්ව තෝරගත්තට පස්සේ ඔහුව හමු වීමට යන්න.එහෙම ගියාම වටේටම පොඩ්ඩක් රබර් ඇහැ දාල බලන්න ඔහු එම ස්ථානය පිරිදුවට පිළිවෙලකට පවත්වාගෙන යනවද කියලා.ඔහු සමග සුහද කතා බහක නිරතවෙන්න.මොකද මේක බොහොම සීරුවට කෙරෙන කටයුත්තක් නිසා මනුස්සයාව දිරවන්නේ නැත්තං ඔහුට කියලා ටැටූ ගස්සවගන්න එක සාර්ථක නෑ.


∗ ඔන්න ඒ ඓතිහාසික දවස

ඔය කිවුව ඔක්කෝම ගොඩ දාගෙන ඔන්න දැන් ටැටූ එක ගහන්නයි හදන්නේ.ඉතිං මේ දවසේ දී ඔබ කලින් වෙන් කරගත්තු වෙලාවක් තියනවනම් හරියටම වෙලාවට හෝ පොඩ්ඩක් කලින් යන්න.ඒ වගේම හිස් බඩින් නොයා මොනාහරි කාලා යන්න. ඔබ තරමක් ලොකු ටැටූ එකක් ටිකක් වෙලා අරගෙන කරන්න යනවානම් පස්සෙ කන්න මොනාහරි අරගෙන ගියත් කමක් නෑ.විජලන තවයක් ඇති නොවෙන්න හොඳින් වතුර බොන්න.ලොකු වතුර බෝතලයක් අරගෙනත් යන්න.ටැටූ එක කරන්න පැය 24 ඇතුළත මත් පැන් හෝ මත්ද්රව්යභාවිතා කිරීමෙන් වැළකී ඉන්න.ඒ වගේම තමයි ටැටූ එක කරන්න පහසු ගැලපෙන ඇඳුමකින් සැරසීමත් ඉතාම වැදගත්.


∗ ටැටූ එකෙන් පසු

සමාන්යෙන් ටැටූ එකක් සුව වෙන්න සති 2-3 අතර කාලයක් ගන්නවා.සුව වූ පසු ලස්සනට තියෙන්නෙ ඕනි නම් මේ කාලයේ දී ඔබේ ටැටූ එක ඉතාම සැලකිල්ලෙන් බලා ගන්න වෙනවා.මේ කාලයේදී ඔබට සැර අඩු , බැක්ටීරියා නාශක සබන් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්නම් වඩාත් හොඳයි.එසේම ටැටූ වල ගැල්වීම සඳහාම නිශ්පාදිත මොයිස්චරයිසින් ක්රීම් වර්ගයක් කල් තියාම මිලදී ගන්න.එසේම ටැටූ එක හොඳින් සුව වනතුරු පිහිනීම දැඩි හිරු රශ්මියට නිරාවරනය වීමෙන් වලකින්න පුළුවන්නම් අවසානයේදී ඉතා ආකර්ශණීය පච්චයක් ජීවිතකාලය පුරාම සුන්දර සිහිවටනයක් ලෙස ඔබ ගාව ඉතිරි වේවි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY